Like
Like Love Haha Wow Sad Angry
1

නිතරම කම්මැලි හිතෙනවද? වැඩක් කරන්න ගියහම පටන් ගත්තන වෙලාවේ ඉදන් ඈලි මෑලි වෙලාද ඉන්නේ.එහෙනම් බලාගෙන ඉන්න එපා.ඒ මොකද දන්නවාද.ඔයා වගේ ලක්ෂණ මතු වෙන්නේ අපේ සිරුරේ තියෙන යකඩ ප්‍රමාණයට අඩු වුණහම.එතකොට අපිට ඇති වෙන ප්‍රධානම ගැටලුව තමයි රක්තහීනතාවය,එහෙමත් නැත්නම් Anemia කියන්නේ.සමහරවිට ඔයාට මේ තත්වය ඇති වෙලා වෙන්න පුළුවන්.හැබැයි ඔයා දන්නේ නැතුව ඇති මොකක්ද වෙලා තියෙන්නේ කියලා.වෙන වෙන හේතු ගැන හිත හිත ඉන්නවා වෙන්නත් පුළුවන්.ඒ නිසා අද අපි බලමු මොකක්ද මේ රක්තහීනතාවය කියන්නේ කියලා.

රක්තහීනතාවය කියන්නේ.

යකඩ ඌණතාවයත් සමග රතු රුධිර සෛල වල hemoglobin ප්‍රමණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සිරුරේ පටක වෙත ගෙන යාමට නොහැකි වීම නිසා තමයි රක්තහීනතාවය ඇති වෙන්නේ.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරිරයේ තිබිය යුතු හිමොග්ලොබින් ප්‍රමාණය කොපමණ ද?

  • වැඩිහිටි පිරිමි පුද්ගලයකුගේ haemoglobin ප්‍රමාණය – 13.5–17.5 g / dl
  • ගැහැනු කෙනකුගේ haemoglobin ප්‍රමාණය – 11.5–15.5 g / dl

මෙම අගයන්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය තියෙනවා නම් එය රක්තහීනතාවය ලෙස හඳුන්වනවා.

රක්තහීනතාවයේ ලක්ෂණ

  • හතිය සහ හිසරදය
  • සිරුර දුර්වල වීම
  • සම සුදුමැලි වීම
  • පපුවේ කැක්කුමක් ඇතිවීම
  • හෘදස්පන්දන වේගය වැඩි වීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • අත් සහ පාද සීතල වීම
  • දිවේ ඉදිමුම් තත්වයන් ඇති වීම
  • නියපොතු කැඩෙන සුළු වීම
  • ආහාර අරුචිය
  • සම වියලි වීම
  • මානසික අවපීඩනය
  • ක්ලාන්ත ගතිය
  • මතකයේ දුර්වලතා ඇති වීම
  • නිතර කේන්ති යාම

මීට අමතරව

ඇතැම් ඖෂධ වර්ග භාවිතය නිසා මේ රෝගය ඇති වෙනවා.ගොඩක් වෙලාවට joint pain වලට ගන්න drugs රෝගයට හේතු වෙනවා

අර්ශස්, කොකු/ පටි පණු රෝගය, වකුගඩු රෝග සහ ආමාශයේ තුවාල ඇති වීම වැනි රෝග වල ප්‍රතිඵලයක් ලෙස රුධිරය පිට වීමෙන් රෝගය ඇති වෙනවා.

ඒ වගේම පිළිකාමය තත්වයන්, ඇට මිදුළු ආශ්‍රිත රෝග සහ වකුගඩු ක්‍රියා විරහිත වීම නිසා රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්.

රක්තහීනතාවයට හේතු

  • යකඩ අඩංගු ආහාර නොගැනීම
  • අධික රුධිර වහනය
  • යකඩ නිසි පරිදි අවශෝෂණය නොවීම
  • ගැබ් ගැනීම
  • පෝෂණ ඌණතා
  • තයිරොයිඩ් ආබාධ
  • ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ
  • කුඩා දරුවන්ට
  • වැඩෙන වයසේ යොවුන් දරුවන්ට
  • ගර්භණි මව්වරුන්ට
  • කිරි දෙන මව්වරුන්ට

රක්තහීනතාවය හඳුනා ගන්නේ කොහොමද ?

  • FBC – Full Blood Count
  • Blood Picture
  • SFR – Stool Full Report
  • HPLC – High Performance Liquid Chromatography
  • Hemoglobin electrophoresis
  • Bone marrow test
  • Serum iron and serum ferritin tests
  • Vitamin B12
  • USS – Ultra Sound Scan
  • Endoscopy
  • Clotting profole

රෝගය සුව කරගන්නේ කොහොමද

  • යකඩ සහ ෆොලේට් ගැනීම
  • පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම
  • යකඩ අඩංගු ආහාර ගැනීම (නිවිති ,පලා වර්ග,මස් වර්ග ,හරක්මස් ,පීකුදු ,සැමන් ,කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන,බිත්තර)
  • ෆොලේට් අඩංගු ආහාර ගැනීම.(බ්රෝකොලි,කඩල,රතු සහල් )
  • නිසි කලට පණු බෙහෙත් ගැනීම
  • නිතරම ජලය පානය කිරීම

දැන් දැනගත්තා නේද කවදාවත් නැති කම්මැලිකමට හේතුව මොකක්ද කියලා.සමහරවිට ඔයා රෝගය දන්නවා වෙන්නත් පුළුවන්.treatment කරන්න වෙලාවක් නැති නිසා ගණන් ගන්නේ නැතුව ඇති.හැබැයි ඔයාගේ නොසැලකිලිමත්කම නිසා රෝගය දරුණු අතට හැරෙන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා මම කිව්වා රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්ය උපදෙස් ලබා ගන්න

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here