Like
Like Love Haha Wow Sad Angry

අපේ රටේ බොහෝ යුවතියන්ට ඇත්තේ තලෙළු සමක් වුනත් සුදු පැහැයට හෝ කහ පැහැයට හුරු යුවතියන්ද සිටිනවා.එම පැහැයන්ට හුරු යුවතියන්ගේ සමට ගැලපෙන ලෙස මේකප් කිරීමෙන් වඩාත් කැපී පෙනෙන සුන්දරත්වයක් ලබා ගත හැකි වෙනවා.මේ කියන්නේ එවැනි සමක් ඇති යුවතියකට ගැලපෙන ලෙස මේකප් කරන ආකාරයයි.

අපේ රටේ බොහෝ යුවතියන්ට ඇත්තේ තලෙළු සමක් වුනත් සුදු පැහැයට හෝ කහ පැහැයට හුරු යුවතියන්ද සිටිනවා.එම පැහැයන්ට හුරු යුවතියන්ගේ සමට ගැලපෙන ලෙස මේකප් කිරීමෙන් වඩාත් කැපී පෙනෙන සුන්දරත්වයක් ලබා ගත හැකි වෙනවා.මේ කියන්නේ එවැනි සමක් ඇති යුවතියකට ගැලපෙන ලෙස මේකප් කරන ආකාරයයි.

01) සමේ වර්ණය හඳුනා ගන්න 

– ප්‍රථමයෙන්ම ඔබගේ සමේ වර්ණය හඳුනා ගෙන සමට ගැලපෙන ෆවුන්ඩේශන්, කන්සීලර් සහ පව්ඩර් තෝරා ගන්න 

02) වර්ණය හඳුනා ගැනීම 

– ගෝල්ඩ් පාට සහ සිල්වර් පාට මාල දෙකක් ගන්න. ඒ දෙක මාරුවෙන් මාරුවට පලඳා එයින් ඔබේ මුහුණට වඩා ඔපවත් බවක් සහ වැඩි එළියක් ගෙනදෙන පාට කුමක් දැයි බලන්න.

– ඔබ warm සමක් ඇති කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ ගෝල්ඩ් වර්ණයි . ඔබ cool සමක් ඇති කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ සිල්වර් වර්ණයයි.

– එහෙමත් නැතිනම් ඔබ අව්වට පහසුවෙන් කළු වෙන හමක් ඇති යුවතියක් නම් warm සමක්ද අව්වට රතු වෙන සමක් ඇති යුවතියක් නම් cool සමක්ද ඇත්තියක්.

03)බේස් එක නිවැරදිව දමා ගන්නේ කොහොමද 

– ඔබේ සමේ ටෝන් එක හඳුනා ගත් පසු එයට ගැලපෙන ෆවුන්ඩේශන් සහ කන්සීලර් එකක් තෝරා ගෙන ඉතා සියුම්ව මේවා ආලේප කරන්න. 

– ඔබ සුදු යුවතියක් නිසා තවත් සමේ පැහැය සුදට බර වෙන ආකාරයේ බේස් එකක් තෝරා නොගෙන ඔබේ සමට ප්‍රාණවත් බවක් ලබා දෙන බේස් එකක් තෝරා ගන්න. 

04) මුහුණේ හැඩතලය 

– තලේළු සමක් ඇති යුවතියකට වඩා සුදු සමක් ඇති යුවතියකගේ මුහුණේ හැඩ තල කැපී පෙනීම අඩු අගයක් ගන්නවා. 

– ඒ නිසා ඔබ Contouring Makeup එකක් කිරීම ඔබේ සුන්දරත්වය වඩා ඉස්මතු කරන්න උදව්වක් වෙනවා.  

05) ලිප්ස්ටික් 

– Warm සමක් ඇති කෙනෙක් නම් දීප්තිමත් රතු පාට සහ Cool සමක් ඇති කෙනෙක් නම් ලා රෝස පැහැය වගේ වර්ණයන් ඔබේ සමට වඩාත්ම ගැලපෙන වර්ණයි. 

– හැකි හැම විටම ශේඩ්ස් දෙකක් එන ආකාරයට නැතුව තනි පැහැයක් තොල් වල ආලේප කිරීමෙන් ඔබේ මුහුණට වැඩි එළියක් ලබා ගත හැකියි.

06)අයිලයිනර් සහ අයිබ්‍රෝ 

– සුදු යුවතියකට බොහෝ වේලාවට ගැලපෙන්නෙ තනි කළු අයි ලයිනර් හෝ අයිබ්‍රව් වලට වඩා තද දුඹුරු පැහැයයි. 

– ඔබේ හිසකෙස් වල වර්ණය හා සසඳා ඒ හා සමාන වර්ණයක් අයි ලයිනර් සහ අයිබ්‍රව් හැඩ කරගැනීමට යොදාගන්න. 

– අයි ශැඩෝ සඳහා ඔබට ඕනෑම වර්ණයක් ඔබේ සමේ ටෝන් එක අනුව තෝරා ගැනීම කල හැකියි 

07) බ්ලෂ් 

– ඔබ Warm සමක් ඇති යුවතියක් නම් ඔබට පීච් හෝ කොරල් පැහැයේ බ්ලශ් එකක්ද ඔබ Cool සමක් ඇති යුවතියක් නම් ඔබට රෝස හෝ රතු පැහැයට හුරු බ්ලශ් එකක්ද වඩාත් ගැලපෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here