ක්ෂය රෝගය එහෙමත් නැත්නම් TB කියන්නේ පෙනහළු ආශ්‍රිතව ඇති වෙන රෝගයක්.මේ රෝගය ඇති වෙන්නේ එකතරා බැක්ටීරියාවක් මඟින්.ඒ තමයි Mycobacterium tuberculosis කියන බැක්ටීරියාව.සාමන්‍යයෙන් මේ බැක්ටීරියාව හානී කරන්නේ පෙනහළු වලට වුණත් ශරීරයේ වෙනත් කොටස් වලටත් හානී සිදු කරනවා.මේ රෝගය තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන් ක්‍රම වෙන්නේ කැස්ස, කිවිසුම් යාම හෝ කතා කරන විට ක්ෂය රෝගය වාතය හරහා පැතිරීම මඟින්.ඉතින් කෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නම් මේ රෝගය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ක්ෂය රෝගයේ ලක්ෂණ

- ශරීරයේ බර අඩු වීම
- සති 03කට වැඩි කාලයක් පවතින් අධික කැස්ස
- ආහාර අරුචිය
- උණ
- රාත්‍රී කාලයේදී දහදිය දැමීම
- නිතරම මහන්සිය දැනීම
- රුධිරය හෝ සෙම සහිත කැස්ස
- පපුවේ වේදනාව
- කෑම අරුචිය
ක්‍ෂය රෝගය සෑදීමට හේතු

- අපිරිසිඳු වාතය ඇති ස්ථානවල ජීවත්වීම
- ආහාර මදකම හා දුෂ්පෝෂණය
- අධික මත්පැන් පානය
- අධික ලෙස වෙහෙසීම
රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ

- Sputum culture
- Acid-Fast Bacillus (AFB)
- Tuberculin Skin Testing
- Chest X-Ray
- Tuberculosis Screening
- Testing for TB
- Mantoux
ක්ෂය රෝගය වැලක්වීම සඳහා BCG එන්නත ලබා දී තිබිය යුතු වෙනවා. ගොඩක් වෙලාවට කුඩා කාලයේදී BCG එන්නත ලබා දී නොමැති දරුවන් හට ක්ෂය රෝගය වැළදීමේ අවදානමක් තියෙනවා. කොහොම වුණත් BCG එන්නත ගෙන තිබුනත් ප්‍රතිශක්තිය අඩු නම් මේ රෝගය වැළදෙන්න පුළුවන්.
ක්ෂය රෝගය සඳහා ලබා දෙන ඖෂධ සහ ප්‍රතිකාර අඛණ්ඩව සිදු කිරීමෙන් රෝගය නිට්ටාවටම සුව කර ගන්න්න පුළුවන්. හොඳින් සුව වුණාට පස්සේ සාමාන්‍ය විදිහට ජිවත් වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි
මම හිතනවා මේ දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. කොහොම වුණත් දරුවෙක් ඉපදුනාට පස්සේ අනිවාර්යයෙන්ම බලන්න BCG එන්නත විදලද කියලා. නැත්නම් අනිවාර්යයෙන්ම BCG Vaccine එක ගන්න. අනිත් කාරණාව තමයි මේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්නත් අමතක කරන්න එපා



