Like
Like Love Haha Wow Sad Angry

පාන් කියන්නේ ලංකාවේ අයට නම් උදේටයි, රෑටයි දෙකටම ගැලපෙන ආහාරයක්. හැබැයි හැමදාම එකම විදියට කන පාන් අද වෙනස්ම විදිහකට කාලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 8ක්
  • Fresh milk හෝ පිටිකිරි
  • ලුණු
  • අවශ්‍ය නම් පාස්ලි කොළ ටිකක්
  • ගම්මිරිස් කුඩු
  • තම්බාගත් අල ගෙඩියක්
  • චීස් කැමති වර්ගයකින්
  • බිත්තරයක්
  • පාන් කුඩු

සාදාගන්න ආකාරය

  • පාන් පෙති වාටි ඉවත් කරලා පොඩි කෑලි වලට කඩල අරගන්න.
  • මේක රොටි පදමට අනාගන්න පුළුවන් ගාණට කිරි එකතු කරන්න.
  • මේකටම ලුණු ස්වල්පයක්, හීනියට කපාගත්ත.
  • පාස්ලි කොළ, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, පොඩි කරගත්තු අල දාල හොඳින් අනාගන්න.
  • මේ මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුම් හැඩේට පැතලි සකස් කරලා චීස් කෑල්ලක් තියලා හොඳට ගුලි කර බෝලයක් හදාගන්න.
  • පසුව එම බෝල බිත්තර සාරු වල දවටල, පාන් කුඩු තවරලා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු බැදගන්න.
    හවස තේ බොන වෙලාවට වගේම party එකකට වුණත් Bread Kiev කියන්නේ රස කෑමක්.
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here