අද ගොඩක් girlsලා කොණ්ඩය හැඩ කරන්න විවිධ ක්‍රම යොදා ගන්නවා. ඔය අතරේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන්නේ කොණ්ඩය Rebonding කිරීමට සහ relaxing කිරීමට. මොකද ලංකාවේ ගොඩක් girlsලගෙන් 80%වකගේම හිසකෙස් රැළි සහිතයි. වියළි කාලගුණයත් සමඟ මේ කොණ්ඩය ලස්සනට, පිළිවෙලට තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා බොහෝදෙනා දිග හැරුණු කොණ්ඩයක් ලබා ගන්න කැමැත්තක් දක්වනවා.
Relaxing වලින් කරන්නේ මොකක්ද?

මෙහිදී සිදු කරන්නේ රැළි සහිත හිසකෙස් වල රැළි ගතිය 50% සහ 60% පමණ ප්‍රමාණයක් ඉවත් කිරීම. සම්පූර්ණයෙන්ම රැළි ඉවත් වී කොණ්ඩය සෘජු වීමක් නොවන නිසා බැලූ බැල්මට එහි කැපී පෙනෙන වෙනසක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම relaxing එකේදී Rebonding එකේදී තරම් හිසකෙස් වලට හානී වෙන්නෙත් නැහැ.මෙහිදී කොණ්ඩය සැහැල්ලු කිරීමක් පමණක් සිදු වන අතර හිසකෙස් කෙලින් වීමත් තරමක ස්භාවික ආකාරයට සිදු වෙනවා.
Rebonding වලින් සිදු වන දේ

Rebonding විලාසිතාව අපිට දායාද වුණේ ජපානයෙන්. මුල් කාලයේදී කොණ්ඩය straight කරන්න iron එකක් භාවිතා කළේ නැහැ. ඒ සඳහා hair straightening lotion එකක් භාවිතා කර කාඩ්බෝඩ් අලවා ගැනීමෙන් හිසකෙස් සෘජු කිරීම සිදු කළා.ඒත් දැන් නම් ඒ සඳහා iron එක භාවිතා කරනවා. මෙමඟින් හිසකෙස් වලට ලොකු හානියක් වුණත් 100%ක්ම හිසකෙස් සෘජු කරගන්න පුළුවන්.
Rebonding එකක් කරන්න කලින් මේ ගැනත් හිතන්න

- මේ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිසා ඔයාගේ හිසකෙස් වලට එම රසායනික ද්‍රව්‍ය ඔරොත්තු දෙනවද කියලා මුලින්ම හොයලා බලන්න. ඊට දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියකගේ සහය ලබාගන්න.
- ඒ වගේම හිසකෙස් අධිකව ගැලවී යන තත්වයක් තියෙනවා නම් හෝ හිස්හොරි හෝ හිස් ආශ්‍රිත වෙනත් ආසාදන තත්වයන් තියෙනවා නම් Rebonding කරන්න කලින් රූපලාවන්‍ය ශිල්පිනියකගේ උපදෙස් ලබාගන්න එක ගොඩක් වැදගත්.
- ඔයා මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් නොවිය යුතු අතර නිරෝගීමත් පළුදු නොවූ හිසකෙස් තිබිය යුතු වෙනවා.
- එමෙන්ම කලින් ඔයාගේ හිසකෙස් වර්ණ ගන්වා සහ හෙනා නොකළ හිසකෙස් වෙන්න ඕන.
- ඒ වගේම ගර්භනී සමයේදී සහ ඇදුම, හතිය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් Rebonding කිරීම එතරම් සුදුසු නැහැ.
ඒ නිසා ඔයාට Rebonding කරන්න ආසාවක්, කැමැත්තක් තියෙනවා නම් ඊට කලින් ඉහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. මොකද ස්වභාවික හිසකෙස් වලට damage එකක් වුණොත් ඔයාගේ ලස්සනට සහ නිරෝගී බවටත් බලපාන්න පුළුවන්. මේ නිසා හොඳටම පළපුරුදු සහ දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක හෝ ශිල්පියෙක් තෝරාගන්න.



