Eyebrows සකස් කිරීමෙන් ඕනම girl කෙනෙකුගේ සුන්දරත්වය තවත් කැපී පෙනෙනවා. එක එක්කෙනාගේ මුහුණු වල හැඩය අනුව Eyebrows වල හැඩයත් වෙනස් වෙනවා. සාමාන්යයෙන් girlsලගේ Eyebrows සති 2කට සැරයක්වත් shape කරන්න වෙනවා. හැබැයි සමහරුන්ට salon එකට යන්නවත් වෙලාවක් නැති තරම්. ඒ නිසා මං හදන්නේ ගෙදරදීම ඔයාගේ Eyebrows shape කරගන්න හැටි කියලා දෙන්න.
මුලින්ම උපකරණ සුදානම් කරගන්න

ඒ සඳහා මෙම උපකරණ සුදානම් කරගන්න. හැබැයි මේවා ඉතා පිරිසිදු තත්වයෙන් පවත්වා ගත යුතු බව මතක තියාගන්න
- Twiser එකක්
- පොඩි කතුරක්
- Eyebrow pencil එකක් සහ eyebrow brush එකක්
- Pearl powder සහ කෝමාරිකා අඩංගු clenser එකක්
- Green tea සහ දෙහි සාරය අඩංගු toner සහ පුළුන්
- කෝමාරිකා සහ ආමන්ඩ් oil අඩංගු moisturizing cream එකක්
හොඳින් පිරිසිදු කර හැඩය හඳුනාගන්න

Eyebrows shape කරන්න කලින් ඔයාගේ eyebrows සහ මුහුණ Pearl powder සහ කෝමාරිකා අඩංගු clenser එකකින් හොඳින් පිරිසිදු කරන්න.
පසුව Eyebrow brush එකකින් ඔයාගේ eyebrows උඩු අතට පීරා ගනිමින් ඔයාට ගැලපෙන ස්වභාවික හැඩය හඳුනාගන්න. ඉන්පසුව Eyebrow pencil එකක් ආධාරයෙන් අවශ්ය eyebrows හැඩය සලකුණු කරගන්න. එය Eyebrows නිවැරදිව ඉවත් කරගන්න ඔයාට පහසු වේවි.
Eyebrows ගැලවීම හා කෙටි කිරීම

twiserයක් ආධාරයෙන් eyebrows අතර ඇති අනවශ්ය රෝම යටින් ඉවත් කරන්න පටන් ගන්න. නූලක් ආධාරයෙන් මැදඟිල්ල සහ දබරඇඟිල්ල උපයෝගී කරගෙන ඇස වටා ඇති සම ඇද රෝම ඉවත් කරගැනීමද පුළුවන්. හැබැයි ඔයාට ඒ සදහා පළපුරුද්දක් නැත්නම් twiser එක භාවිතා කිරීම ආරක්ෂාකාරියි.
Eyebrow එකට ඉහළින් ඇති අනවශ්ය රෝමද twiserය භාවිතා කර ඉවත් කරගන්න. Twiser එක භාවිතා කරද්දී ඔයාගේ ඇසට හා සමට අනතුරක් නොවන පරිදි භාවිතා කරන්න වග බලාගන්න.
Toner කරන්න

Green tea සහ දෙහි සාරය අඩංගු toner පුළුන් කැබැල්ලකට ගෙන රෝම ඉවත් කළ ප්රදේශයේ ආලේප කරන්න. හැබැයි Toner ඇස් මත නොගෑවෙන සේ ආලේප කරන්න.
අඩුපාඩු සකස් කරන්න

දැන් Eyebrows හොඳින් පරීක්ෂා කරන්න. එහි අඩුපාඩු ඇත්නම් ඔයාගේ eyebrows වර්ණයෙන් යුත් eyebrow pencil එකකින් අඩුපාඩු සකසන්න. තවත් කෙටි කළ යුතු eyebrows ඇතිදැයි පරීක්ෂා කිරීමට eyebrows උඩට පීරන්න.
ඉන්පසු කතුරක් ගෙන පරිස්සමට ඔයා සලකුණු කර ඇති ප්රමාණය ඉක්මවා යන දිගු රෝම කෙටි කරන්න.
Eyebrows මත හිස්තැන් ඇති නම් එය, ඔයාගේ eyebrows වලට ගැලපෙන pencil එකකින් අදිමින් අඩුපාඩු පුරවන්න.
ඒ වගේම eyebrows ගැලවීම නිසා රතු පැහැ වී ඇති තිබේ නම් හෝ වේදනාවක් ඇති කරනවා නම් ඒ සම මත moisturizing cream ආලේප කරන්න.
Eyebrows ඔයා තනියම shape කර ගැනීමේදී අහිතකර විපාක, තුවාල වීම වළක්වා ගන්න උත්සාහ කරන්න. ඔයා Eyebrows හදන්න කලින් නෑවොත් එම කාර්යය ගොඩක් පහසු කරනවා. ඒ වගේම eyebrows ගලවන්න කලින් දෑත් හොඳින් සබන් ගා සෝදන්න.



