Like
Like Love Haha Wow Sad Angry
7

ඔයාත් ,මමත් උදේ නැගිටපු ගමන් යන්නේ කන්නාඩිය ඉස්සරහට.ඒ යන්නේ කොන්ඩේ පොඩ්ඩක් අවුල් වගේ වෙලානම් ලස්සනට හදාගෙන එන්න.ඒ වෙලාවේ ඔයා දැක්කොත් ඔයාගේ කොන්ඩේ ගිහිල්ලා කියලා.මොනවගේ හැගීමක් ඔයාට එයිද ? මට හිතාගන්න පුළුවන්. මොකද මමත් ඔය අද්දැකීම විදලා තියන නිසා. ඔයා හිතින් ගොඩක් ඒ වෙලාවට දුක් වෙනවා.ගැහැනු,පිරිමි කියලා වෙනසක් නැහැ.දෙගොල්ලොම කොන්ඩේ ගැන උනන්දුයි .තමන්ගේ මුණ ලස්සනට තියාගන්නවටත් වඩා ගොඩක් වෙලාවට බලන්නේ කොන්ඩේ ලස්සනද කියලා. ඔයා නිකමටවත් හිතලා බැලුවද ඇයි ඔයාගේ කොන්ඩේ යන්නේ කියලා.කොන්ඩේ යනවට කරන්න පුළුවන් මොනවද කියලා ? නෑනේ..

අපේ හිසකෙස් යන්නේ ඇයි ? මොනවද හේතු

01) ඔයාගේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටළු නිසා

අපිට එන තර්ජනයන්, අභියෝගයන් නිසා මනසට දැඩි පීඩනයක්‌ ඇතිවෙන්න පුළුවන්.අපි ඒකට කියනවා tension එක කියලා.tension එක වැඩි වුණහම ඔයාගේ හිසකෙස් යන්න පුළුවන්.ඔයාගේ මොලේට tension එක වැඩි වෙනවා කියන්නේ Androgen hormones මට්ටම ඉහළ යෑමේ හැකියාව වැඩි.ඒක ඔයාගේ කොන්ඩේ යන්න ප්‍රධාන හේතුවක් වෙනවා.

02) අසාමාන්‍ය ලෙස බර අඩුවීම නිසා

අපිට හිතා ගන්නවත් බැරි විදිහට බර අඩු වෙනවා නම් හරි , එහෙමත් නැත්නම් හිතා මතා හරි අපි අපේ බර අඩු කරගන්න දඟලනවා නම් ඒකත් එක හේතුවක් වෙනවා හිසකෙස් යන එකට.බර අඩුවෙනකොට කොන්ඩේ යන්නේ කොහොමද කියලා ඔයා හිතුවා නේද?ඒකට ප්‍රධානතම හේතුව තමයි අපේ ශරීරයේ වෙන වෙනස් කම් ගොඩක් වෙලාවට අපිට පෙන්නන්නේ අපේ හිස කෙස් වලින් නිසා.

03) හිසකෙස් යන තවත් හේතුවක් තමයි ඔයාගේ වයස

වසයසට යන එක සාමාන්‍ය දෙයක්නේ. ඔයා වයසට යනවා කියන්නේ ඔයාගේ කොන්ඩෙත් වයසට යනවා කියන එක. වයසට යනකොට අපේ කොන්ඩේ ස්වාභාවිකවම සිනිඳු වෙනවා.ඒ විදිහට හෙමින් හෙමින් සිනිදු වෙලා කොන්දේ හැලෙන්න ගන්නවා. ඉතින් වයසට යනකොට කොන්ඩේ හැලෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්.

මේ විදිහට කොන්ඩේ යනකොට මට වගේම ඔයාටත් දුකයිනේ.සමහර වෙලාවට අපිට කොන්ඩේ යන එක නතර කරගන්න පුළුවන්.ඇයි ඉතින් එහෙනම් ඒක නවත්තගන්න උත්සහ කරන්නේ නැත්තේ.හිසකෙස් යන එක නවත්තගන්නේ මෙහෙමයි.

01) ඔයාට දැනෙනවද ඔයාගේ කොන්ඩේ යනවා කියලා?

කලබල වෙන්න එපා.මොකද හිසකෙස් යන්නේ ඉතා ඉක්මනින් නෙවෙයි.මුලින්ම මාස තුනක්වත් බලන්න ඔයාගේ කොන්ඩේ යනවද කියලා.සාමන්‍යයෙන් අපේ හිසකෙස් හැලෙන්න මාස තුනක්වත් යනවා.මොකද හිසකෙස් වලටත් ජිවන චක්‍රයක් තියනවා.ඒ නිසා බයවෙන්නේ නැතුව මාස 3කට වඩා වැඩි කාලයක් අධික හිසකෙස් හැලී යාමක් වෙනවා කියලා ඔයාට දැනෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යන්න.

02) ඔයා ආහාර ගන්න ක්‍රමය වෙනස් කරන්න.ඒක කරන්නේ මෙහෙමයි ?

වැඩිපුර ප්‍රෝටීන් ආහාර ගන්න

ඇයි එහෙම කියන්නේ ? මොකද ප්‍රෝටීන් වලින් තමයි අපේ හිසකෙස් නැත්නම් කොන්ඩේ හැදිලා තියෙන්නේ. ඒ නිසා ප්‍රෝටීන් වැඩි ආහාර වැඩියෙන් ගන්න ඕනේ.specially Breakfast සහ lunch සඳහා අවම වශයෙන් ග්‍රෑම් 120ක පමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ඕනේ.

03) ප්‍රෝටීන් ගන්නවා වගේම සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්නත් ඕනේ

මොකද කාබෝහයිඩ්‍රේට් වලින් තමයි අපේ කොන්ඩේ වර්ධනය වෙන්න ශක්තිය දෙන්නේ.දවසේ ආහාර වේල් තුනට අමතරව කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්න ඕනේ.ඒ කියන්නේ නැවුම් පලතුරු,ඉරිඟු ,කිරි වගේ දේවල් ගන්න්න ඕනේ .

04) මොනදේ කලත් වැඩක් නැහැ මානසික නිදහස නැත්නම්.

කොන්ඩේ යනවා කියලා ඔයා දුක් වුණා කියලා වැඩක් නැහැ.මොකද කොන්ඩේ යන්නේ ඔයාගේ විතරක් නෙමෙයි.ඉතින් ඒ නිසා ඔයා ඔයාගේ මානසික සහනය ගැන හිතන්න වෙනවා.ඔයා busy නිසා සමහරවිට ඔයාට ඒ ගැන හිතන්න time එකක් නැති වෙන්න පුළුවන්.ඒත් ඔයා ඒ ගැන හිතන්නම වෙනවා.නැත්නම් මේ hair fall ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න බැරි වෙනවා.මේ කියන මානසික නිදහස ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ කියලා මම ඔයාට කියලා දෙන්නම්.පුළුවන් වෙලාවට සින්දුවක් අහන්න.නැත්නම් ඔයා කැමති පොතක් කියවන්න.එතකොට ඔයාට මානසික නිදහස ලබා ගන්න පුළුවන්

විශේෂයෙන්ම මතක තියාගන්න.දැන් වෙළදපොළේ කොන්ඩේ යනවට ගොඩක් Treatment තියෙනවා.මුලින්ම ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න පරිස්සම් වෙන්න.මොකද ඒ දේවල් වලින් කොන්ඩේ යන එක නතර වෙනවා කියල කිව්වට ඇත්තටම ඒක වෙන්නේ නැති වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් කොණ්ඩේ තවත් යන්න පුළුවන්.ඒ නිසා එක එක වර්ග වල product use කරන්න කලින් ටිකක් හිතලා බලන්න.නැත්නම් doctor කෙනෙක් හම්බ වෙලා ඔයාගේ Hair fall ප්‍රශ්නේ ගැන කියන්න.බෙහෙත් වගේ දේවල් බොන්න කැමති නැත්නම් මම කියපු දේවල් හරියටම කරලා බලන්න

Like
Like Love Haha Wow Sad Angry
7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here