ඔබේ සෞඛ්‍ය තත්වය කුමන මට්ටමක පවතීද යන්න ඔබේ මුහුණ මඟින් පෙන්නුම් කරනවා.මුහුණේ අවපැහැ ගතිය ,කුරුලෑ වැනි දේ මඟින් එය විඳහා දක්වනවා.බොහෝ විට මුහුණ අවපැහැ වන්නට ඔබගේ විවිධ සෞඛ්‍ය ගැටළු හේතු වෙන්න පුළුවන්.
01)කුරුලෑ
මෙහිදී තයිරොයිඩ් ආබාධයන්,හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ ගැටළු ,අසාත්මිකතා ,ආහාර ජීර්ණ ගැටළු හා අක්මාවේ ආබාධයන් හේතු වෙන්නට පුළුවන්.ඔබ කුරුලෑ සඳහා විවිධ ආලේපනයන් භාවිතයට පෙර වෛද්‍ය උපකාර ලබා ගන්න.
02)මුඛයේ කොන් වල පිපිරීම්
ශරීරයට අවශ්‍ය විටමින් B ඌනතාවයේදී මෙම තත්වය ඇති වේ.විටමින් B12, ධාන්‍ය , කොළ පැහැති එළවළු සහ මස් ආහාරයට එකතු කිරීම මඟින් තත්වය පාලනය කර ගත හැක.
03)ඉදිමුණ,විඩාපත් ඇස්
ඔබට තයිරොයිඩ් ආබාධයක් ,රාත්රියී අධික නිද්‍රාශීලිත්වය හෝ කොලොස්ටරෝල් මට්ටම වැඩි වූ විට සහ ආසත්මිකතවයක් ඇති විට මෙම තත්වය පෙන්නුම් කරයි.
04)වියළි සම
තයිරොයිඩ් ග්‍රන්ථි වල අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහ දියවැඩියාව නිසා සමේ තෙතමනය අඩු කරයි.ඒ නිසා ඔබ ජලය පානයට පුරුදු වන්න.
05)අවපැහැ සම
යකඩ ඌනතාවයද ,අක්මාවේ අබාධ සහ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වීම නිසා මුහුණ අවපැහැ වීම සිදු වේ.
06)මුහුණේ අධික රෝම
මේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය වේ.එහිදී හකු ප්‍රදේශය ,නිකට සහ උඩු තොල් වල අනවශ්‍ය රෝම ඇති වේ.එහිදී ඔබ ප්‍රසව හා නාරී වෛද්‍යවරයෙකු හමු විය යුතුය .



