මහත් වෙනවා කියන්නේ ඇත්තටම අපිට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක්.මොකද ඉතින් මහත් වුණහම ලස්සනට අඳින්න බැහැනේ.ඒ නිසා අපි නිතරම අපේ අනවශ්‍ය බර අඩු කරගන්න උත්සහ කරනවා.ඒත් ඒකට නොකා නොබී ඉන්න එක.ඒ කියන්නේ එක වේලක් කාලා තව වේල් දෙකක් විතර මඟ හරිනවා.හැබැයි ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න ඒක හොඳ තීරණයක් නෙමෙයි.අපිට ඒකට කරන්න තව දේවල් තියෙනවා.අපි බලමු ඒ මොනවද කියලා
හැමදාම ව්‍යායාම

ව්‍යායාම කියන්නේ ශරිරියට අවශ්‍යම දෙයක්.ඒක මහත් කෙනෙක්ට වුණත් කෙට්ටු කෙනෙක්ට වුණත් එකයි.ඉතින් ව්‍යායාම කරනවා කියලා පැය 2 – 03 කරන්න ඕනේ නැහැ.දවසට පැය භාගයක් හොඳටම ඇති.ඔයා රැකියාවකට යන කෙනෙක් නම් සාමාන්‍යයෙන් නැගිටින වෙලාවට පැය බහගයකට කළින් නැගිටලා ව්‍යායාම කරන්න පුරුදු වෙන්න.එහෙම නැත්නම් හවසට office ගිහින් ඇවිත් පැය බහ්ගයක් ව්‍යායාම කරන්න try කරන්න
වතුර ගැන කතා නොකරම බැහැ

බර අඩු කර ගැනීම ගැන කතා කරනකොට වතුර කියන්නේ කතා නොකරම බැරි දෙයක්. දැන් අපි උදේට Tea එකක් බොනවනේ.ඒ වෙනුවට ඔයාට පුලුවන් උදෙන්ම හොඳ වතුර වීදුරුවක් බොන්න.ඒකෙන් සිරුරේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා ,රුධිර පීඩනය පාලනය කරනවා වගේම ආහාර ජීර්ණය පහසු කරනවා.
ඒ විතරක් නෙමෙයි වතුර බොන ප්‍රමාණය අඩු වෙනකොට බඩගින්න දැනෙනවා වැඩි . ඊටපස්සේ ඉතින් අනවශ්‍ය විදිහට ආහාර වැඩි ප්‍රමාණයක් කන්න පටන් ගන්නවා. ඒ වගේම ශරීරයේ වතුර අඩු වෙද්දී ගබඩා කරගෙන ඉන්න මේදය දහනය වීම අඩු වෙනවා. මේ නිසා නිතරම ශරීරයට ඇති තරම් ජලය ලබා දෙන්න.අඩුම තරමේ වතුර ලීටර් 04ක්වත් දවසට පානය කරන්න උත්සහ කරන්න
ප්‍රමාණවත් නින්දක් ලැබීම

සමහර වෙලාවට තියෙන අත්‍යවශ්‍යම වැඩ හැරුනහම අපේ සමහර අය පුරුදු වෙලා ඉන්නවා දවසේ වැඩි වෙලාවක් සමාජ ජාල භාවිතා කරනවා.එහෙම වුණහම නිදාගන්න ලැබෙන්නේ නැහැ.හැබැයි ඔයාගේ මහත ප්‍රශ්නෙටත් ඕක හේතුවක්.
අන්න ඒ නිසා අඩුම දවසකට පැය 06ක්වත් නිදාගන්න.
Green Tea

Green Tea වලට පුළුවන් අපේ ශරීරයේ තියෙන අධික තෙල් ඉවත් කරන්න. ඒ වගේම අනවශ්‍ය බර පාලනය කරන්නත් පුළුවන්. ඒ නිසා ඔයත් පුළුවන් හැම වෙලාවකම green tea එකක් බොන්න. හැබැයි එහෙමයි කියලා brand වලට රැවටෙන්න එපා.හොඳ green එකක් හොයලා බලලා බොන්න ගන්න.
ඒ වගේම garcinia කියන්නේ සිරුරේ මේදය නිපදවීම, තැන්පත් වීම සහ උදරය ඉදිරියට නෙරා ඒම පාලනය කරන දෙයක්. Green Tea, Coffee Beans සහ garcinia කියන දේවල් එකට එකතු වුණහම මේ ක්‍රියාවලිය තව තවත් වේගවත් කරනවා, ඒ විතරක් නෙමෙයි Cholesterol සහ diabetes පාලනය කරන නිසා හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යන්නත් පුළුවන්
මේ හැමදෙයක්ම ලබා ගන්න නම් Green Tea, Coffee Beans සහ garcinia අඩංගු වෙලා තියෙන Green Tea එකක් භාවිතා කරන්න
සම්බල ආහාර වේලක්

ආහාර ගන්නකොට වැඩියෙන්ම මස් , බිත්තර, මාළු, එළවලු, පලතුරු වැඩියෙන් එකතු කරහන්න.එතකොට බත් ගොඩක් කන එක අඩු වෙනවා. ඉබේම මහත් වීම අවම වෙනවා.ඒ වගේම අපි උදේ ආහාර වේල මගහැරලා දවල්ට පොඩ්ඩක් කාලා රෑට හොඳට කනවා.මේ ක්‍රමය ඇත්තටම වැරදියි. මේ විදිහට කරන එකෙන් ඔයාගේ බර අඩු වෙනවට වඩා වෙන්නේ
ඉතින් මෙන්න මේ simple දේවල් ටික තමයි ඔයාට බර අඩු කරගන්න කරන්න තියෙන්නේ,ආහාර පාලනය විතරක් මෙතැනදී කිසිම වැඩක් නැහැ.ඒ නිසා මේ දේවල් බය නැතුව කරලා බලන්න.අනිත් එක ඔයා මහත කෙනෙක් නොවුනත් මම කියපු දේවල් ගොඩක් වැදගත් වෙයි



