Like
Like Love Haha Wow Sad Angry

ඔයා විවිධ අවස්ථාවන් වලදී විවිධ සම්බඳතා ගොඩනගා ගන්නවා.විවාහය කියන්නෙත් ඔයාගේ ජීවිතය අලුතින් ආරම්භ කිරීමක්.විවාහයෙන් පස්සෙත් ඔයා සහ mother in law අතරේ ඇති වන සම්බන්ධයත් ගොඩක් විශේෂයි.මොකද mother in law එක්ක ජීවත් වෙන එක අම්මා එක්ක ජීවත් වෙනවා වගේ නෙවෙයි.ඒක ටිකක් අමාරුයි.ඔයයි mother in lawයි අතරේ විවිධ මත ගැටුම් ඇති වෙන්න පුළුවන්.ඉතින් මම අද හදන්නේ ඔයයි mother in lawයි අතරේ ඇති වන ගැටුම් වලට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා.

Mother in law ඔයාට අකමැති ඇයි?

නැන්දම්මා ඔයාට අකමැති වෙන්න විවිධ හේතු තියෙනවා.ඇය පැතූ පුතාගේ wife ඔයා නොවෙන්නට පුළුවන්.සමහර නැන්දම්මලා හොඳ පවුල් පසුබිමක් , ආර්ථික ස්ථාවරයක්, ආගම , ජන වර්ගය වැනි ලක්ෂණ match කරලා බලන අවස්ථා තියෙනවා. තවත් නැන්දම්මලා පෙනුමට,ප්‍රියජනක බවට ,පෞරුෂත්වයට අවධානය යොමු නොකලත් ඔයාගෙන් husbandට ලැබෙන සුරක්ෂිතතාවය ගැන අවධානය යොමු කරනවා.

තව දෙයක් තමයි ඔයා ආවට පස්සේ mother in lawගේ තැන නැතිවෙලා වගේ දැනෙන්න පුළුවන්.අලුත් ලේලී නිසා පුතාගෙන් තමන්ට ලැබුණු ආදරය අඩුවෙලා වගේ හැඟීමක් නැන්දම්මාට දැනෙනවා.ඔයා නැන්දම්මාගේ අදහස් ඇගයීම, ඇයගේ අදහසට යටත්වීම වගේ දේවල් mother in law බලාපොරොත්තු වෙනවා.

සමහර අවස්ථා වලදී mother in law ඔයාගේ අදහස් වලට එකඟ නොවෙන්න පුළුවන්.ඔයා පුර්ණ කාලීන රැකියාවක් කරන මවක් නම් සමහර නැන්දම්මලා ඒකට කැමති නැහැ.ඔයා අර්ධ කාලීන රැකියාවක් කරමින් දරුවන් හා වැඩි කාලයක් ගත කරනවා නම් ඇය ගොඩක් කැමැති

නැන්දම්මා ලේලි ගැටුම් පාලනය කරන හැටි.

ඔයා ඇය නැන්දම්මා ලෙසම දකිනවානම් එයාගෙන් සෙනෙහසක් ලබා ගන්න එක නම් කරන්න අමාරු වෙනවා.ඒ නිසා කරන්න ඕනේ ඇය mother in law විදිහට නැතුව මවක් විදිහට දකින්නට උත්සහ කිරීමයි.ඔයාට පුළුවන් mother in law ට අම්මා කියලා කථා කරන්න.එතකොට ඇය ඔබවත් දුවක් ලෙස පිළිගනීවි.

ඔයා දෙයක් කරන විට එය ඔබට හැකි උපරිමයෙන් කරන්නට පුරුදු වෙන්න.එහි කිසිදු අඩු පාඩුවක් mother in lawට කියන්න නම් තියන්න එපා.උදේම නැගිටලා ඔයාගේ වැඩ නිසි ආකාරයෙන් අවසන් කරන්න.හෙට කරන්න තියෙන වැඩ වලට ඊට කලින් දවසේ Ready වෙනවා නම් ගොඩක් හොඳයි. specially නැන්දම්මා කැමති විදිහටම වැඩ ඉවර කරන්න, එය ඇයගේ ප්‍රසාදය දිනා ගැනීමට හොඳ අවස්ථාවක්.

ඔයා ඔයාගේ husband ගේ ලෝකය තුළ මවගේ තැන කිසි විටකවත් ගන්න උත්සාහ කරන්න එපා.මොකද පුංචි කාළේ ඉදන් ඔහු වෙනුවෙන් ඔයාට වඩා ඔහුගේ අම්මා, කරලා තියෙන කැප කිරීම් ඇති විශාලයි.ඔයා mother in law ඉදිරියේ ඒ තැන ගන්න ගියාම ඇත්තටම ඇයගේ සිතේ ඇති වෙන්නේ දුකක්. මේ දුක තමයි පස්සේ කාලයක තරහක් බවට පෙරලෙන්නේ.ඒ නිසා ඔයා ඔවුන් දෙදෙනාගේ සම්බන්දය තව තවත් රකින්න උත්සාහ කරන්න.

mother in law ඔයාගෙන් වෙන පුංචි පුංචි අතපසු වීම්වලට බනින්න පුළුවන්.ඒ වගේ වෙලාවට, ඒ ඉන්නෙත් ඔයාගේ අම්මා කියලා හිතලා ඒ දේවල් අමතක කරලා දාන්න.ඒ වගේම husband මහන්සි වෙලා ගෙදරට එනකොටම ඔයාගෙයි නැන්දම්මාගෙයි අතර වුණ පුංචි පුංචි ප්‍රශ්න ඔහුට කිසිම වෙලාවක කියන්න එපා.එහෙම වුණොත් ඔයයි husband අතරත් ප්‍රශ්න ගැටුම් ඇති වෙන්න පුළුවන්.

ඉතින් දැන් ඔයාට mother in law එකක් රණ්ඩු ඇති කර ගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොද කියලා මම ඔයාට කියල දුන්නා.ඒ විතරක් නෙමෙයි husband කියන්නේ ඔයාගේ life එකේ ඉන්න වටිනාම කෙනානේ.ඔයාට පුළුවන් දැන් mother in law එක්කයි husband එක්කයි ආදරයෙන් වගේම සමගියෙන් කාලය ගත කරන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here