කණ්ඩායමක් විදිහට වැඩ කරන එක ටිකක් අමාරු වෙන අවස්ථා තියෙනවා.මොකද එක එක්කෙනාගේ අදහස්, ආකල්ප විවිධයි.එක්කෙනෙක් නැහිගෙන වැඩ කරද්දී තව එකෙක් එයාට උදව් කරනවා.අනේ එක්කෙනා බොරුවට වැඩ කරනවා වගේ පෙන්වනවා.තව කෙනෙක් වැඩේ පස්සට දානවා.හැබැයි වැඩේ හරි ගියේ නැත්නම් හැමෝම බනින්නේ අර වැඩ කරපු කෙනාට. බැරිවෙලාවත් වැඩේ හරියටම හරි ගියොත් තම තමන්ගේ කාර්යභාරය ගැන ලොකුවට කතා කරනවා.වැඩ කරපු කෙනාගේ හම යනවා අනිත් අයගේ නම යනවා.ඒ කොහොමවුණත් මේ කියන්න යන්නේ ඔයාගේ කණ්ඩායමේ ඉන්න කම්මැලියන්ගෙන් පහසුවෙන්ම වැඩ ගන්නේ කොහොමද කියලා.
01) කරන්න යන වැඩේ ගැන අනිත් අයට කියලා දෙන්න.

ඔයාගේ Idea එක ගැන අනිත් අය දන්නේ නැති වුණාම වැඩ කරන්න ටිකක් අදිමදි කරන්නවා.මොකද Plan එකට නොගැළපෙන දෙයක් කළොත් අපි නිකරුණේ ඔවුන්ට කෑ ගහනවා.කරන්න යන වැඩේ බරපතලකම කොච්චරද කියන එක තේරෙන්න නම් කරන්න යන වැඩේ ගැන දළ අදහසක්, Plan එකක් කොළේක හදලා ඒ ගැන discussions කරන්න.ඒ Plan එක හැමෝටම පේන තැනක එල්ලන්න, නැත්නම් හැමෝටම බෙදලා දෙන්න.
02) වගකීම් බෙදලා දෙන්න

ඔයාගේ main target එකට යන්න නම් කණ්ඩායමක් විදිහට කරන්න පුංචි පුංචි වැඩ ගොඩක් තියෙනවා.ඒ සේරම වැඩ එක්කෙන් විතරක් කළොත් අනිත් අය ඒකට ඇඟිලි ගහලා කරන වැඩේ විනාශ කරනවා.ඒ නිසා එක්කෙනෙක්ට වැඩ පවරලා දෙන්න, වගකීම් දෙන්න.වැඩේ භාරදීලා, ඒක කරන්න ඕන deadline එකක් දීලා නැවතත් ප්රධාන අරමුණ සහ ඉලක්කය ගැන කතා කරන්න.
03) නිතරම meetings

Meetings අරගෙන පැය ගණන් කම්මැලි හිතෙන presentations කරන්න එපා.එතකොට ඔයාගේ team එකේ සාමාජිකයන්ට meetings වලට එකතු වෙන එක වහ කදුරු වගේ වෙයි.ඊට පස්සේ පරක්කුවෙලා එනවා, ආවාම හොරෙන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා, මැද්දෙන් නැගිටලා යනවා.ඒ නිසා monthly meeting 01ක් නෙවෙයි weekly meeting 01 ගානේ meetings තියන්න. එතකොට හැමෝටම තම අදහස් ප්රකාශ කරන්නත් අවස්ථාවක් ලැබෙනවා.
04) Meeting හැමෝටම අවස්තාවක්.

හැම වෙලේම ඔයා විතරක් කතා කරන්නේ නැතිව අනිත් අයටත් ඔවුන්ගේ වැඩ ගැන,ගතවුණු කාලය තුළ කරපු දේවල් ගැන කියන්න, අදහස් ප්රකාශ කරන්න ඉඩ දෙන්න.අපේ අදහස් වැඩක් නැහැ නේද කියලා හිතෙනකොට කොහොමටත් වැඩක් කරන්න හිත දෙන්නේ නැහැ.අනිත් එක එයාලට වැඩ කරන එක boring වෙනවා.මොකද මිනිස්සු ආසයි තමන්ගෙ හැකියාවන් උරගා බලන්න.අනික meeting එකේදී කියන්න දෙයක් නැති නිසා හරි උනන්දුවෙන් වැඩ කරන්න office එකේ අය පෙළඹෙනවා.
05) කුඩා ජයග්රහණ ගැන කතා කරලා ප්රශංසා කරන්න.

කණ්ඩායමක් විදිහට ගත්ත ජයග්රහණ ගැන ඔයාගේ කණ්ඩායම ලබා ගන්න ජයග්රහණ පොඩියට හරි celebrate කරන්න පුළුවන් නම් ඒක හැමෝටම පොඩි pride එකක් ඇති වෙනවා.ඒ වගේම එම ජයග්රහණයට හේතු වු අය ගැන අනෙක් අයගේ සිත් වල ඉරිසියා නොහිතෙන්න විදිහට ප්රසංශා කරන්න.
මේ කරුණු ගැන ඔයත් ටිකක් අවදානය යොමු කළොත් ඔයාගේ කණ්ඩායම සාර්ථකත්වයත් ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි target වලටත් ඉක්මනින් යන්න පුළුවන්.තනියම වැඩක් කරනවට වඩා හැමෝම එකතු වෙලා වැඩක් කළොත් අනිවාර්යයෙන්ම හරියනවා.මොකද ගොඩක් අයගේ ideas එකම තැනකට එකතු වෙන නිසා



