ඇය උපත ලබන්නේ සෝමාලියාවේ අතිශ්‍ය දුශ්කර දිළිදු පවුලකය. ඇයට වයස අවුරුදු 13 ක් වන විට ඇය නිවසින් පලා යයි. ඒ ඇයට වඩා ඉතා මහළු වයස අවුරුදු 60ක පුරුෂයෙකුට ඇය විවාහකර දීමට ඇගේ පියා ගත් තීරණය අභියෝගයකට ලක් කරමින්ය. ඇය උපත ලබන විටම ඇගේ මව ඇය තුළින් දකින්නේ සුන්දරත්වයය. ඒ නිසාම ඇය ඒ කාන්තාර භූමියේ පිපුණු සුන්දර මල් කැකුළට වාරිස් යන නම තබයි. එහි අර්ථය කාන්තාරයේ කුසුම යන්නය.
ඇය කුඩා කළ සිටම උගත්තේ දෛව්‍යට අවනත වීමට නොව දෛවයට අභියෝග කිරීමටය. ඒ නිසාම ඇගේ වයසේ දහසක් සෝමාලි දැරියන් මවුපියන් විසින් තීරණය කරන ලද ඉරණම ආදරයෙන් වැළද ගනිද්දී ඇය එම ඉරණම ද්වෛශයෙන් ප්‍රත්ක්ෂේප කලේය. ඇගේ නොමේරු ළමා මනස වැඩෙන්නට පෙර තම පියාගේ වයසේ මහළු මිනිසෙකුට ඇයව විවාහ කිර දීමට ඇය එරෙහි වන්නේය. මේ පලා යාමත් සමග ඇය නතර වන්නේ ඇගේ මවගේ සහෝදරයාගේ නිවසේය. තම මාමාගේ නිවසින් ඇය රැක වරණය හා ආදරය බලාපොරොතු වූවද ඇයට ලැබුනේ රැකවරණය හෝ ආදරය නොව එම නිවසේ මෙහෙකාරියක් ලෙස සේවය කරන්නටය. ඇගේ මාමා එවකට සෝමාලියානු රජයේ උසස් නිළයක් දැරූ පුද්ගලයෙකු විය. ඒ නිසාම ඔහුට රාජකාරිය උදෙසා ලන්ඩන් බලා යාමට සුදුවිය. සැබවින්ම ඔහු සේවය කලේ එංගලන්තයේ සෝමාලි තානාපති වරයා වශයෙනි. ඒ නිසාම වාරිස්ට ඔවුන් සමග එංගලන්තයට යාමට සිදුවිය.
ඒ ඇගේ දෛවය වෙනස් කළ පළමු සාධකය විය. ඇගේ මාමා ගේ නිවසේ මෙහෙකාරිය ලෙස ලන්ඩන් බලා ආ වාරාස්ට සෝමාලියාව හා එංගලන්තයේ වෙනස ඉතා හොදින් දැක ගැනීමට හැකි විය. ඒ නිසාම ඇය ඒ කාන්තාරයේ අමිහිරි කටුක අතීත මතකයන් තම සිතින් සදහටම වළදමා අනාගතය සතුටින් භාර ගත්තේය. ඇය මෙහි දිවිගෙව්වේ නිවසේ මෙහෙකාරිය ලෙසින්ය. එහිදී ඇයට ආදරය හෝ කරුනාව වෙනුවට නැන්දනියගෙන් නිතර ලැබුනේ අවමන් හා ඇනුම් බැනුම්ය. එහෙත් අය එංගලන්තයේ කල් ගෙව්වේ ඉතා සතුටිනි. එසේ වූව ද සිය මාමාගේ නිළ කාලය අවසන් වීමෙන් නැවත ඔවුන් සමග සෝමාලියාව බලා යාමට ඇයට සිදුවිය.
එහෙත් ඇය නැවත සෝමාලියාවට නොගියේය. මාමා හා නැන්දා නැවත සෝමාලියාවට ගිය ද ඇය එංගලන්තයේ රැදී සිටියේය. ඒ එරටේ රැදී සිටීමට වෙනත් රටක පුද්ගලයෙකු ලබා ගැනීමට අවශ්‍ය අවසර පත ද නොමැතිවය. එහෙත් අවන්හල් සේවිකාවක් ලෙස ඇයට මැක්ඩොනල්ඩ් ආපනශාලාවකදී රැකියාවක් සොයා ගැනීමට හැකි විය. මේ අතරතුර හවස් කාලයේ ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අමතර පන්තියකට ද ගියේය. වාරිස් මේ කාලය තුළ නොයෙක් හිරි හැරයන්ට හා අපහසුතාවන්ට ලක් විය. ඒ කිසිදු අවස්ථාවක ඇය අගේ දෛවයට දොස් නැගුවේ නැත. ඒ වෙනුවට එම දෛවයට නැවත අභියෝග කලේය.

වාරිස් අවන්හලේ සේවය කරන අතරතුර ඇයට ඡායාරූප ශිල්පී Terence Donovan මුණ ගැසෙන අතර ඔහු 1987 වසරේ කැලන්ඩරයක් උදෙසා ඇගේ ඡායාරූප ලබා ගන්නේය. ඒ ඇගේ නිරූපණ දිවියේ ආරම්භයය. මේ හරහා ඇය නිරූපණ ශිල්පිනියක ලෙස කල එලි බසින අතර ලොව ඉතා ජනප්‍රය රූපලාවන්‍ය ආයතනයන්හී නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නට ඇයට අවස්ථාව හිමිවන්නේය. 1987 වසරේ ඇය ජේමිස් බොන්ඩ් චිත්‍රපටයක ඉතා සුළු චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව හිමි කර ගන්නේය. එතැන් පටන් ඇය නිරූපණ ලොව දිග්විජය කරන්නේය. ඇය පිට පිට ආයතන ගණනාවකම නිශ්පාදන සදහා නිරූපණයෙන් දායක වීමට අවස්ථාව හිමි කර ගන්නේය.වරෙක ඇයම සදහන් කළ පරිදි ඇයට තිබුනේ ඉතා කැත කකල්ය. තුවාල කැළැල් සහිත එම දෙපා පෙන්වමින් ඇය මුලින්ම සමුමුඛ පරීක්ෂණයට සහභාගී විය. එහෙත් ඇය එයින් සමත් වන්නේය. ඇය නිරූපණ ලොව ජය ගන්නේ එවකට වැඩිම ආදයමක් උපයන නිරූපණ ශිල්පිනය බවට පත් වෙමිනි.
වාරිස් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස තැබූ පියවර නිසාම පමණක් නොව. ඉන් එහා ඇය සම්බන්ධයෙන් කතා බහට ලක් වන තවත් කාරණයක් ඇත. ඒ අප්‍රකාවේ කුඩා ගෝත්‍ර ආශ්‍රතව දරුවන් මුහුණදෙන අතිශ්‍ය වේදනාකාරී සම්ප්‍රදායකට එරෙහිව ඇය ගෙන ගිය අරගලය නිසාය. යම්තම් වැඩිවිය පත් වූ විගස මලකඩ කෑ බ්ලේඩ් තලයකින් වැඩිහිටි කාන්තාවක් විසින් කුඩා දැරියන්ගේ යෝණියේ කොටසක් කපා එහි කුඩා සිදුරක් පමණක් ඉතිරිවන්නට මසා දැමීම මෙම සිරිතය. එය චර්මඡේදනය ලෙස හදුන්වන අතර එය කෙතරම් කුරිරු වේදනාත්මක අත්දැකීමක් ද යන්න පිළිබදව වාරිස් තාමා විසින් රචිත ස්වයං චරිතාපදානයේ සදහන් කර ඇත. ඇය මුහුණ දුන් ඒ අතිශ්‍ය භයානක අත්දැකීම නිසාම ඉන් මතුවට කිසිදු සෝමාලි දැරියක් එවැනි සිදුවීමකට මුහුණ දීමට එරෙහිව ඇය අරගල කලේය. ඒ නිසාම ඇය එක්සත් ජාතින්ගේ විශේෂ තානාපතිනියක් බවට ද පත් වූ අතර ඇය ඒ හරහා කළ සේවය අපමණය. වාරිස් ඒ වෙනුවෙන් විශාල සටනක් දියත් කළද අදට ද සෝමාලියාවේ තැනින් තැන මෙම මිලේච්ඡ චාරිත්‍රය සිදු කරන අතර ඉන් අදහස් වන්නේ කාන්තාවට එරෙහි පීඩනය කිසිදිනක නවතා දැමිය නොහැකි බවය. වාරිස් විසින් ගමන් කළ මාර්ගයේ පැවති අභියෝග නිසාත් ඇය ඒවා ජයගත් ආකරය පිළිබදව අලලා චිත්‍රපට කිහිපයක් බිහි වී ඇති අතර ඇගේ චරාතාපදානය අය විසින් රචනා කර ඇත.


