Like
Like Love Haha Wow Sad Angry

2020 ගැන මතකද.අමතක නොවෙන මතකයන් ගොඩක් ඉතුරු වුණ කාලයක් නේද? පාස්කු ප්‍රහාරයෙන් පටන් අරගෙන තාමත් අපි Covid – 19 වසංගතයට මුහුණ දෙනවා.මතකද කාලයක් අපේ මුළු රටම Lockdown වුණා.ඉතින් ඒ කාලයේ අපි කළේ ගෙදරට වෙලා ඉන්න එක.ගොඩක් අයට තමන්ගේ job එක පවා නැති වුණා මතකද.එහෙම කාලයක් ගෙවුණත් අපි අපේ ජීවිතයට ආපු අභියෝග වලට Face කළා.දැන් ලබන්නේ අලුත් අවුරුද්දක්.ඉතින් අපි ඒ අවුරුද්දට 2020 අවුරුද්දට වඩා හොඳට face කරන්න ඕනේ.අලුත් අවුරුද්දක් පේන මානයේ ඉන්න අපි අලුත් විදිහට පය තබන්න නම් ජිවිතේ ජය ගන්න නම් අපි ළඟ තියෙන නරක පුරුදු නැති කරගන්නම වෙනවා.ඉතින් මම අද ඔයාට කියන්න යන්නේ ලබන නව වසරට හොඳ විදිහට මුහුණ දෙන්න ඔයා මොනවද කරන්න ඕනේ කියලා

සෞඛ්‍යයට අහිතකර දේවල් වලින් වැලකී සිටීම

අපි මුලින් හදුනගන්න ඕනේ අපේ ඇඟට අවශ්‍ය හිතකර ආහාර පාන මොනවද කියලා.ඒ වගේම අහිතකර දේවල් මොනවද කියලා.ඉතින් අපි හොද ආහාර රටාවකට පුරුදු වුණොත් අපිට පුළුවන් අපේ ඇඟ වගේම හිතත් සැහැල්ලුවෙන් තියාගන්න. ඇත්තටම සෞඛ්‍යයට අහිතකර වෙන්නේ කෑම බීම විතරමද? නෑ.අපි ඕපදූප සහ බොරු දේවල් වලට කොච්චර නම් අපේ කාලය නාස්ති කරනවද? ඉතින් මේ අලුත් අවුරුද්දේ මේ නරක පුරුද්ද අඩු කරගන්න හෝ නැති කරගන්නට උත්සහ කරන්න ඕනේ.

නිදි කිරා වැටීම නතර කර ගන්න

නින්ද කියන්නේ අපේ හිතට ගතට මනසට දෙන විවේකයක්.ඉතින් හොද නින්දකට පුළුවන් ඔයාලව අලුත් දවසක ප්රබෝධමත්ව සහ ජවසම්පන්නව තියන්න.හැම වෙලේම හොද නින්දක් ලබා ගන්න.එතකොට ඔයාලා උදේට නිදි කිරා වැටෙන්නේ නෑ.ඒ වගේම තියන වැඩ කල් දාන එක දැන්ම නවත්වන්න.අද කරන්න තියෙන වැඩේ අදම කරලා ඉවර කරන්න.නැත්තන් ඒ වැඩ ගොඩගැහිලා ඔයාලව ලොකු පීඩාවකට පත් කරනවා.ඒ විතරක් නෙමෙයි මම කිව්ව හොද නින්ද ඔයාලට අහිමි වෙන්න ගන්නවා.

තමා ගැනම ඇති සැකය සහ විවේචනය

ඔබ ඔබව සැක කිරීම මඟින් ආතතිය, depression තත්වය, අසරණ වීම් වගේ නපුරු සිතුවිලි බලපෑම් කරන්න ගන්නවා.හැමවෙලාවකම ඔයාලා ගැන විශ්වාසය තියා ගන්න.ඔයා ඔයාටම විවේචනය කර ගන්න එක නවත්තලා positive හැගීම් වල ඉන්න.

අතීතයේ ජිවත් වීම නතර කරන්න

අතීතයේ වෙච්ච අමිහිරි මතකයන් අමතක කරන්න මිනිස්සු විදිහට අපිට ගොඩාක් අමාරුයි.ඒත් ඒ දේවල් ඔළුවේ තියන් ඉන්න එකෙන් වෙන්නේ අපි කරන්නට යන දේවල් නොහිතන විදිහට අසාර්ථක වෙන එක.ඉතින් ඔයාලත් ඒ අමිහිරි මතකයන්, ඒ මතකයන් වලට සම්බන්ද පුද්ගලයන් ටික ටික ඔලුවෙන් අයින් කරන්න.හැමදේම අමතක කරන්න එපා.නරක දේවල් විතරයි අමතක කරන්න කිව්වේ.හොඳ දේවල් අමතක කරන්න එපා.කවුරු හරි ඔයාට උදව් කළා නම්, නැත්නම් ඔයාට කාට හරි මොනවා හරි දෙන්න තියෙනවා නම් ඒ දේවල් අමතක කරන්න එපා.ජිවිතේ ඉස්සරහට යනකොට ඔයාට බාධාවක් වෙන අනවශ්‍ය දේවල් විතරක් අමතක කරන්න

ඉතින් අලුත් අවුරුද්දට යන්න කලින් ඔයා මෙන්න මේ දේවල් වලට පුරුදු වෙන්න.නරක දේවල් වලින් ඈත් වෙන්න.මේ ලබන 2021 අවුරුද්ද ඔයාගේ ජිවිතයේ Successම අවුරුද්ද කරගන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here