කුරුලෑ කියන්නේ තරුණ පිරිස පිඩා විදින අසාත්මිකතා තත්වයක් වුවත් මේ කුරුලෑ ඇතිවීම එකිනෙකට වෙනස් වෙනවා.ඔබේ සමේත් කුරුලෑ තත්වයන් ඇති වෙලා තියෙනවා නම් මේ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වෙනවා.
01) මීලියා (Melliea)
මේ ඝනයේ කුරුලෑ ඉතාමත් කුඩා ලෙස හට ගන්නා අතර නළලේ ,කම්මුලේ සහ නිකටේ කුඩා බිබිලි ආකාරයට හට ගන්නවා.මේ බිබිලි වල සැරව තත්වයක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ
02) Acne
මේ තත්ත්වය මුළු මුහුණ පුරාම දක්නට ලැබෙන අතර සමහරුන්ගේ බෙල්ල වටේටත් මේ තත්ත්වය ඇතිවෙන්න හැකියාව පවතිනවා. මේ කුරුලෑ බිබිලි millia තත්ත්වයට වඩා ටිකක් ලොකුයි. Acne වල සැරව තත්ත්වයක් දකින්නට තිබෙන අතර මිරිකා ඉවත් කල විට සැරව පිටතට එන්න පුළුවන්
03) Pimple
පිම්පල් වැඩි වශයෙන්ම ඇතිවෙන්නේ කම්මුල දෙපැත්තේ සහ නළලේ වන අතර ඒත් සමහරුන්ගේ මේ තත්ත්වය පිටේ, බෙල්ලේ, පපුවේ සහ කකුල්වලත් දැක ගන්නට පුළුවන්. පිම්පල් එන්නේ බොහෝ විට ශරීර උෂ්ණත්වය වැඩි අගයක් ගන්නා ශරීරවලයි. මෙයට අමතරව හිස්හොරි ඇතිවීම නිසාත් පිම්පල් ඇතිවෙන්න පුළුවන්.
04) Cist
පිම්පල් වලට වඩා තරමක් ලොකු ගෙඩි ආකාරයෙන් දක්නට ලැබෙන විශේෂයක් වන අතර මුහුණේ මේ ආකාර ගෙඩි උපරීමයෙන් හතරක් වගේ තමයි දක්නට ලැබෙන්නේ. අනෙක් කුරුලෑ විශේෂයන්ට වඩා විශාලයි. අසාමාන්‍යයි. අතින් ඇල්ලු විට ඝනකමට අතට දැනෙනවා. හම ඇතුළෙන් එන ගැටිත්තක් වගේ තමයි අතට දැනෙන්නේ. මේක රූපලාවණ්‍ය විශේෂඥවරයෙකුට විසඳුමක් දිය හැකි හෝ රූපලාවණ්‍ය ප්‍රතිකාර වලින් සුව කළ හැකි තත්ත්වයක් නොවන අතර මෙවැනි තත්ත්වයක් සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුයි
මේ සඳහා ප්‍රතිකාර
- ඔබට ඇති සම හඳුනා ගන්න
- ඒ වගේම ඔබේ ජිවන රටාව සහ පරම්පරාවේ අනෙක් අයට මෙවැනි තත්වයක් ඇතිදැයි සොයා බලන්න
- කුරුලෑ සහිත සමක් හොඳින් steam කිරීමට අවශ්‍යයි .
- කුරුලෑ සහිත සමක් Scrub නොකරයි
- නිල තෙරපීමක් සිදුකිරීම ඉතාමත්ම හොඳයි.
- සමට pack එකක් පාවිච්චි කරනවා නම් ස්වාභාවික ද්‍රව්‍ය යොදා සාදාගත් pack පාවිච්චි කළ යුතුයි
- ක්‍රීම් වර්ග පාවිච්චිදී ගැළපෙන ක්‍රීම් පාවිච්චියට ගත යුතු අතර හිස්හොරි පවතීනම් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි.
- සමබල ආහාර වේලක් ලබා ගැනීම ද මස්, මාංශ අඩුවෙන් සහ එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට එක් කර ගැනීම ද සුදුසුයි.
- affen, coffee අඩංගු ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීමත් සුදුසු වන්නේ නැහැ
- නිතරම කණ්ණාඩියෙන් තම මුහුණේ කුරුලෑ දෙස බලමින් විස්සෝප වීමත් නොවන්න
- නිතරම අල්ලන්න සුදුසු නොවේ
- සබන් පාවිච්චියත් සුදුසු නොමැති අතර දවසට තුන් වතාවක් පමණ දෙහි බින්දු කිහිපයක් පිරිසුදු වතුරට මිශ්‍ර කර මුහුණ සෝදන්න.
- සුදුසු face wash එකක් උපදෙස් පරිදි පාවිච්චි කරන්න.
- සිතේ පීඩනය අඩු කරගෙන හොඳ නින්දක් ඇතිව පිරිසුදුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය.



