Like
Like Love Haha Wow Sad Angry
2

කොත්තු කියන්නේ ගොඩක් අය එපා කියන්නේ නැතුව කන කෑමක්නේ.හැබැයි ඉතින් හැමදාම කොත්තු කන්නේ කඩෙන්,එහෙමත් නැත්නම් විශේෂ අවස්ථාවක් තිබුණොත් තමයි.ඉතින් ඔයාට හිතෙන්නේ නැද්ද ගෙදරදීම හදාගන්න කොත්තු එකක් කන්න ඕනේ කියලා.ඒකට මම ඔයාට උදව් කරන්නම්.ඒ කොහොමද දන්නවාද.මම ඔයාට කියලා දෙන්නම් ගෙදරදීම කොත්තුවක් හදාගන්නේ කොහොමද කියලා.හැබැයි මේක සාමාන්‍යයෙන් ඔයා කන කොත්තුවට වඩා වෙනස්.අද අපි හදන්න යන්නේ පාන් කොත්තුවක්.ඔයා සමහරවිට මීට කලින් අහල නැතුව ඇති.ඉතින් අපි හදලම බලමු.

මොනවද අවශ්‍ය වෙන්නේ

  • පාන් භාගයක්
  • කපාගත් කැරට්, ලීක්ස්, ළූණු
  • තලාගත් ඉඟුරු සුදු ළූණු
  • රම්පෙ
  • කරපිංචා
  • කුඩාවට කපා ගත් චිකන්
  • සෝයා සෝස්
  • චිලි සෝස්
  • බිත්තරයක්
  • කෑලි මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • ලුණු

හදාගන්නේ මෙහෙමයි

  • පාන් භාගය පෙති කීපයකට කපා උඩ වාටිය ඉවත් කර පෑන් එකක දමා දෙපැත්ත තරමක් ටෝස්ට් කරගන්න.
  • ඊළඟට පාන් කුඩා කොටු ලෙස කපා ගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියාගෙන එයට චිකන් ටික එක් කර චිකන් ටික යන්තමට බැදෙන ගාණට එනතුරු තෙම්පරාදු කරගන්න.
  • චිකන් බැදුනු පසු එයට රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදු ළූණු, ළූණු එක් කර තෙම්පරාදු කර.එයට බිත්තරය කඩා එක් කර Scramble කරගන්න.
  • කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එක් කර සෝයා සෝස් මේස හැන්දක් චිලි සෝස් මේස හැන්දක් එක් කර හොඳින් කලවම් කර එයට රස අනුව ලුණු එක් කරගන්න.
  • එයට කැරට් සහ ලීක්ස් එක් කර විනාඩියක් පමණ මිශ්‍ර කර අවසානයට පාන් එක් කර හොඳින් කලවම් කරගන්න.
Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here