Mask කියන්නේ මේ දවස් වල හැම තැනම කතාවෙන දෙයක්.මේ ගැන කතා කරන්න ප්‍රධානම හේතුව තමයි කොරෝනා වසංගතය.ලෝකය පුරාම පැතිරෙන කොරෝනාව පාලනය කරන්න Mask භාවිතා කරන්න කියලා සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලබා දුන්නා.ඉතින් කොච්චර mask භාවිතා කරන්න කිව්වත් හැමෝම Mask හරි විදිහට භාවිතා කරන්නේ නැහැ.ඒ නිසා මම හිතුවා Mask භාවිතා කරන හරිම විදිහ ගැන ඔයාලට කියලා දෙන්න.
Mask එකක් පැළඳිය යුතු ආකාරය

- Mask එක ගන්න කළින් දෑත් හොඳින් සබන් හෝ ඇල්කොහොල් මිශ්‍ර පිරිසිඳුකාරකයකින් සෝදන්න
- ඊළඟට Mask එක ගෙන පැළඳිය යුතු පැත්ත තීරණය කරන්න (තදින් නැමිය හැකි දාරයක් ඇති ප්‍රදේශය ඉහලට එන ලෙස පැලදගන්න)
- ඒ වගේම Mask එකේ ලා පැහැති පෙදෙස මුහුණේ ස්පර්ශ වන ලෙස සහ එහි තද වර්ණයෙන් යුතු පැත්ත ඉදිරියට එන ලෙස පළඳින්න
- පැලදීමෙන් පසු එය ස්පර්ශ කිරීමෙන් වලකින්න
- අපිරිසිඳු හෝ දහඩිය ඇති වූ විට වෙනත් Mask එකක් පළඳින්න
- Mask එකක් භාවිතයෙන් පසු ගලවා තබා නැවත භාවිතා නොකරන්න
- කිසිඳු අවස්ථාවක Mask එක නිකටෙන් පහලට නොගන්න
- Re – Usable Mask නම් භාවිතයෙන් අනතුරුව හොඳින් සෝදා පිරිසිඳු කල යුතුයි
- එම මුඛ ආවරණ අවම පැය 04ක් සහ වැඩිම පැය 06ක් භාවිතා කරන්න
- Surgical Mask එකක් පැය 08ක් පමණක් භාවිතා කල හැකියි
- භාවිතා කල Mask ආරක්ෂිතව ඉවත් කල යුතු අතර හැකි නම් පුළුස්සා දමන්න
- මුඛය පමණක් ආවරණය නොකර මුඛය සහ නාසය යන දෙකම ආවරණය කරගන්න
දැන් තියෙන තත්වේ එක්ක මුඛ ආවරණ පළඳින්න කියන්නේ වෛරසය සිරුරට ඇතුළු වීම වැලක්වීමට සහ පුද්ගලයෙකුගේ සිරුරේ ඇති වෛරසය තවත් කෙනෙක්ට බෝ වීම වැලක්වීමට.ඒ නිසා කොරෝනා වෛරසයේ දෙවන අදියරක් ඇතිවීම වැලක්වීමට Mask එකක් භාවිතා කරන්න.මොකද තමන් ආරක්ෂා වුනොත් විතරයි අනෙක් අයත් ආරක්ෂා වෙන්නේ



