beef කියන්නේ ගොඩක් රස කෑමක්.හැබැයි ඒක රස කෑමක් වෙන්නේ beef කන අයට විතරයි.දැන් beef කිව්ව ගමන් කටට කෙල උනන පිරිසක් ඉන්නවා.ඒ වගේම මුණ ඇඹුල් වෙලා යන පිරිසකුත් ඉන්නවනේ.beef වලට කැමති නැති අයට මම වෙන රස කෑමක් ගැන ඊළඟ දවසේ කියලා දෙන්නම්. අද මම beef වලට කැමති අයට හදාගන්න පුළුවන් කෑමක් ගැන ඔයාලට කියාලා දෙන්නම්.
මුලින්ම බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා

- කුඩා කෑලි කපාගත් Beef 200g
- සැල්දිරි ටිකක්
- පොඩිකරගත් සුදුළූණු මේස හැඳි 1
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩියක්
- කොටුවට කපාගත් අල ගෙඩි 02ක්
- කොටුවට කපාගත් කැරට් අල 02ක්
- බෝංචි
- ගෝවා
- තුන පහ කුඩු තේ හැඳි 02
- ගම්මිරිස්කුඩු
- ලුණු
මේ විදිහට හදාගමු

- Beef වලට ලුණු දාලා වතුර කෝප්ප 1/2ක් දාලා තම්බගන්න.
- ඊටපස්සේ වෙනම භාජනයකට තෙල් දාලා ලිපේ තියලා ඒකට සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු කරගන්න.
- ටික වෙලාවකින් තක්කාලි සහ අනික් එලවළු ටික දාලා කලවම් කරන ගමන් තුනපහකුඩු හා ගම්මිරිස්කුඩු ටික දාගන්න.
- එළවළු තැම්බීගෙන එනකොට වතුර අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා තම්බගත්ත Beef ටික එකතු කරගන්න.
- අන්තිමට කපාගත් ගෝවා ,සැල්දිරි දාලා උතුරවාගෙන
මේ විදිහට තමයි Beef soup එක හදාගන්නේ,අනිත් soup වගේම තමයි Beef soup එකත් හදාගන්නේ.හරිම easy.හදලම බලන්නකෝ ගෙදර ඉන්නකොට



