Like
Like Love Haha Wow Sad Angry
35

අපි හැමදාමත් උත්සහ කරන්නේ සතුටෙන් ඉන්න.හැබැයි එහෙම හිතුවට සතුට කියන්නේ මොකක්ද කියලා ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ.සතුටෙන් ඉන්න එක එක අය එක එක දේවල් කරනවා.පොත් බලනවා ,සිංදු අහනවා ,Drugs ගන්නවා , Dance කරනවා.ඒ දේවල් වලින් යම් කිසි සතුටක් ලබා ගන්නවා.තවත් අය කරන්නේ වෙන වෙන දේවල්.නපුරුකම් කරනවා ,බනිනවා ,ගහනවා ,තව අයට කතා හදනවා.ඇත්තටම ඒකෙන් ඒ යට සතුටක් ලැබෙනවා.හැබැයි අන්තිමට බලනකොට තමන්ම තමන්ගේම ලේ පුච්චගෙන.ඉතින් එහෙම නැතුව ජිවිත කාලයම සතුටින් ඉන්නේ කොහොමද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.

වේදනාවන් ගැන අනවශ්‍ය විදිහට හිතන්නේ නැහැ

අහිමි වීම කියන්නේ අපිට වේදනාවක් ගෙනදෙන දෙයක්.හරියටම කිව්වොත් අපි ඉන්නේ වලක වැටිලා වගේ. ඒ වලේ ඉන්න ඉන්න වෙන්නේ වේදනාව හිතේ ගැඹුරටම කා වදින එක.සතුටින් ඉන්න ඕනේ නම් ඒ වේදනාත්මක අද්දැකීම් වලින් අපි ඈත් වෙන්න ඕනේ.මොකද දන්නවද අතීතය පහු කරගෙන යන්නේ නැතුව එතනමටම වෙලා පල් වේවි හිටියොත් කවදවත් අනාගතයට යන්න බැරි වෙනවා.

ඔයා දැකලා තියෙනවද දුකෙන් ඉන්න අය.එයාලට අතීතයේ පුංචි සිදුවීමක් ඇති දුක් වෙන්න.අන්න ඒ වගේ අය ජිවත් වෙන්නේ දුකත් එක්ක.අතීතයේ මතක එක්ක.ඒ නිසා වේදනා අමතක කරලා සතුටෙන් ඉන්න උත්සාහ කරන්න

ඇත්ත එක්ක ජිවත් වෙන්න

දැන් ගොඩක් අය ඉන්නේ බොරුවෙන් ජිවත් වෙන අය.එයාලා කියන්නෙම බොරු.තව අය අමාරුවේ වට්ටන්න වුණත් ඒ බොරුවලට පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒ බොරු කියන අය ජිවිත කාලයම ඉන්නේ බයෙන් වගේම දුකෙන්.ඇයි ඉතින් මොන වෙලාවක හරි බොරු අහු වුණොත් කියලා.හැබැයි ඇත්ත එක්ක ජිවත් වෙන කෙනෙක්ට දුකක් ,වේදනාවක් සහ බයක් කියන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.මොකද එයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැනේ.

මගේ සතුටට හේතුව මමමයි

ඔයාගේ සතුට තීරණය වෙන්නේ ඔයාගේ Job එක මත ,පෙම්වතා මත .ස්වාමිපුරුෂයා මත යාලුවා මත කියලා හිතුවොත් ඔයාට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ.මොකද ඔයාට සතුටින් ඉන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ.අපි නිකමට හිතමු ඔයා දැන් ඉන්නේ දුකෙන්.හැබැයි ඒකට වග කියන්න ඕනේ වෙන කෙනෙක් නම් නෙමෙයි.ඔයාම තමයි.ඒ වගේම ඔයාගේ සතුට තීරණය කරන්නත් ඕනේ ඔයාමයි.ඔයා ජිවත් වෙන මේ මොහොත ,කරපු දේවල් වගේ සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්න.එතකොට පුළුවන් ඔයාට සතුටු වෙන්න

අනිත් අයගේ ගෞරවය බලාපොරොත්තු වෙන්නේ නැහැ

සතුටෙන් ජිවත් වෙන කෙනෙක් කවදවත් හිතන්නේ නැහැ තව කෙනෙක් තමන්ගේ වටිනාකම දැනගන්න ඕනේ.ඒකට ගෞරව කරන්න ඕනේ කියලා.හැබැයි එයාලා තමන්ගේ වටිනාකම මොකක්ද කියලා අඳුරගෙන තමන්ට ගරු කරනවා.ගොඩක් මිනිස්සු ගරු කරන්නේ කෙනෙක්ගේ ධනවත්කමට ,ඉඩකඩම්, වත්පොහොසත්කම් වලට.ඒ පුද්ගලයට නෙමෙයි.අද ඔයාට කෙනෙක් ඒ විදිහට ගෞරව කරයි.හැබැයි හෙට ඒ කෙනාම ඔයාට විරිද්දව කතා කරයි.අන්න ඒ නිසා කවදවත් කෙනෙක්ගෙන් ගෞරව නම් බලාපොරොත්තු වෙන්න එපා.ඒ විදිහට අනිත් අයගේ ගෞරවය බලාපොරොත්තුවෙන් ජිවත් වෙනවා නම් ඇත්තටම හැමදාම ඔයාට ඉන්න වෙන්නේ දුකෙන්

හිතේ තරහා තියාගෙන ඉන්නේ නැහැ

සමහර වෙලාවට අපි තව අයත් එක්ක කතා කලාම හිත රිදෙන අවස්ථා තියෙනවා,එහෙමත් නැත්නම් රණ්ඩුවක් හරි, බැනපු එකක් හරි නිසා හිත රිදව ගන්නවා.එහෙමයි කියලා ඒ දේවල් ගැන හිත හිත ,ඒ අයට වෛර කරලා ජිවත් වෙනවා නම් සතුටෙන් ජිවත් වෙන්න බැහැ.ඔයාගේ හිතේ තියෙන තරහව අයින් කරගෙන එයුඅත් එක්ක කතා කරන්න.එය සමාව ගන්නකන් ඉන්නම ඕනේ නැහැ.කොහොමත් තව කෙනෙක් ගැන හිතේ වෛරයක් තියගෙන ඉන්නකොට සතුටින් ඉන්න බැහැ.ඒ නිසා ඔයාට ඒ වෙච්ච දෙයින් ජීවිතේට යමක් ගන්න ග්තියෙනවා නම් අරගෙන ඒ සිද්දි අමතක කරන්න

අනිත් අයගේ දේවල් හොයන්නේ නැහැ

සතුටින් ඉන්න කෙන් එක කවදාවත් අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ.ඒ ඇයි දන්නවද.අනිත් අය ගැන හොයන අය අනිත් අයගේ සාර්ථකත්වය දකින අය ඒ දේවල් දැකලා දුක් වෙන පටන් ගන්නවා.ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු දුක් වෙන්නේ තමන්ට නැති දේවල් ගැන අනිත් අයත් එක්ක සංසන්ධනය කරන්න ගිහින්.ඉතින් සංසන්ධනය කියන්නේ ඔබේ සතුට නැති කරන්න පුළුවන් දෙයක්.සතුටින් ඉන්න ඕනේ නම් කවදාවත් සංසන්ධනය කරන්න නම් යන්න එපා

මෙන්න මේ දේවල් ඔයාත් ඔයාගේ Life එකට එකතු කරගන්නවා නම් හැමදාමත් සතුටින් ඉන්න පුළුවන්.ඒ වගේම ඔයා හිතාගන්නවත් බැරි දේවල් ගොඩක් ඔයාගේ ජීවිතේට ලැබෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.ඒ නිසා හැමදාම සතුටින් ඉන්න Try කරන්න

Like
Like Love Haha Wow Sad Angry
35

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here