සාමාන්‍යයෙන් ජපන් මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 85ක් පමණ වෙනවා .නමුත් අනෙක් රට වල ජිවන රටාවත් එක්ක ජිවත් වෙන කාලය ගැන නිර්ණය කරන්නට අමාරුයි.ලෝකයේ වැඩිම කාලයක් ජිවත් වෙන අය අතර ජපානය මුල් තැනක් ගන්නවා.මේ කියන්නේ ජපානයේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව දිගු කාලයක් ජීවත් වෙන්නට හේතු කිහිපයකි
– ඔවුන් ආහාර ගැනීමේදී සෝයා බෝංචි, මුහුදු මාලු, මුහුදු ආහාර, එළවලු වගේ පෝෂ ගුණය සපිරි ආහාර කෑම වේලට එකතු කරගන්නවා.
– අධික ලෙස ආහාර නොගනී
– නිතරම පයින් ගමන් කරයි
– ඒ වගේම නිතරම වැඩ කරන්නට පෙළඹිලා ඉන්නවා
– වැඩ කරමින් කාර්යබහුල ජිවිතයක් ඔවුන් ගත කරනවා
– නිතරම ඔවුන් පොත පත කියවනවා
– මොළය වෙහෙසන ක්‍රීඩා සිදු කරනවා
– ඔවුන් අතර හොඳ පවුල් පසුබිමක් ඇති කර ගෙන තියෙනවා
– ඔවුන් නිතරම පිරිසිඳු කටයුතු වල නිරත වන නිසා ලෙඩ රෝග පැතිරීම බොහෝ සේ අඩු වීම සිදු වෙනවා



