ගොඩක් දෙනෙක්ට ඇති වන රෝගී තත්වයක් තමයි උගුරේ වේදනාවන්. මේ උගුරේ ඇති වන වේදනාවන්ට හේතුව සෙම් ගෙඩි තත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම සෙම් ගෙඩි නිසා ඇති වන තුවාල, උගුරේ තුවාල, උගුර වණවීම වැනි තත්වයන් ද හේතු වෙනවා.
සෙම් ගෙඩි ලෙස හඳුන්වන්නේ අපේ උගුරේ වසා පද්ධතිය අයිති ගැටිත්තක්. මෙහි සෙම හෝ ගෙඩියක් නම් නැහැ. හැබැයි උගුරෙන් සිරුර තුළට ඇතිවන විෂබිජ නවතා දැමීම මෙමඟින් සිදු කරනවා. මේ සෙම් ගෙඩි ඇති වන්නේ ‘Streptococcus’ නමැති බැක්ටීරියාව හේතුවෙන්. ඒ වගේම වෛරස් හේතුවෙන්ද උගුරේ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්.
රෝග ලක්ෂණ
- ඇඟපතේ වේදනාව
- උණ
- ගිලීමේ අපහසුතා
- කටහඬ වෙනස් වීම
මෙම ‘Streptococcus’ බැක්ටීරියාව ශරීරගත වීමෙන් ‘rheumatic fever හැදෙන්න පුළුවන්. එම උණ තත්වය හේතුවෙන් හෘද වස්තුවේ කපාට වගේම සන්ධිවල ආබාධයන්ද ඇති වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ සෙම් ගෙඩි ප්‍රධාහය සුළුවෙන් හිතන්න එපා. මොකද සෙම් ගෙඩි ආසාදනය වීමෙන් හෘදයේ කපාට අවට ඇති පටකවලට ද පැතිර ගොස් සැරව ගෙඩි ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට සෙම් ගෙඩි ඉවත් කරන්න ශල්‍යකර්මයක් පවා කරන්න සිදු වෙනවා.
ඒ නිසා නිතරම වගේ ඔයාගේ උගුර රිදෙනවා නම් අත්බෙහෙත් කර කර ඉන්නේ නැතුව හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. කුඩා දරුවකුට, වැඩිහිටිකුට හෝ තරුණ වයසේ පසු වන කෙනෙක්ට වසර දෙකක් හෝ එක් වසරකට 5,6 වතාවක් සෙම් ගෙඩි ඇති වන්නේ නම් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම ගොඩක් වැදගත්.



