අපි හැමෝටම තියෙන ලොකුම ප්රශ්නයක් තමයි අත් යට කළුවිම කියන්නේ.හැබැයි කවුරුවත් කාටවත් මේ ගැන කියන්නේ නැහැ,මොකද ඉතින් ලැජ්ජයිනේ.අත් කපපු ඇඳුමක්වත් අඳින්න බැහැ.බස් එකක යනවා නම් අත් උස්සන්න බැහැ ඔය වගේ ප්රශ්න කෝටියක් තියෙනවා.ඉතින් මට හිතුනා මේ වෙනකොට ගොඩක් අයට මේක ලොකු ප්රශ්නයක් කියලා.ඒ නිසා මම අද ඔයාට කියන්න යන්නේ කොහොමද අපිට ගෙදරදීම අත්යට කළුවිම නැති කරගන්නේ කියලා.මම මේකට ඔයාලට home remedies කිහිපයක් දෙන්නම්
යෝගට් සහ කහ

- යෝගට් මේස හැඳි දෙකකට කහ මේස එකතු කරලා mix කරගන්න
- ඊටපස්සේ අත් යට ආලේප කරලා විනාඩි 20කින් සෝදන්න
- මේකෙන් ඔයාගේ අත්යට අවපැහැය නැති කරනවා විතරක් නෙමෙයි විසබිජත් නැති කරනවා
අර්තාපල්

- අර්තාපල් සිහින් පෙති කපාගෙන අත් යට ගාන්න
- එහෙම නැත්නම් අර්තාපල් පෙති විනාඩි 15 ක් හෝ 20 ක් අත යටින් තියලා ඊටපස්සේ සෝදන්න.
- මේ සත්කාරය දිනපතා කරනවානම් ඉක්මනින් හොඳ result එකක් ගන්න පුළුවන්
කෝමාරිකා

- රෑට නිදාගන්න කළින් කෝමාරිකා Gel අත් යට ආලේප කරන්න
- ඊටපස්සේ උදේට සෝදලා ඉවත් කරන්න
මේ දේවල් කරන අතරතුර ඔයාට පුළුවන් හොඳ deodorant එකක් Use කරන්න.හැබැයි මේ වෙනකොට market එකේ ඕනේ තරම් deodorant වර්ග තියෙනවා.ඒ නිසා deodorant එකක් ගන්නකොට ඔයා නුවණක්කාර වෙන්න ඕනේ.ලස්සන පෙනුමට Bottle තිබුනට deodorant එකේ කිසිම ප්රමිතියක් නැති වෙන්න පුළුවන්.අන්න ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම හොඳ ප්රමිතියක් deodorant එකක් ගන්න වග බලා ගන්න
විටමින් C ,මල් බෙරි සාරය ,කිරි සාරය ,කෝමාරිකා සහ තිරිඟු තෙල් වලින් අවපැහැ ගැන්වීම සඳහා බලපාන tyrosinase එනසයිමය පාලනය කරනවා.එමඟින් අලුතින් නිෂ්පාදනය වෙන සම වඩාත් පැහැපත් වෙනවා.ඒ වගේම skin එකට උරා ගන්න නිසා තෙල් ගතියක් දැනෙන්නේ නැහැ.ඉතින් ඔයාට පුළුවන් treatment කරන අතරතුර මේ දේවල් අඩංගු වෙලා තියෙන deodorant එකක් Use කරන්න.
ඉතින් ඔයාත් මම මේ කියලා දුන්නා දේවල් කරලා බලන්න.හැබැයි කම්මැලිකමට දවසක් දෙකක් කරලා නවත්තන්න එපා.එහෙම වුණොත් හරියට Result එකක් ගන්න බැරි වෙනවා.ඒ නිසා ගෙදරදී කරන්න පුලුවන් Treatment මාස 03ක්වත් අඩුමතරමේ කරන්න.එතකොට ඔයාට හොඳ ප්රතිඵලයක් ගන්න පුළුවන්



