Like
Like Love Haha Wow Sad Angry

Girl කෙනෙකුගේ ලස්සන වැඩි වෙන්න මුහුණ විතරක් සුදුවට ලස්සනට තිබිලා වැඩක් නැහැ. දෑත් දෙක ලස්සනට තියාගන්න ඕන. හැබැයි දෑත් දෙක ලස්සනට තියාගන්න උත්සහ කරන ගොඩක් girlsලට තියෙන ප්‍රශ්නයක් තමයි නියපොත්ත ඉක්මනින් කැඩීයාම. ඉතින් අද මේ කතා කරන්න යන්නේ ඉක්මනින්ම නියපොතු කැඩෙන්න බලපාන හේතු සහ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් සත්කාර මොනවද කියලා.

නියපොතු කැඩීයාමට බලපාන හේතු

  • ඔයාට නිතරම වතුර එක්ක ගනුදෙනු කරන්න වෙනවා. රෙදි සේදීම, භාජන සේදීම වගේ ක්‍රියාකාරකම් නිසා නියපොතු වල නිරන්තර තෙත් ගතියක් ඇතිවීම නියපොතු කැඩීමට හේතුවක් වෙනවා.
  • ගෙදරදොරේ වැඩ වලදී ගොඩක් වෙලාවට නියපොතු වල රසායනික ද්‍රව්‍ය තැවරෙනවා.එමඟින් නියපොතු කැඩීයාමට ලක්වෙනවා. නිතර භාවිතා කරන සේදුම්කාරක, වගේම විවිධ රසායනික විෂබීජ නාශක දියර මඟිනුත් නියපොතු වලට හානි වෙනවා.
  • ඒ, වගේම නියපොතු දිගු වීම එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක්, වැඩකිරීමේදී ඒ නියපොතු විවිධ තැන් වල වැදී තුවාල වෙන ඉඩකඩ වැඩියි.
  • බාල නිය ආලේපන ගැල්වීම නිසාත් නියපොතු වලට හානි වෙනවා. ඒ වගේම නිය ආලේපන නිතරම පාවිච්චි කිරීමත් නියපොතු වලට එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. ඒ, නිසා මුලින්ම බේස් කෝඩ් ආලේප කරලා පස්සේ නිය ආලේපන ගලවන්න. ඉන්පසුව යළි ටොප් කෝඩ් ආලේප කරන්න. නැත්නම් නියපොතු කැඩී යනවා.
  • නියපොතු කැඩී යාමට ජාන දුර්වලතා, සිරුරේ කැල්සියම් විටමින් සහ යකඩ ඌණතා ද හේතු වෙනවා.
  • පාවහන් වලට කකුල් අධික ලෙස හිර වීම නිසා කකුලේ නියපොතු වලට හානි වෙන්න පුළුවන්.

නිතර කැඩෙන නියපොතු වලට ගෙදරදීම කළ හැකි සත්කාර

  • නියපොතු ටික පිළිවෙලකට කපා නියපොතු වල කඩතොලු sahpe කරගන්න
  • ජෙලටීන් ටිකක් අරගෙන උණු වතුරට දමා ඒවා දිය වූ පසු එයට නියපොතු ටික වෙලාවක් ඔබගෙන ඉන්න
  • Cuticle creams එකක් use කරලා අනවශ්‍ය Cuticle ඉවත් කර ගැනීම.
  • Top code, base code භාවිතා නොකර කියුටෙක්ස් ගාන්න එපා.
  • හොඳම වර්ගයේ කියුටෙක්ස් එකක් භාවිතා කරන්න
  • ඔයා නිවසේ කටයුතු වල නිරත වෙද්දී හොඳ අත්වැසුම් දෙකක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

මෙම සත්කාර වලින් ඔයාගේ නියපොතු කැඩීයාම පාලනය වෙන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. මොකද ඒ විදිහට නියපොතු කැඩී යාම ඔයාගේ අයහපත් සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කරනවා වෙන්නත් පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here