කාලෙන් කාලෙට ගැලපෙන තාලෙට විලාසිතා කිරීමට ඔබ පුරුදු වී සිටියත් සමහර අවස්ථවන් වලදී ඔබ එක විලාසිතාව දිඟින් දිගටම කිරීමට පෙළඹිලා තියෙන අවස්ථාවන්ද නැතුවාම නොවේ.මිට අවුරුද්දකට ප්‍රථම තිබු විලාසිතාවන් වර්තමානය වන විට ගිලිහි ගොස් නව විලාසිතාවන් ලෝකයම ආක්‍රමණය කරලා තියෙනවා.ඉතින් මේ කියන්නේ වර්තමානයේ දැඩි ලෙස ජනප්‍රිය වී පවතින විලාසිතාවන් කිහිපයක් ගැනයි.
01) මුදු පැළඳීම
අතීතයේ මුදු පැළඳීම ධනවතුන්ගේ විලාසිතාවක් වුනත් වර්තමානයේ තම අතෙහි මුදු තුනකට වඩා පැළඳීම සුදුසු වෙන්නේ නැහැ.වර්තමානයේ විලාසිතාව වෙන්නේ කරඹුවේහි පැහැයට එක මුද්දක් පැළඳීම පමනයි
02) බ්ලවුස්
සිරුරට හිර නොවන ආකාරයට යට ඇඳුම් නොපෙනෙන සේ ඇඳීම කලයුතු අතර යට ඇඳුම් තෝරා ගැනීමේදී සමෙහි පැහැයට සමාන ඇඳුම් තෝරා ගන්න
03) ආභරණ
ඔරලෝසු ,හිස් වැසුම් සහ ඉමිටේෂන් අභරණ භාවිතයෙන් ඔබේ සුන්දරත්වය ඔප් නැංවීම සිදු වෙනවා.ඔබේ ඇඳුමේ පැහැයට ගැලපෙන ආභරණ භාවිතා කිරීමෙන් පෙනුම වැඩි කර ගැනීමේ හැකිඅව පවතිනවා
04) පිජාම වැනි ඇඳුම්
මේ පිජාමා ඇඳුම් මේ වන විට එතරම් ජනප්‍රිය විලාසිතාවක් නෙමෙයි
05) දිඟු සහ තියුණු නිය
දිගු සහ උල් නියපොතු විලාසිතාව අතීත යුවතියන් අතර ජනප්‍රිය වුවත්, වර්තමානයේදී එය ජනප්‍රිය විලාසිතාවක් නොවේ. මේ දින වල ජනප්‍රිය නියපොතු විලාසිතාව වන්නේ ඕවලාකාර හැඩය සහිත නියපොතු විලාසිතාව වෙනවා.



