Like
Like Love Haha Wow Sad Angry

අපි ව්‍යංජන වලට, රොටි, හැලප, පිට්ටු වගේ ගොඩක් කෑම හදනකොට පොල් පාවිච්ච්චි කරනවනේ. ඒ නිසා පොල් කියන්නේ අපි නිතරම භාවිතා කරන දෙයක්. හැබැයි ඔයා පොල් වලින් බිස්කට් හදල තියෙනවද? පොල් රස බිස්කට් තිබුනට තනිකරම පොල් වලින් හදන බිස්කට් කාල නෑනේ. අපි අද හදන්න යන්නේ පොල් වලින් cookies. වයස් බේදයක් නැතුව ඕන කෙනෙක් ආස නිසා ඔයා නම් මේක අනිවාර්යෙන් හදයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 100g
  • පොල් 100g
  • Salted butter 100g
  • කුඩු කර ගත සිනි 100g
  • Custard powder 10g
  • දියර කිරි 25ml
  • දිය කරගත් chocolate

සාදන අකාරය

  • Butter, සිනි සහ කිරි mix කර ගන්න.
  • අනෙකුත් ද්‍රව්‍ය එකතු කර හොදින් කලවම් කරන්න.
  • කැමති හැඩයකට අනුව කුඩා cookies සාදාගන්න.
  • 150c උෂ්ණත්වයක විනාඩි 20ක් පමණ bake කර ගන්න.
  • Bake වූ පසු දියර chocolate උඩින් ඉස ගන්න.

ගෙදරට කෙනෙක් ආවම තේ දෙන්න වගේම පොඩි බබාලාගේ birthday වලට sweet එකක් විදියටත් මේවා ඔයාගේ අතින්ම හදල දෙන්න පුළුවන්. ඉතින් රසයි නේද අපේ coconut cookies. ඔයා අදුරන අනිත් අය එක්කත් මේ recipe එක බෙදා ගන්න අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here