ඔසප් වීම කියන්නේ සෑම කාන්තාවක්ම මසකට වරක් මුහුණදෙන වේදනාත්මක ගැටළුවක්. ගොඩක් වෙලාවට ඔසප් සමයේ යෝනි පෙදෙස විවිධ ආසාත්මිකතා ඇති වෙනවා. ඒකට හේතුව තමයි භාවිතා කරන නැප්කිනයේ නිෂ්පාදන ගුණාත්මක බව අඩු වීම.සාමාන්‍යයෙන් මතුපිට රළු ස්වභාවය, උරා ගැනීමේ හැකියාව, දහදිය සහ අහිතකර ලෙස තෙතමනය රැඳීම වැනි හේතූන් නිසා ඔසප් දිනවල යෝනි පෙදෙසේ දිලීර,බැක්ටීරියා ඇති වීමෙන් කැසීම්, බිබිලි, සම ගොරෝසු වීම් මෙන්ම තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක තුවායක් තෝරා ගන්න අමතක කරන්න එපා.
අසාත්මිකතා සහ කැසීම් වළක්වාගන්නේ මෙහෙමයි
නිසි ප්‍රමිතියක් ඇති සනීපාරක්ෂක තුවා තෝරා ගන්න.

වෙළඳපොලේ තියෙන සනීපාරක්ෂක තුවායක් අරගෙන පරීක්ෂා කරලා බලන්න. සමහර Pads වලින් සම සහ Pad එක අතර වායු හුවමාරුව සිදුවෙන්නේ ඉතාම අඩුවෙන්.එවැනි සනීපාරක්ෂක තුවා ඔසප් කාලයේදී පැය ගණන් ඇඳගෙන හිටියොත් ඔයාගේ සමේ උෂ්ණත්වය ඉහළ යනවා.තෙතමනය උරාගැනීමේ හැකියාව නොමැති වූ විට විවිධ සෞඛ්‍ය ගැටළු මතු වෙන්න පුළුවන්. ඒ නිසා සනීපාරක්ෂක තුවා සෑදීමට යොදාගන්න අමුද්‍රව්‍ය ඔයාගේ සමේ pH අගයට සමානද? නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදාගන්නවා ද? SLS වැනි තත්ත්ව සහතිකය තියෙනවා ද? යන්න හොඳින් පරික්ෂා කර බලන්න.
සනීපාරක්ෂක තුවාය නිසි වෙලාවට මාරු කරන්න.

සනීපාරක්ෂක තුවාය ගොඩක් වෙලා ඇඳගෙන ඉන්න එපා. මේ ගැන නම් ඔයා ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන. මොකද වැඩි වේලාවක් සනීපාරක්ෂක තුවාය ඇඳගෙන හිටියොත් විවිධ බැක්ටීරියාවන් වර්ධනය වෙන්න පුළුවන්. දැඩි රුධිර වහනයක් සිදු නොවන අවසන් දවස් වල වුණත් වැඩි වේලාවක් ඇඳන් ඉන්න එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා අවම පැය 3 – 4කට වරක්වත් සනීපාරක්ෂක තුවාය මාරු කරන්න පුරුදු වෙන්න.
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න

ඔසප් දිනවල ආසාදන සහ කැසීම් වලට ඔරොත්තු දෙන විදිහට ඔයාගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න. ඔයාගේ ආහාර වේලට ප්‍රතිශක්තිය වැඩිකරවන යෝගට් , පලාවර්ග, ධාන්‍ය , ඇටවර්ග, සුදුළූණු සහ මාළු වගේ ආහාර වැඩි වැඩියෙන් එකතු කර ගන්න. ඒ වගේම හොඳ නින්දක් සහ ව්‍යායාම ලබාගන්න.
මෙහිදී ඇති වන සමහර තුවාල Rash එකක් කියලා හිතලා ඔයා නොසලකා ඉන්න පුළුවන්. හැබැයි ඉන් ඔයාට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම එම තත්වය දීර්ඝ කාලීනව පවතිනවා නම් ,ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ නිරෝගී බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා සනීපාරක්ෂක තුවා මිල අඩුයිද? වැඩියි ද? කියලා බලන්නේ නැතුව ඔයාට සුවපහසු සහ ප්‍රමිතියෙන් යුතු ඒවා තෝරාගන්න වග බලාගන්න.



