Like
Like Love Haha Wow Sad Angry

ඇස් යට කළු වෙනවා කියන්නේ ලොකුම ලොකු ප්‍රශ්නයක් වගේම අපේ ලස්සනත් නැති කරන දෙයක්.ඉතින් මේකට මොකද කරන්නේ.මම දන්නවා ඔයා එක එක Cream වර්ග ,gel වර්ග හැම දෙයක්ම Use කළා කියලා.ඒත් ඇත්තටම Result එකක් ලැබුනේ නැහැ නේද.ඇත්තටම මම නම් කියන්නේ ඔයාගේ කාලය අපරාදේ.ඒ නිසා මම අද ඔයාට කියන්නම් කාලය අපරාදේ කියලා හිතෙන්නේ නැති වෙන්න හරියටම Result දෙන Treatment කිහිපයක් ගැන.

ඇයි ඇස් යට කළු වෙන්නේ

  • අධික තෙහෙට්ටුව
  • අඩු නින්ද
  • වයසට යාම
  • නිරන්තර පරිගණක භාවිතය
  • විවිධ ආසාදන
  • විජලනය
  • හිරු එලියට අධික ලෙස නිරාවරණය වීම
  • ජාන ගැටළු

මී පැණි

මී පැණි මේස හැන්දකට ලෙමන් යුෂ තේ හැන්දක් මිශ්‍ර කරන්න.මේ මිශ්‍රණය ඇස් වටේ Apply කරලා විනාඩි 15කින් විතර.මේ Treatment එක සොදාන්න

Saffron

කුංකුම රේණු 3 – 4 ක් අරගෙන කිරි කෝප්පයක පැය 2 ක් පමණ දාලා තියන්න.ඊට පස්සේ ඇස් වටේ ආලේප කරලා විනාඩි 10 කින් සෝදන්න

යෝගට්

යෝගට් තේ හැඳි දෙකකට ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කරලා mix කරගන්න.ඊටපස්සේ ඇස් වටේ paste එක apply කරලා විනාඩි 20කින් සෝදන්න. එය සෝදන්න.මේ Treatment එක සතියකට දෙපාරක් විතර කරන්න.

මේ treatment කරනවට අමතරව ඔයාට පුළුවන් under eye pad එකක් use කරන්න.හැබැයි under eye pad එකක් ගන්නකොට විටමින් K ,විටමින් C, විටමින් E ,කිරි සාරය සහ කොලැජන් අඩංගු වෙලා තියෙන product එකක් ගන්න.ඒවා වලින් ඇස් වටා කළු වීම වගේම රැළි වැටීමත් නැති කරනවා.

ඉතින් දැන් ඔයාට තේරෙනවනේ ඇස් යට කළු වීම කියන්නේ ඔයාගේ beauty එකට ලොකු ප්‍රශ්නයක් වුණාට විසඳ ගන්න එක අමාරු වැඩක් නෙමෙයි කියලා. වැඩිය හිතන්න දෙයක් නැහැ දැන්.ඔයා මම කියලා දුන්න මේ treatment කරලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here