Like
Like Love Haha Wow Sad Angry

අපි හැමෝම කැමති Healthy life එකක් ගෙනියන්න.ලෙඩ රෝග වලින් තොර ජීවන රටාවක් ගෙනියන්න.හැබැයි ඒ විදිහේ lifestyle එකක් ගෙනියන එක ලේසි නැහැ.පුරුදු වුණොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ.ඒ නිසා අනාගතයේ නිදන්ගත රෝග ඇති වීම පාලනය කරගන්න නම් කොහොමද Healthy life එකකට හැඩ ගැහෙන්නේ කියලා මම අද කියලා දෙන්නම් .

ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර

ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමට උපකාර වෙනවා. ශරීරයට ප්‍රතිශක්තිය ලැබෙන කොළ පැහැ එළවලු ,මිදි, බතල, දොඩම් වැනි ආහාර ඔයාගේ ආහාර වේළට එකතු කර ගන්න.

හොඳ නින්දක්

සාමන්‍යයෙන් අපිට තියෙන වැඩත් එක්ක වැඩි වේලාවක් නිදාගන්න ලැබෙන්නේ නැහැ.හැබැයි ශරීරයට නිරෝගිව තබා ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ නින්දක් අවශ්‍ය වෙනවා.ඒ නිසා හැමදාම රාත්‍රියට අවම පැය 8ක නින්දක් ලබා ගන්න උත්සාහ කරන්න

ව්‍යායාම

ඔයා ව්‍යායාම කරන කෙනෙක් නම් ඒක ඔයාගේ සිරුරට ගොඩක් හොඳයි.ඒ වගේම ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට යෝගා අභ්‍යාස කරන්න පුළුවන්නම් ඒකත් ගොඩක් හොඳයි.

සමාජ ආශ්‍රය

ඕනෑම කෙනෙකුට හොඳ සමාජ ආශ්‍රයක් වැදගත් වෙනෙවා.ඒ නිසා අනිවාර්යයෙන් සතියකට එක දවසක් සිය මිතුරු මිතුරියන් සහ අසල්වාසීන් සමඟ කාලය ගත කිරීම සඳහා වෙන් කර ගන්න.එයින් ඔවුන් සමඟ ඇති බැඳීම වැඩි වෙනවා විතරක් නෙමෙයි මානසික සහනයක් ලබා ගන්න පුළුවන්

ජලය පානය

අපි කරන්නෙම නැති දෙයක් තමයි වතුර බොන්නේ නැති එක.නැහැ නැහැ මම කිව්වේ දවසට අවශ්‍ය ප්‍රමාණය වතුර බොන්නේ නැහැ කියලා.තිබහක් ආවොත් විතරයිනේ වතුර බොන්නේ.හැබැයි ඔයාටත් ඕනේ නිරෝගී life එකක් නම් හොඳට වතුර බොන්න

ඉතින් මේ දේවල් කරන එක අමාරු වැඩක් නෙමෙයිනේ.ඔයාටත් පුළුවන් මම දේවල් කරලා නිරෝගීව ඉන්න.හැබැයි ඔයා මේ කිව්ව දේවල් හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ.එහෙම කළොත් තමයි Healthy life එකක් ගෙනියන්න පුළුවන් වෙන්නේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here