කට්ලට් කන්න නම් කවුරුත් කැමැතියි.සාමාන්‍යයෙන් ඔයා කට්ලට් හදන්නේ අලයි මාළුයි දාලානේ.හැබැයි මම අද කියන්න යන්නේ මඤ්ඤොක්කා වලින් රස කට්ලට් හදාගන්න විදිහ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය

- මඤ්ඤොක්කා 250 g
- රතුළූණු ගෙඩි 5 ක් පමණ
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3 ක්
- සිහින්ව ලියාගත් සුදුළූණු බික් 2 ක්
- පාන්පිටි 50 g
- පාන්කුඩු 75 g
- බිත්තර 1 ක්
- කහකුඩු තේ හැඳි 1/2 ක්
- ගම්මිරිස් කුඩු
- ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
- කුරුඳුපොතු
- පොල් තෙල්
සාදාගන්න ආකාරය

- හොඳට සෝදා පොතු ඉවත් කරගත් මඤ්ඤොක්කා හොඳින් තම්බලා පොඩි කරගන්න.
- පසුව වෙන භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා රත් කර ගන්න
- එය රත් වීගෙන එනවිට රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, රතුළූණු, අමුමිරිස්, සුදු ළූණු එකතු කරගන්න.
- ඉන්පසු එයට කහකුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා පොඩි කරගත් මඤ්ඤොක්කා ටික එකතු කරන්න.
- දැන් ලුණු දාලා රස බලල ලිපෙන් බාගන්න.
- ලිපෙන් බාගත්තු මිශ්‍රණය නිවෙන්න තියලා කට්ලට් බෝල හදාගන්න.
- පසුව පාන්පිටි හා බිත්තර එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න
- කට්ලට් බෝල් ඒකෙ දවටලා, පාන්කුඩු එකේ දාලා ගැඹුරු තෙලේ බැදලා ගන්න.
හැමදාම මඤ්ඤොක්කා කන්නේ උයලා.එහෙමත් නැත්නම් තම්බලා. ගොඩක් අය කැමති තම්බලා කන්න.ඒත් මේ කට්ලට් එකේ රස බලන්නකෝ.කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වනත් කදිමයි.



