Like
Like Love Haha Wow Sad Angry

අපි ඉතින් එදා ඉදන් salon එකට දුවනවනේ. Clean up කරගන්න,හදිස්සියකදී make up එකක් දාගන්න.ඒ විතරක් නෙමෙයි තව ඕනේ තරම් අවශ්‍යතා තියෙනවනේ.හැබැයි ඉතින් මේ දේවල් කරගන්න යන වියදම නම් ලේසි පහසු නැහැ.මොකද ඉතින් දැන් තියෙන වියදම් එක්ක හැමදෙයක්ම balance කරගන්න අමාරු තත්වයක් තමයි තියෙන්නේ.ඒ නිසා අපිට ලස්සන වෙන්න ගෙදරදී කරගන්න පුළුවන් දේවල් තියෙනවනේ.ඒ වගේම අපේ වියදමත් අඩු කරගන්න පුළුවන්.අපි office ඉවර වෙලා ගෙදරට එනකොට අව්වට පිච්චෙන අවස්ථා තියෙනවා.සමහර වෙලාවට තියෙන busy එකත් එක්කම අපිට අපි ගැන හිතන්න time නැහැ.ඒ නිසා අපි හැමෝටම තියෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕනේ කියලා මම හිතුවා.

හිරු එලිය නිසා

  • සම රතු වීම
  • කැසීම
  • සම වියලි වීම
  • සම රැළි වැටීම
  • දුර්වරණ වීම
  • ලප කැළැල් හට ගැනීම
  • ඉක්මණින් සම වියපත් වීම

හිරු එළියෙන් ආරක්ෂා වෙන්න නම්

  • නිතරම sunglasses භාවිතා කිරීම
  • හිරු එළියට යාමේදී
  • සිරුර ආවරණය වන ඇඳුම් අඳින්න
  • Sun cream එකක් භාවිතා කරන්න

01) අයිස්

ඒකට කරන්න තියෙන්නේ අයිස් කැටයක් අරගෙන රෙදි කැබැල්ලක ඔතා ගෙන ඊට පස්සේ ඒකෙන් මුහුණ massage කරන එක.මේක විනාඩි කිහිපයක් හැමදාම කරන්න.පිළිස්සුනු සම විතරක් නෙමෙයි pimple තියෙනවා නම් ඒවත් අයින් වෙනවා

02) බේකිං සෝඩා

සමේ ඇති දැවිල්ල ,කැසීම අඩු සහ අව්වේ පිළිස්සීම් වලට බේකිං සෝඩා හොඳ ප්‍රතිකාරයක් වෙනවා.ඔයාගේ පිළිස්සුනු skin එකේ බේකිං සෝඩා සහ ජලය මිශ්‍ර කර ආලේප කරන්න.විනාඩි කිහිපයකින් සෝදා හරින්න.

03) ජලය පානය

ජලය කියන්නේ ඖෂධයක් වගේ පානයක්.ඒ නිසා අනිවාර්යයෙන් නිතරම ජලය පානය කරන්න එකනම් කරන්නම ඕනේ.සමට වෙන හානිය අවම කරණ ජලය skin එක ආරක්ෂා කරනවා.ඒ විතරක් නෙමෙයි skin එකේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර වතුර වල තියෙනවා

04) යෝගට්

යෝගට් කියන්නෙත් පෝෂණීය ගුණයක් වගේම beauty එකටත් ගොඩක් හොඳ දෙයක්.ඉතින් ඔයාට හිරු එළියෙන් burn වුණ skin එකේ යෝගට් ගාලා පැය භාගයකින් විතර සොදාන්න.මේ treatment එක දිනපතා කරනවා නම් හොඳ result එකක් ගන්න පුළුවන්.

ඉතින් මේ දේවල් කරන අතරතුර ඔයාට පුළුවන් හොඳ fairness cream එකක් use කරන්න.හැබැයි නිකන්ම නිකන් fairness cream එකක් නැතුව පිරිසිඳු පොල්තෙල්,ලෙමන් ,කහ සහ කිරි සාරය තියෙන cream එකක් use කරන්න. ඒ වගේ cream එකක් use කරනවා නම් හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා වගේම skin එක dry වෙන එකත් නැති වෙනවා.

දැන් ඔයාට බය නැතුව හිරු එලියට යන්න පුළුවන් .හැබැයි මේ treatment හැමදාම කරන්න ඕනේ,නැත්නම් burn වෙලා තියෙන skin එක කලින් තිබුන වගේම පැහැපත් කරගන්න බැරි වෙයි.ඒ නිසා treatment කරන එක නම් අමතක කරන්න එපා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here