Like
Like Love Haha Wow Sad Angry

පලතුරු වලට අපි හැමෝම කැමැතිනේ.සමහර අයට නම් මුළු දවසම වුණත් fruit කාලා ඉන්න පුළුවන්.මොකද ඉතින් fruit කියන්නේ රස වගේම ගුණදායක දෙයක්නේ.මම අද ඔයාට කියන්න ආවේ හැම fruit වර්ගයක් ගැනම නම් නෙමෙයි.95%ක්ම ජලය තියෙන Watermelon ගැන.ඒ විතරක් නෙමෙයි Watermelon වල විටමින් A,B6 සහ C අඩංගු වෙනවා.Oily skin එකක් තියෙන කෙනෙක්ට වුණත් oily ගතිය නැති කරගන්න Watermelon වලට පුළුවන්.අපි බලමු Watermelon වලින් මොනවද වෙන්නේ කියලා.

කොමඩු වලින්

  • ඇස් පෙනීම වැඩි දියුණු කරනවා
  • පිළිකා ඇති වීම වළක්වනවා
  • සමේ තෙතමනය ආරක්ෂා කරනවා
  • කොමඩු වල තියෙන Mg, K නිසා රුධිර පීඩනය පාලනයට කරනවා
  • වකුගඩු නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා
  • බර අඩු කර ගැනීමට උපකාර කරනවා.
  • සම රැලි වැටීම නැති කරනවා
  • මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා
  • ප්‍රතිශක්තිය වැඩිදියුණු කරනවා

අපි බලමු skin එකට මොනවද ලැබෙන benefits කියලා

01) Cucumber සහ Watermelon Face Pack

  • කොමඩු යුෂ තේ හැඳි 01
  • පිපිඤ්ඤා යුෂ තේ හැඳි 01

කොමඩු සහ පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර සමෙහි ආලේප කරන්න.ඊට පස්සේ විනාඩි 20ක් තියලා සෝදන්න.මේ treatment එක සතියට දින 03ක් විතර කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.

මේ treatment එකෙන් skin එකේ තියෙන විෂබීජ නැති කරනවා වගේම සමේ මියගිය සෛල ඉවත් කරලා සම ප්‍රාණවත් කරනවා

02) Pimples නැති කරන Watermelon

Skin එකේ oily ගතිය නිසා තමයි Pimples ඇති වෙන්නේ.ඉතින් කොමඩු කියන්නේ සමේ තියෙන oily ගතිය අඩු කරන දෙයක්.ඒ වගේම කෙසෙල් වලට පුළුවන් skin එකේ තියෙන pimples නැති කරන්න.ඒකට ඔයාට පුළුවන් මෙන්න මේ Face Pack එක try කරලා.

  • පොඩි කරගත් කොමඩු Tablespoon 01
  • පොඩි කරගත් කෙසෙල් Tablespoon 01

මේ ද්‍රව්‍ය දෙකම හොඳට Mix කරලා මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.ඊටපස්සේ පැය භාගයක් විතර ඉදලා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

ඔයාට පුළුවන් මේ treatment කරන්න බැරි නම් face pack එකක් ගන්න.කොමඩු විතරක් නෙමෙයි ඇපල් ,දොඩම් සහ අන්නාසි තියෙන හොඳ face pack එකක් ගන්න.ඒ වගේ face pack එකකින් මුහුණේ රැළි වැටීම ,එල්ලා වැටීම නැති කරලා ලප කැළැල් නැති කරන නිසා ගොඩක් හොඳයි.

කොමඩු වලින් මේ තරම් benefit ලැබෙනවා කියලා ඔයා හිතුවේ නැහැ නේද.එහෙනම් ඉතින් අද ඉදන් ඔයා කොමඩු කාලා ලස්සන වෙන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි කොමඩු කන්නේ නැති අයත් අද ඉදන් කොමඩු කන්න පටන් ගනී.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here