Like
Like Love Haha Wow Sad Angry

සිතුවිලි, හැඟීම්, ආවේගයන් පාලනය කිරීමේ හැකියාව ඕනෑම කෙනෙක්ට තියෙනවා. සමහර වෙලාවට ඔයාගේ සිතුවිලි, හැඟීම්, ආවේගයන් පාලනය කර ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒත් සමහරු ඉන්නවා හිතට එන හැඟීම්, ආවේගයන් ප්‍රකාශ කරගන්න බැරුව හිතේ හිරකරගෙන ඉන්නවා. හැබැයි එමඟින් වෙන්නේ ඔයා ලෙඩ වෙන එක විතරයි. විශේෂයෙන්ම විෂාදය, ආතතිය වගේ මානසික රෝග, ගැටළු රැසකට මුහුණ දෙන්න සිදු වේවි. ඒ නිසා ඔයාගේ ආවේගයන් සිත තුල හිරකරගෙන ඉන්නේ නැතුව ඒවා එළියට දාන්න පුරුදු වෙන්න.

නිශ්ශබ්දව සිටිනවද?

ගොඩක් දෙනෙක් තමන්ගේ සැබෑ හැඟීම් ප්‍රකාශ කිරීමට බිය වන අවස්ථාවලදී ඉබේම නිශ්ශබ්ද වෙනවා. ඒ, මෙහිදී ඔවුන්ගේ හැඟීම් නිසා සිය සමීපතමයන් හා පවතින සම්බන්ධතා බිඳ වැටෙයි කියන බියෙන්. තවත් ගැටුමකට හෝ මතභේදයකට යාමට ඇති බිය නිසා බොහෝ දෙනෙක් මෙලෙස නිශ්ශබ්දව ඉන්න උත්සහ කරනවා.

නමුත් උතුරු ඇමෙරිකාවේ NAMS සංගමය (North American Menopause Society) මගින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඒ සඳහා ආර්තවහරණයට ආසන්නව සිටි විවාහක කාන්තාවන් 304 දෙනෙකුගේ සහභාගී කරගනු ලැබුවා.ඒ අනුව මෙලෙස සබඳතාවයකට හානි වේ යැයි සිතා සිය හැඟීම් ප්‍රකාශ නොකර සිටි කාන්තාවන් මළබද්ධය, කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම, මානසික ආතතියට ලක් වීම සහ අධික තරබාරු බවට පත් වීම වැනි සෞඛ්ය ගැටලුවලට මුහුණ දී ඇති බව අනාවරණය වුණා.

සබඳතාවලට හානි නොවන ලෙස අදහස් ප්‍රකාශ කරන්න

ඉඳලා හිටලා හඬ නගා කෑ ගසා ආවේගයන් පිට කිරීමෙන් ඔයාට ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වේවි. ඒ වගේම දිගු කාලයක් සිය ආවේග සිතේ සිරකරගෙන සිටීමෙන් සිත තුළ සෘණාත්මක ආකල්ප වැඩි වන බවද සොයාගෙන තිබෙනවා. ඒ නිසා අනෙක් අය සමඟ ඇති සබඳතාවයට හානි වේ යැයි සිතා හෝ තම ප්රතිරූපයට හානි සිදු වේ යැයි සිතා සිය ආවේගයන් සිර කරගෙන සිටීමෙන් ඔයා අසනීප වෙන්න පුළුවන්.

ඒ නිසා එවැනි අවස්ථා වලදී ඔයාගේ අදහස් ප්රකාශ කරන්න. ඔයාගේ පුංචි හරි වචනයකින් සමීපතමයෙක් අමනාප වුණොත් ඔවුන්ගෙන් සමාව අයදින්න. එවිට ඔයාගේ ඒ සම්බන්ධතාවයට හානි වීම වළක්වා ගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here