කන කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රියන් වලින් එකක්.ඒ නිසාමයි අපි මේ තරම් කන ආරක්ෂා කරගන්නේ. හැබැයි ඉතින් සමහර වෙලාවට අපේම වැරදි නිසා කණට හානී වෙනවා.ඊට පස්සේ වෙන්නේ කියන කිසි දෙයක් ඇහෙන්නේ නැතුව යන එක.ඒක නම් හොඳ දෙයක් නෙමෙයි.මොකද අපිට එදිනෙදා වැඩ කරනකොට ඇහෙන්නේ නැතුව ගියොත් කිසි දෙයක් හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ.ඒ නිසා ඔන්න අද මම ඔයාට කියන්න යන්නේ අපි කොහොමද කණට හානී වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නේ කියලා.
01) වැඩි සද්දේ කාටත් අගුණයි

අපි බස් වල යනකොට හරි එහෙමත් නැත්නම් වෙන කොහේ හරි යනකොට හරි අපි head set එක high volume දාගෙන යනවා.හැබැයි ඒක නම් හොඳ දෙයක් නෙමෙයි.Volume level එක 60ට දාගෙන විනාඩි 60ක් විතර ගීත ඇසීමේ Sixty Sixty Standard එකට පවත්වාගන්න එක තමයි හොඳම වැඩේ.අනිත් කාරණාව තමයි ලෝකයේ වැඩිම පිරිසක් කන් ඇසීම අඩු වෙලා තියෙන්නෙත් මම කලින් කියපු කාරණාව නිසා
02) interval එකක් හැමෝටම ඕනේ

අපි සාමාන්‍යයෙන් wedding එකකට ගියහම ,එහෙමත් නැත්නම් DJ එකකට ගියහම කන පැලෙන්නනේ සිංදු දාලා තියෙන්නේ. එහෙම තැන් වලට ගියහම අපිට කොහොම හරි ඒ සද්ද වලට හුරු වෙලා ඉන්න වෙනවා.හැබැයි එහෙමයි දිඟටම එහෙම ඉන්න නම් එපා.මොකද අපි ඕනෙම දෙයක් කරනකොට මහන්සියෙන් වැඩ කලොත් වෙන්නේ ඒ වැඩේ හරියට කරගන්න බැරුව tension වෙන එක.ඉතින් ඒ වගේ තැන් වලට ගියහම පොඩ්ඩක් එලියට ගිහින් interval එකක් ගන්න.නැත්නම් හරියටම යථා තත්වයට පත් වෙන්න පැය 17ක්වත් යනවා
03) Cotton buds

ගොඩක් වෙලාවට අපි කනේ කලාඳුරු වගේ දේවල් ඉවත් කරන්න Cotton buds use කරනවා.එහෙමත් නැත්නම් අතට අහුවෙන hair grip එකක් ,එහෙමත් නැත්නම් කටුවක් වගේ දෙයක් Use කරනවා.ඒක නම් ඇත්තටම අනතුරුදයක් වැඩක්.කණේ කලාඳුරු වගේ දෙයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් මාර්ගයෙන් ඒවා ඉවත් කරගන්න.Cotton buds වගේ අනතුරුදායක දේවල් නම් Use කරන්න යන්න එපා.ඒකෙන් වෙන්නේ ඔයාටම අනතුරක්
04) නිතරම කණ වියළි නම් තමයි හොඳ

වතුර කියන්නේ හොඳ දෙයක් වුණාට සමහර වෙලාවට අපිට ආසාදන වෙන්නත් පුළුවන්.එතකොට වැඩිපුරම ආසාදන වෙන්නේ swimming කරන අයට ,ජලාශ වල නිතරම නාන අයට.ඊටපස්සේ පිට කණට වතුර ඇතුළු වුණාට පස්සේ කණ ඇතුලේ බැක්ටීරියා ඇති වෙනවා.ඉතින් ඔයත් නිතරම swimming වගේ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ගැලපෙන earplug එකක් use කරන්න
05) ශරීර යෝග්‍යතාවය

ආ… දැන් ඔයා හිතනවා ඇති ශරීර යෝග්‍යතාවය මොකටද කණේ ප්‍රශ්න වලට කියලා.මෙන්න මේකයි කතාව.දැන් අපි එකතැනක ඉදන් වැඩ කරනවා නම් අපි මහත් වෙනවා.ඊට පස්සේ රටේ නැති ලෙඩ හැදෙනවා.pressure ,diabetics වගේ බෝ නොවන රෝග ඇති වෙනවා.ඉතින් අපි exercise කරලා fit එකේ ඉන්නවා නම් ඔයාට අනිවාර්යයෙන් පුළුවන් මම කියපු ලෙඩ වලින් මිදෙන්න.එතකොට ඇඟ fit වෙනවා විතරක් නෙමෙයි කණේ හොඳ ලේ ගමනාගමනයක් පවත්වාගෙන යන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ දේවල් කලොත් ඔයාට කණේ ප්‍රශ්න නම් ඇති වෙන එකක් නැහැ.මොකද ඔයා දන්නවා දන කොහොමද කණ ආරක්ෂා කරගන්නේ කියලා.මොකද කණ කියන්නේ අපේ ශරිරරයේ තියෙන වැදගත්ම අංග වලින් එකක්.ඒ නිසා අපි අනිවාර්යයෙන් අපේ කණ ආරක්ෂා කරගන්න ඕනේ.නැත්නම් ඉතින් වෙන්නේ ඔයා කරන දේවල් වලින්ම කණ ඇහෙන්නේ නැතුව යන එක.කලින් දැනගෙන ආරක්ෂා වෙන එක කාටත් හොඳයිනේ



