Like
Like Love Haha Wow Sad Angry

Lipstick කියන්නේ අපි නිතර දෙවේලේ use කරන දෙයක්නේ.ඉතින් මේ Lipstick කොච්චර කොහොම Use කලත් අපිට හරියටම අපිට ගැලපෙන Lipstick එකක් Use කරනවද? සමහර වෙලාවට ඔයාගේ යාළුවොත් කියලා ඇති මේ colour එක ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා.එහෙමත් නැත්නම් සමහරවිට කියලා ඇති මේ colour එක ඔයාට හරිම ලස්සනයි කියලා.එක දවසකට ලස්සනයි අනිත් දවසේ කැතයි කියලා අහන්නේ නැතුව හැමදාම ලස්සනයි කියලා අහන්න මම ඔයාට secret එකක් කියලා දෙන්නම්.

අපි මුලින්ම බලමු Skin Colour මොනවද කියලා

  • Fair Skin – පැහැපත් සම
  • Wheatish Complexion – තිරිඟු පැහැති සම
  • Dusky Colour – අඳුරු සම
  • Dark colour – තද අඳුරු සම

සමේ වර්ණයට අමතරව Undertones Colour එක ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.

  • Warm Undertone – ඔබේ අතේ පෙනෙන නහර කොළ පැහැති නම් ඔබට ඇත්තේ Warm Undertone එකකි.
  • Cool Undertone – ඔබේ අතේ පෙනෙන නහර නිල් පැහැති නම් ඔබට ඇත්තේ Cool Undertone එකකි.

සමේ වර්ණය සහ Undertone එකට Match වෙන Lipstick එක Select කරගමු

Fair Skin

ඔයාගේ Skin එක fair නම් ඔයාට dark colour ගැලපෙන්නේ නැහැ.හැබැයි Fair සහ Dark අතර තියෙන colours ගොඩක් හොඳට ගැලපෙනවා.ඒ කියන්නේ Apricot, Light brown, orange සහ Coral වගේ colours.

ඔයා Fair Skin එකක් තියෙන Warm Undertone එකක් තියෙන කෙනෙක් නම් coral සහ peach වර්ණයන් හොඳින් ගැලපෙනවා.ඒ වගේම Fair Skin එකක් තියෙන Cool Undertone එකක් තියෙන කෙනෙක් නම් ඔයාට match වෙන්නේ mauve සහ mocha Colours

Wheatish Complexion

මේ වර්ණය Fair සහ Dark අතර තියෙන skin colour එකක්.මේ වගේ skin එකක colour එක හරියටම කිව්වොත් තිරිඟු පැහැති skin එකක් වෙනවා.ඉතින් මේ වගේ skin එකකට Peach වල සිට brown colour එක දක්වා Lipstick colours use කරන්න පුළුවන් .
හැබැයි ඔයාට ඒ වගේ skin එකක් තිබුනත් මෙතනදීත් පොඩි වෙනසක් සිද්ද වෙනවා

Warm Undertone – bronze, cinnamon සහ copper කියන වර්ණයන්
Cool Undertone – bronze, රතු සහ රෝස වර්ණයන්

Dusky Complexion

skin එක dark වුණත් Lipstick ගෑවහම හරිම ලස්සනයි.ඉතින් අපි බලමු ඒ වගේ skin එකක් තියෙන කෙනෙක්ට ගැලපෙන්නේ මොනවගේ colours ද කියලා.ඉතින් ඒ වගේ කෙනෙක්ට brown සහ Berry වර්ණයන් හොඳටම match වෙනවා.

Warm Undertone – දුඹුරු සහ Berry වර්ණයන්
Cool Undertone – brick red, brownish red සහ caramel වර්ණයන්

Dark Complexion

ටිකක් කළු පැහැයට හුරු අඳුරු සමක් තියෙන කෙනෙක් නම් ඔයාට Brown, purple සහ red colours Lipstick තමයි ගොඩක්ම match වෙන්නේ.

Warm Undertone – copper, walnut, bronze සහ honey වර්ණයන්
Cool Undertone – ruby red සහ wine වර්ණයන්

ඉතින් මේ විදිහට තමයි ඔයාට match වෙන colours select කරගන්න ඕනේ.මොකද pink ඔයාගේ යාළුවට ලස්සන වුණාට ඔයාට match වෙන්නේ නැති වෙන්න පුළුවන්.මොකද දෙන්නගෙම skin colour එක වගේ නැහැනේ.ඉතින් ඒ නිසා ආයෙමත් lipstick ගන්නකොට ඔහේ ගන්නේ නැතුව හොඳට හිතලා බලලා ඔයාගේ skin tone එකට match වෙන එකක් ගන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here