Like
Like Love Haha Wow Sad Angry
2

make up කියන්නේ අපි නිතරම use කරන දෙයක්.මොකද අපි අපේ ලස්සන ගැන ගොඩක් හිතන නිසා.හැබැයි අපි නිතරම යන යන තැන makeup අරගෙන ගියත් සමහර වෙලාවට අමතක වෙන අවස්ථා තියෙනවා.එහෙම නැත්නම් අපේ make up box එකේ මොනවා හරි දෙයක් අඩු වෙලා තියෙන්න පුළුවන්.එහෙම වුණහම මොකද කරන්නේ කියලා අපි ඕනේ තරම් හිතනවා.හැබැයි මම අද ඔයාලට කියන්න යන්නේ පුංචි රහසක්.ඒ තමයි මේ වගේ වෙලාවල් වලදී අපි කොහොමද අනිත් makeup කරගන්නේ කියලා

01) මුලින්ම blush එක

මේකට කරන්න තියෙන්නේ පුංචි දෙයයි.ඔයාගේ එකෙන් Lipstick ටිකක් අරගෙන අරගෙන ඒකට Moisturizer Cream Mix කරලා blush කරගන්න පුළුවන්.

02) වැදගත්ම lipstick

මොන දේ නැති වුණත් අපි ළඟ lipstick එක නම් තියෙනවනේ.හැබැයි ඉතින් lipstick එක දාලා ඇවිත් නම් මොකද කරන්නේ.මේකට කරන්න තියෙන්නේ eye shadow එකේ ඔයාට අවශ්‍ය colour එක අරගෙන ඒක Moisturizer Cream එක්ක හරි එහෙමත් නැත්නම් Lip balm එක්ක හරි mix කරලා ගාන්න.

03) concealer වෙනුවට

Foundation powder වලට Moisturizer Cream ටිකක් අවශ්‍ය thickness එකට Mix කරලා ගාන්න.එතකොට ඔයාගේ concealer එක නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ

04) eye makeup ඉවත් කරන්න

අපි එක එක ජාතියේ makeup වර්ග ගල්වනවනේ.ඉතින් skin එකට හානි නොවෙන්න අපි makeup remove කරනවා.ඒ විදිහට remove කරනකොට අනිවාර්යයෙන්ම eye makeup එක නම් remove කරගන්න ඕනේ.ඔයාට පුළුවන් virgin coconut oil හරි Olive oil හරි දාලා cotton එකකින් remove කරන්න .

05) make up remove

makeup දැම්ම වගේ නෙමෙයි remove කරන්නත් ඕනේ.ඔයා ළඟ makeup remover නැත්නම් Baby cream හරි Moisturizer Cream තියෙනවා නම් ඒවා apply කරලා make up remove කරගන්න.එහෙම නැත්නම් මුහුණේ pimples එන්න බලනවා.

06) foundation එක නැත්නම්

foundation එක නැත්නම් කරන්න තියෙන්නේ මෙච්චරයි.concealer එකට Moisturizer Cream mix කරලා apply කරන්න.එහෙම නැත්නම් Face powder එකට Face cream mix කරලා foundation එකක් විදිහට use කරන්න පුළුවන්.

මෙන්න මේ tips ටික දන්න්නවා නම් make up වුනත් ගොඩක් අරන් යන්න ඕනේ නැහැ.වර්ග කිහිපයකින් ලොකු make up එකක් දාගන්න පුළුවන්.ඉතින් මේ ටික කරලම බලන්න.අනිත් එක මේ system එක ගොඩක් පහසුයි

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here