ආසියානු රටවල බොහෝ විට දක්නට ලැබෙන මැංගුස් කියන්නේ රසවත් පළතුරක්.ඒ වගේම මැංගුස් ගැන දැන ගත්තත් එහි ඇති ගුණ ගැන ඔබ නොදන්නවා වෙන්න පුළුවන්.ඔබේ විවිධ රෝගයන් වලට ගුණ දෙන මැංගුස් ගැන දැනගන්න
01)පර්යේෂණ වලට අනුව හෘද රෝග සඳහා පිළියමක් වෙනවා.මෙහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය නිසා සෛල සුවපත් කිරීම, වියපත් වීම වැළක්වීම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කිරීම සහ කායික සහ මානසික සෞඛ්‍යය වර්ධනය කිරීම මැංගුස් මඟින් සිදු කරනවා.
02) මැංගුස් වල අඩංගු වන්නේ ඉතා අඩු කැලරි ප්‍රමාණයක්.ඒ නිසා ශරීර බර පාලනයටද මැංගුස් උපකාරී වෙනවා
03)විටමින් C මඟින් ශරීරයේ නව සෛල වර්ධනය කිරීම සිදු කරනවා.ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් රෝග වලින් ශරීරය ආරක්ෂා කරයි
04)මැංගුස් නිතරම ආහාරයට ගැනීමෙන් පපුවේ වේදනාව,අධික කොලොස්ටරෝල් මට්ටම ,හදවතේ රුධිර නාලිකා සිර වීම සහ රක්තහීනතාවය දුරු කරනවා
05)අහිතකර කොලොස්ටරෝල් මට්ටම අඩු කර හදවත නිසි ලෙස ක්‍රියාකාරී වෙයි
06)පිළිකා නාශක ගුණයද පවතී
07)මැංගුස් සතු ස්වභාවික බැක්ටීරියා සහ විෂබීජ නාශක බලයන් මඟින් කුරුලෑ සහ සම මත ඇතිවන ආසාදනයන් ඇති නොවේ
08)ඔසප් සමයේ ඇති වන හිස කරකැවිල්ල, මනෝභාවය වෙනස් වීම ,රුධිර පීඩනය වැඩි වීම සහ ඔසප් වේදනාව සමනය කරයි
09)පාචනය, බඩවැල් තුල හටගන්නා රෝගයන් සහ මුත්‍රා රෝග සඳහා මැංගුස් උපකාරී වේ
10)මැංගුස් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් අකලට වියපත් වීම වලක්වා තරුණ පෙනුම ගෙන දෙයි
.



