බිත්තර කියන්නේ අපි නිතරම වගේ කන දෙයක්.හැබැයි හැමෝම මස් මාළු කන්නේ නැති අය බිත්තර වගේ දේවල් කනවා.ඒ වගේම බිත්තර කියන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක්.අනිත් එක ඕනේ විදිහකට හදන්නත් පුළුවන්නේ.ඉතින් අපි හැමදාම බිත්තර කන්නේ එකම recipe වලටනේ.අපි හදමු වෙනසකටත් එක්ක Egg muffin.
අවශ්‍ය වෙන්නේ මොනවද ?

- බිත්තර 03
- කොටු කපාගත් සොසේජස්
- පොඩි කරගත් ළූණු
- පොඩි කරගත් අමු මිරිස්
- පොඩි කරගත් කැරට්
- කුඩාවට කොටු කපාගත් මොසරැල්ලා චීස්
- ලුණු
- ගම්මිරිස්
දැන් හදාගමු
- බිත්තර ටික බෝල් එකකට දාගෙන ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න.
- ඒකට අනෙක් ද්‍රව්‍ය සියල්ලම එක් කරලා මිශ්‍ර කරගෙන බටර් තවරාගත් මෆින් tray එකකට දාගන්න
- සෙල්සියස් අංශක 180ට රත් කරගත් අවන් එකක දාල විනාඩි 15ක් බේක් කරගන්න.
මේ විදිහට හදාගෙන ඔයාට පුළුවන් රස කෑමක් හදාගන්න.හදලා බලන්නකෝ.ඔයාට පුළුවන් ගෙදර අයට මේක හදලා දෙන්න.ඒ වගේම husbandට, බබාලාටත් මේක හදලා දෙන්න.එයාලත් ආසාවෙන් බැහැ නොකියා Egg muffin කයි.



