Blood Poisoning එහෙමත් නැත්නම් රුධිරය විෂවීම කියන්නේ ගොඩක් බරපතල ආසාදන තත්වයක්.ඔව් ඒක අපි හැමෝම දන්නා දෙයක්.මොකද ඒ නම ඇහුවත් බය හිතෙනවා.මේ තත්වය ඇති වෙන්නේ යම්කිසි බැක්ටීරියාවක් රුධිරය පවතින විටයි.මෙහිදී සිරුර පුරා පවතින රුධිරය සම්පුර්ණ ලෙසන්ම ආසාදනය වීම සිදු වෙනවා.
රුධිර විෂ වීම අවදානමට ලක්වන්නේ කවුද?

- මහළු අය
- තරුණ දරුවන්
- හෙරොයින් වැනි Drugs වර්ග ගන්නා පුද්ගලයින්
- HIV, AIDS හෝ Leukemia ඇති අයට
- සිරුරේ ප්‍රතිශක්තිය අඩු අය
- දුර්වල දන්ත සෞඛ්‍ය සහිත පුද්ගලයින්
- Catheter භාවිතා කරන පුද්ගලයින්
- මෑත කාලයේදී ශල්‍යකර්ම කල පුද්ගලයින්
රෝග ලක්ෂණ

- වේගයෙන් හුස්ම ගැනීම
- සිරුරේ දුර්වල බව
- සම සුදුමැලි වීම
- සීතල
- අධික උණ
- වේගවත් හෘද ස්පන්දනය
- සම සුදුමැලි වීම රෝග ලක්ෂණ නිසා ජිවිතයට ඇතිවිය හැකි දේවල්
- කම්පනය
- මුත්‍රා පිටවීම අඩු වීම
- ව්‍යාකුල බව
- ශ්වසන අපහසුතා
- සම මත රතු ලප විශාල වී දම් පාට තැලීමක් ලෙස පෙනීම
රෝගය හඳුනාගන්නේ කොහොමද?

- Blood Culture Testing
- Blood Oxygen Levels
- Blood Count
- Clotting Profile
- Urine Tests Including Urine Culture
- Chest X-ray
- Electrolyte and Kidney Function Tests
මේ රෝගී තත්වය නිසා සිරුරේ යම් යම් කොටස් ආසාදනය වී ඇතිදැයි හඳුනා ගැනීමට

- X- ray
- CT scan
- MRI scan
- USS
සිරුරට ඇතුළු වෙලා තියෙන්නේ කුමන වර්ගයක බැක්ටීරියාවක්ද යන්න හඳුනා ගන්න තමයි මේ හැම Test එකක්ම කරන්නේ.මොකක්ම හරි බැක්ටීරියාවක් ඇතුළු වෙලා තියෙනවා නම් වෛද්‍යවරයා විසින් Antibiotic ලබා දෙනවා.
ඉතින් මෙන්න මේ දේවල් තමයි ඇත්තටම රුධිරය විසවීමකදී සිදු කරන්නේ සහ සිදු වෙන්නේ.දැන් මම කියපු රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් බලාගෙන ඉන්න එපා.ඉක්මණින් වෛද්‍යවරයෙක් හමුවෙන්න.ඒ විතරක් නෙමෙයි වෛද්‍යවරයා දෙන උපදෙස් හරියටම පිලිපදින්නත් අමතක නම් කරන්න එපා



