11
Pasta කියන්නේ ඉතින් නිතරම කන රසවත් කෑමක්.මේක හැමදාම අපි කන්නේ එකම විදිහටනේ.ගෙදර හැදුවත් එකම Recipe එක.ඉතින් මම හිතුවා ඔයා Pasta හදන විදිහ ටිකක් වෙනස් කරන්න.ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා

මොනවද අවශ්‍ය වෙන්නේ
- Pasta 500g
- කටු ඉවත් කළ චිකන් 250g
- පොඩියට කපාගත් බේකන් 100g
- Butter මේස හැඳි 2
- Chop කරගත් සුදුළූණු
- බේබි ස්පිනැච්
- Heavy Cream කෝප්ප 1/2
- ලුණු සහ ගම්මිරිස්කුඩු
- පාමසාන් චීස් කෝප්ප කාලක්

කොහොමද හදා ගන්නේ
- මුලින්ම භාජනයක් අරගෙන ඒකට Butter ටිකයි Chicken ටිකයි දාලා Fry කර ගන්න .
- මේකට Chop කර ගත්ත සුදුළූණුයි Fried Bacon ටිකයිත් දාගන්න.
- දැන් පොඩි නිවිති කොළයි සහ රස අනුව ලුණු ගම්මිරිස්කුඩු එකතු කර ගන්න.
- ඊට පස්සේ Heavy Cream, Boiled Pasta සහ පාමසාන් චීස් ඒකට දාන්න.
- දැන් හොඳට Mix කර ගන්න.
- ඊළඟට ඉතින් ඔයාට තියෙන්නේ රස බලන්න විතරයි .
දැන් ඔයාට පුළුවන් ඔයා කන Pasta එක වෙනස්ම රසකට කාලා බලන්න.යාළුවො එක්ක Party එකකදී ,Family එකේ අය එකතු වුනහම හැමෝටම රස බලන්න ඔයාගේ අතින්ම හදලා දෙන්නත් පුළුවන්.බලන්නකෝ මේ Pasta එක හදන්න Try කරලා.
11



