බිත්තර කනවද? ඔව් බිත්තර කන අයත් ඉන්නවා කන්නේ නැති අයත් ඉන්නවා.බිත්තර කන අයට මම අද රසම අරස recipe එකක් අරන් ආවා.මේක හදන එක හරිම easy. ඒ වගේ ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නෙත් නැහැ.අපි බලමුද කොහොමද මේ Super Fluffy Omelette එක හදන්නේ කියලා
මොනවද ඕනේ වෙන්නේ බලමු මුලින්ම

- බිත්තර සුදුමද 05
- බිත්තර කහමද 03
- ගම්මිරිස් කුඩු
- ලුණු
- ඔයාට ඕනේ කියල හිතෙනවා නම් Grate කරගත් Cheddar cheese ගන්න පුළුවන්.එහෙම නැත්නම් පොල්තෙල්
දැන් මේ විදිහට හදමු

- බිත්තර සුදුමද හා කහමද වෙන වෙනම හොඳින් beat කරගන්න
- ඊළඟට මේ දෙක එකට කලවම් කරලා ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.
- දැන් Pan එකේ බටර් හෝ පොල්තෙල් ගාලා හදාගත්ත මිශ්‍රණය දාලා fry කරගන්න.
ඉතින් මේ විදිහට තමයි මේක හදාගන්නේ.ගෙදර ඉන්න වෙලාවට හදලා බලන්න.ඒ වගේම මේක breakfast එකටත් ගොඩක් හොඳයි.බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්.දේ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන්



