Like
Like Love Haha Wow Sad Angry
1

ලස්සන දිගු, ඉහළට කැරකුණු, හැඩැති ඇස් පිහාටු තියෙනවා නම් girl කෙනෙක් ලස්සන තව තවත් ඉස්මතු කර පෙන්වනවා. ගොඩක් girls බෝනික්කෙකුගේ වගේ ලස්සන දිගු ඇස් පිහාටු ලබාගන්න ගොඩක් උනන්දු වෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් අය Artificial eye lashes භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්නවා. සමහරවෙලාවට ඒවා නිසා Allergy හෝ වෙනත් අහිතකර තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මම අද කියන්න යන්නේ යන්නේ ඔයාට ස්භාවිකවම ලැබුණු eye lashes දිගු කරගෙන ලස්සන කරගන්නේ කොහොමද කියලා.

තෙල් ආලේප කිරීම

ඒ වගේම හැමදාම රෑට නිදාගන්න කලින් eye lashes වලට හොඳ තෙල් සාතුවක් දෙන්න ඕන. පිරිපහදු කරලා නැති මර්ලා, කැස්ටර් වගේ oil වර්ග ඇස් පිහාටු මත ආලේප කරන්න. එමඟින් eye lashes වලට අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙන අතර කැස්ටර් oil ඇස් පිහාටු දිගු කරන්න උදව් වෙනවා. පිරිසිදු ඇඟිලි තුඩු වලින් හෝ මෘදු කෙඳි සහිත කුඩා බුරුසුවකින් තෙල් ආලේප කරන්න. වියලි සහ ඉක්මනින් හැලෙන සුළු ඇහි පිහාටු වලට අවශ්ය පෝෂණය ලබා දෙන්න growth serum භාවිතා කරනවා නම් තවත් හොඳයි.

බයෝටින් ලබාගන්න

බයෝටින් කියන්නේ විටමින් B වර්ගයක්. හිසකෙස් හා නියපොතු වැඩීමට හා ශක්තිමත් වීමට මෙන්ම නිරෝගී සමක් සඳහාද උපකාරී වන විටමින් වර්ගයක්. වෛද්ය උපදෙස් මත භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ඒ සඳහා ස්භාවික මරැයින් කොලැජන් , මිදි ඇට සාරයත් සමඟ මිශ්ර වූ බයෝටින් අඩංගු tablet එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි.

මස්කාරා ආලේප කිරීමට පෙර

ඔයා මස්කාරා ආලේප කරන්න කලින් ඇස් පිහාටු ඉහලට කරකවනවා නම් ඇස් පිහාටු හැලී යාමේ අවදානම වැඩියි. ඒ නිසා මස්කාරා ආලේප කිරීමට පෙර ඇස් පිහාටු ඉහළට පීරීම වෙනුවෙන් සකසා ඇති බුරුසුවක් භාවිත කර ඉන් පසුව මස්කාරා ආලේප කරන්න. එමෙන්ම ආලේප කළ මස්කාරා රාත්රියට ඉතා හොඳින් ඉවත් කිරීමට ද අමතක කරන්න එපා. මස්කාරා ආලේප නොකරන අවස්ථාවන් වලදී ඇස් පිහාටු ඉහළට පීරීමදිනවා නම් ගොඩක් හොඳයි.

පුළුවන් තරම් artificial eye lashes භාවිතය නතර කර ඔයාට උපතින් ලැබී ඇති ස්වාභාවික eye lashes ලස්සන කරගන්න උනන්දු වෙන්න. මොකද artificial eye lashes නිසා ඔයාගේ ඔයාගේ ස්වාභාවික eye lashes වලට විතරක් නෙවෙයි ඇසේ අභ්යන්තරයට වුණත් හානි වෙන්න පුළුවන්. ඒ හින්දා දිගු, ඝන සහ ශක්තිමත් eye lashes ලබා ගන්න මේ කරුණු වලට අවධනය දෙන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here