හැම ගැහැණු ළමයෙක්ම කැමති තමන්ගේ පෙම්වතා එක්ක සතුටින් ඉන්න සහ කාලය ගත කරන්න.දෙදෙනාගේ ආදරේ නිසා බැඳීම තවත් ශක්තිමත් වෙනවා.ඉතිං ඔබගේ පෙම්වතාට ආදරය පෙන්වන්නේ කොහොමද කියලයි මේ සටහන.
01.)හොඳින් ඇහුම්කන් දෙන්න
ඔබ පෙම්වතාගේ හොඳම යෙහෙළිය වන්න.ඒ වගේම හොඳින් ඇහුම්කන් දෙන්න.දුකකදී ,වේදනාවකදී ඔහුව තනි නොකරන්න .එකෙන් පෙම්වතා ගොඩක් සතුටු වෙනවා.ඒ වගේම පෙම්වතා සමඟින් කතා කර ඔහුගේ අකමැති දේවල් පිලිබඳ කතා කිරීමෙන් ඔබ දෙදෙනාට හඳුනා ගන්නත් හැකියාව තියනවා.
02)ආදරණිය වචන කතා කරන්න
ගොඩක් දෙනෙක් මේක කරන්නේ නැහැ.ඔබත් කැමති නේද ආදරෙන් කතා කරනවට.ඔබත් ඔහුව ආදරයෙන් කතා කරන්න.එයින් ඔහුගේ ආදරේ තවත් වැඩි වෙනවා
03).එකම විදිහට ආදරේ කරන්න එපා
ආදරේ කියනවට වඩා දැනෙන්න දෙන්න තමයි ඕන.පෙම්වතා කැමති දේවල්,කරන්න ඕන දේවල් සහ පොඩි පොඩි පුදුම කරවන දේවල් කරන්න
04.) විනෝදයෙන් කාලය ගත කරන්න
ගත කරන කාලය පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙන්න නාස්ති කරන්න එපා.ප්‍රශ්නයක් තියනවා නම් දෙදෙනා හමු වුන විට ප්‍රශ්නය විසඳගෙන සතුටින් නැවත යන්න.
05)සැකෙන් බලන්න එපා
සැකය කියන්නේ සම්බන්දතාවයක අවසානයට හේතු වෙන කාරණාවක්.හේතුවක් නැතුව පෙම්වතාව සැක කරන්න එපා.සැකය ඔයාලගේ අතරට ගේන්න එපා.



