Chocolate කියන්නේ අපි හැමෝම කන්න කැමති රස කෑමක්නේ.ඉතින් මට හිතුනා හැමෝම කන්න කැමති Chocolate වලින් රසම රස කෑමක් හදන්න.කෑමක් කිව්ව්ට කෑමක්ම නෙමෙයි.මේක රසම රස බීමක්.මොනවද දන්නවාද Mexican Hot Chocolate.බලමු කොහොමද හදන්නේ කියලා
මොනවද ඕනේ වෙන්නේ

- Milk Chocolate හෝ Milk Cookie Chocolate 85 g
- සීනි මේස හැන්දයි
- කුරුඳු කුඩු tea spoon 1/2
- කිරි Cup 4
- වැනිලා tea spoon 1/2
- whipped cream
කොහොමද හදන්නේ

- Chocolate, සීනි සහ කුරුඳු එකට එක් කර Blender කරගන්න.
- කිරි ටික භාජනයක දමා ලිපෙන් තබා ඒකට Chocolate මිශ්රණය එක් කර අඩු ගින්දරේ Chocolate දිය වෙන තුරු රත් කරගන්න.
- ලිපෙන් ඉවත් කර Blend කරගෙන Mug එකකට දමාගෙන ඒ උඩින් whipped cream දාලා රස බලන්න
ඔන්න ඔය විදිහට තමයි Mexican Hot Chocolate එක හදාගන්නේ.රසයි නේද?මේක රස වගේම හදාගන්නත් ගොඩක් ලේසියි.ඒ වගේම මේ වගේ රස බීමක් බබාලටත් හදලා දෙන්න වෙනසකටත් එක්ක.එයාලත් කැමති වෙයි.



