Like
Like Love Haha Wow Sad Angry
1

ඉස්සර ඉදන්ම අපේ කවියෝ කාන්තාව වර්ණනා කරලා කවි ලියලා තියෙනවා.ඒ වගේ ඕනේ තරම් කවි මම හිතන්නේ ඔයා අහලා ඇති.ඉතින් කාන්තාවකගේ Lips ගැනත් ඒ විදිහට වර්ණනා කරලා කවි සිංදු ලියලා තියෙනවා.මොකද කාන්තාවකගේ දෙතොල් සමාන කරලා තියෙන්නේ නා දල්ලකටනේ.ඉතින් අද අපි අපේ දෙතොල් වල තියෙන ලස්සන, පෙනුම වැඩි කරන්න Lipstick use කරනවා.හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා.සමහර අය Lipstick නිසා ලස්සන වුණාට සමහර අය Lipstick apply කලාම තියෙන ලස්සනත් නැති වෙනවා.ඒ විතරක් නෙමෙයි.Quality එකෙන් අඩු lipstick කාලයක් තිස්සේ use කරද්දී lips dry වෙන්න,පැලෙන්න වගේම කළු වෙන්නත් බලනවා.

ඉතින් එකට solution එකක් විදයට අද කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද lipstick හදාගන්නේ කියලා.ඔයාලා දැන් පුදුම වෙලත් ඇති කොහොමද ගෙදරදි lipsticks හදන්නේ? කවදාවත් එහෙම හදනවා තියා අහලවත් නෑනේ කියලා.බය වෙන්න එපා හරිම ලේසි.ඔයාලට කියලා දෙන්නම්කො

ඔන්න අපි දැන් lipstick හදන්නයි යන්නේ

Ingredients

  • Butter (Almond)
  • පොල් තෙල්
  • Essential oils (Lavender)
  • Bowl එකක්
  • හැන්දක්
  • Airtight බෝතලයක්
  • Colors වලට ඕන කරන ingredients

මේ විදිහට හදාගමු

  • මුලින්ම butter සහ පොල්තෙල් තේ හැන්ද බැඟින් අරගන්න.
  • ඊට පස්සේ ඒකටම essential oil බිංදු දෙකක් add කරලා හොදට mix කරන්න.
  • butter එක හොඳට දිය වෙනකම් විනාඩි 3ක් විතර double boil කරගන්න.
  • ඊට පස්සේ ඔයාට ඕන කරන lipstick color එක add කරලා හොදට mix කරන්න.
  • දැන් අපි lipstick හදාගෙන ඉවරයි.
  • අපි හදාගත්ත lipstick mixer එක airtight bottel එකට දාලා cool,dry place එකක තියන්න.

ඔයා එලියට යන ඕනෙම වෙලාවක normal lipstick use කරන විදියට අපි හැදුව lipstick එක use කරන්න පුළුවන්.
දැන් තමයි natural lipstick colors ගැන කියන්න යන්නේ.ඔයාලා හිතුවෙවත් නැති,ගෙදරම තියෙන දේවල් lipstick වල Coloring ingredients විදියට use කරන්න පුළුවන්.

Beetroot

මෙච්චර කල් beet උයලා කෑවා තමයි.අද ඉදන් beet වලින් අපි lipstick හදමු.ඔයාට රතු, රෝස පාට lipstick එකක් ඕනෙනම් lipstick එකේ coloring ingerdient එක විදියට beetroot යුෂ use කරන්න පුළුවන්.Double boil කරපු මිශ්‍රණයට beetroot යුෂ එකතු කරලා හොදට mix කරන්න.dark color එකක් ඕනෙනම් beet ගොඩක් add කරන්න .

Cocoa powder

Cocoa කිව්වා ගමන් අපිට මතක් වෙන්නේ chocolate.ඒත් දැන් කියන්න යන්නේ cocoa powder කොහොමද lipstick color එකක් විදියට use කරන්නේ කියලා.Cocoa powder ටිකක් rose water වල දිය කරලා lipstick මිශ්‍රණයට එකතු කරන්න.Cocoa powder වලින් ලස්සන brown colour එකක් ඔයාගේ lips වලට ගන්න පුළුවන්.හැබැයි මතක තියගන්න ඕනේ දෙයක් තමයි oil එක්ක වතුර mix වෙන්නේ නැති නිසා rose water වැඩිය use කරන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක.

Turmeric

Turmeric එහෙමත් නැත්නම් කහ කියන්නේ නැතුවම බැරි beauty product එකක්.ඉතින් අද කියලා දුන්න lipstick එක හදන්නත් ඔයාට කහ use කරන්න පුළුවන්.කහ වලින් ඔයාගේ lips වලට ලස්සන tan color එකක් ලබාගන්න පුළුවන්.

Lemon

ඔයා කැමති nude color එකක lipstick එකකට නම් Coloring ingredient එක විදියට lemon juice use කරන්න පුළුවන්.

සල්ලි දීලා lipstick use කරනවට වැඩිය ගෙදරදීම හදාගත්ත lipstick එකක් use කරන එක ඔයාට ඇත්තටම ගොඩක් safe.ඉතින් අද කිව්ව විදියට lipstick එකක් හදලා use කරලා බලන්නකෝ.Shops වල ඒවා use කරනවට වැඩිය fresh feeling එකක් ඔයාගේ lips වලට දැනෙයි.අනිත් එක ඔයාගේ යාලුවෙක්ගෙ birthday එකකට colors 4 න්ම lipstick හදලා දීලා එයාව surprise කරන්න වුණත් ඔයාට පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here