success වෙන එක easy වැඩක් නම් නෙමෙයි.මොකද success වෙන්න නම් ඒ විදිහට හිතන්න ඕනේ.කරන වැඩ වුණත් කරන්නන් වාලේ කරන්න ගියොත් වැඩේ හරියට කරගන්න බැහැ.සාමාන්‍යයෙන් අපි මීයන්ට බයයිනේ.හැබැයි අපි try කරනවා මීයෝ අල්ලන්න.ඒ කොහොම වුණත් සමහර වෙලාවට අපි ගන්න වැරදි ක්‍රියාමාර්ග නිසා මීයා අල්ලන වැඩේ හරියටම කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා.අන්න ඒ නිසයි කතාවට කියන්නේ මීයෙක් අල්ලන්න නම් මීයෙක් වගේ හිතන්න ඕනේ කියලා.අන්න ඒ වගේ සාර්ථක කෙනෙක් වෙන්න නම් ඒ විදිහට හිතන්නම වෙනවා.එයාලා හිතන්නේ අනිත් අය හිතන විදිහටම වුණත් එයාලා හිතන රටාව වෙනස්.අපි success වෙන්න නම් ඒ රටාවට හුරු වෙන්න ඕනෙමයි
01) හැමදෙයක්ම හරියන්නේ නැහැ

වැඩක් පටන් ගත්ත ගමන්ම success වෙන්න පුළුවන් කමක් නැහැ.මොකද කිසිම දෙයක් හිතන තරම් ලේසි නැහැ.අපි Business එකක් start කලත් ඒක සමහරවිට හරියන්න පුළුවන්.එහෙමත් නැත්නම් වැටෙන්න පුළුවන්.වැටුණට පස්සේ හිතන්නේ මට මේක කරන්න බැහැ.මම fail කියලා වැඩේ අතඅරිනවා.අන්න ඒ නිසයි අපිට කවදාවත් success වෙන්න බැරි.අපි අද ඉදන් කරන්න ඕනේ ,මොකක්ද වුණේ ,කොහොමද වැරදුනේ ,ඇයි වැරදුනේ කියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න එක.ඊළඟට බලන්න වැරදුන දේවල් වලට විසඳුම් මොනවද කියලා.අන්තිමට කරන්න ඕනේ ඒ විසඳුම් ක්‍රියාවට නංවන එක.එතකොට පුළුවන් වැරදුනු හැමදෙයක්ම නැවත හරි විදිහට කරලා අපි පටන් ගත්ත වැඩේ success කරගන්න.දැන් අපි ඉන්නේ දණ ගාන කාලේ වුණාට කාලයක් යනකොට ඇවිදින්නත් පටන් ගන්නවා.හැබැයි අමතක කරන්න එපා අන්තිමට පියාඹන්නත් පාරක් හැදෙනවා කියලා
02) සාර්ථකත්වය කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි.

අපි ගොඩක් වෙලාවට success වෙන්න බලන්නේ මහන්සි වෙන්නේ නැතුව.සමහර වෙලාවට හිතෙනවා ඇති උදේ නැගිටිනකොට දොර ළඟ සල්ලි මල්ලක් තියෙනවා නම්.එහෙමත් නැත්නම් එක පාරට ගෙදර දොර අරිනකොට රන් ,රිදී, මුතු ,මැණික් වලින් ගෙදර පිරිලා තියෙනවා නම් කියලා.ඇත්තටම ඒ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා ඔයත් දන්නවා.මාත් දන්නවා.හැබැයි අපි බලාපොරොත්තු වෙනවා.දැන් ඉදන් ඒ වගේ දේවල් නම් හිතන්න යන්න එපා.ඒක කාලය කන වැඩකට නැති දෙයක්.ඒ නිසා අපි හැමවෙලාවෙම හැමදෙයක්ම success කරගන්න මහන්සි වෙන්න ඕනේ.මොකද වැඩක් කරන්නේ නැතුව වැඩකින් success වෙන්න බැහැ.
03) වැටුණොත් නැඟිටින්න

සාමාන්‍යයෙන් අපි හිතන්නේ අරයා මගේ කකුලෙන් අදිනවා.මාව වට්ටන්න තමයි හදන්නේ කියලා.හැබැයි ඔයා දන්නේ නැති වුණාට ඔයාම තමයි ඔයාගේ කකුලෙන් අදින්නේ.පොඩ්ඩක් හිතලා බලන්නකෝ.ඔයා හිතනවා සමහර වෙලාවට මට අරක කරන්න බැහැ,මේක කරන්න බැහැ කියලා.අන්න එතනයි වැරදුනේ.ඊට පසේ ඉතින් සේරම අතඇරලා දානවා.හැබැයි ඒ විදිහට නම් dream වලට යන්න බැහැ.අන්තිමට ඔයාට dream එකත් අමතක වෙනවා.ඒ නිසා ඔයාට පේන තැනකින් ඔයාගේ dream එක ලියලා තියාගන්න.එතකොට උදේට නැඟිටිනකොට වුණත් dream එක දිහා බලාගෙන කම්මැලි නැතුව නැගිටින්න පුළුවන්.නැත්නම් කම්මැලි වුණොත් ඔයාට කවදාවත් dream වලට යන්න වෙන්නේ නැහැ.ඔයා දැන් ඉන්න තැන සහ ඔයාගේ dream එක තියෙන තැන ගැන නිතරම compare කරන්න.ඒ වගේම මට බැහැ කියන්නේ නැතුව හැමවෙලාවෙම මට පුළුවන්.මම කොහොමහරි කරනවා කියන අධිෂ්ඨානය තියාගන්න
04) ඊළඟ පියවර

සාමාන්‍යයෙන් companies වල අවුරුද්දේ අවසානයට Report එකක් හදනවා.ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වසර තුල කොපමණ ප්‍රමාණයක් success වෙලාද.මොන වගේ ප්‍රශ්නද ඇති වුණේ කියන හැමදෙයක් ගැනම හරියටම බලාගන්න.අන්න ඒ වගේ දවසේ වුණ දේවල්, කරපු දේවල් හැම දෙයක් ගැනම අධ්‍යයනය කරන්න.ඒ වගේම ඒ දේවල් වලින් ඔයාගේ ගමනට කොච්චර සහයෝගයක් ලැබුනද කියලා හිතලා බලන්න.ඔයාට ලැබුණු උත්තරේ නැහැ කියලා නම් ඊළඟ දවසේ එහෙම නොවෙන්න වැඩ කරන්නන try කරන්න.ඒ වගේම කොයි මොහොතක හරි ඔයාට දුකක් දැනුනොත් ඒ වෙලාවට දැන් තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න.
ඉතින් මේ දේවල් නැත්නම් ඔයාට success වෙන එක නම් අමාරු වැඩක්.ඒ නිසා මේ දේවල් ගැන නම් හිතන්නම වෙනවා. හැමදාම නැහැ බැහැ කියලා හිතන්නේ නැතුව ඔයා පුළුවන් කියන අධිෂ්ඨානයෙන් ඉන්න.එතකොට ඔයාට success වෙන එක dream එකක් නම් වෙන්නේ නැහැ .



