Fashion කියන්නේ අපේ Life එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන දෙයක්නේ නේද?හැබැයි සමහර අය නම් Fashion කරන්න කැමති නැහැ.තියෙන ඇඳුමක් අඳිනවා.තියෙන Bag එකක් අරගෙන යනවා.ඒත් නිතරම Fashion වලට බර අපේ girlsලා නම් එහෙම නැහැ.ඇඳුමට Match වෙන්න shoes, hand bag, Hair Grips, Necklace, earrings ගන්නවා.ඒත් සමහර Fashion තියෙනවා ඒවා කලාම අපේ තියෙන ලස්සනත් නැති වෙනවා.ඒක විශ්වාස කරන්න අමාරු වුණත් එහෙම දේවල් වෙන්න පුළුවන්.ඒ මොනවද කියලා අද මම ඔයාලට කියන්නම්.
ගොඩක් අය තමන්ගේ වයසට ශරීරයට Match වුණේ නැති වුණත් මේ වගේ Heels තියෙන Shoes Use කරන්නේ මේ Shoes වල තියෙන ආකර්ෂණීය පෙනුමට හෝ වෙන අය අනුකරණයට ඇති ආසාව නිසා වෙන්න පුළුවන්.මොන විදිහකට හරි අපි පලඳින පාවහන් හිරිහැරකාරී අන්දමින් අපේ ශරීරයට බලපෑම් ඇතිකරනවා නම් මොන අන්දමේ හේතුවක් නිසාවත් ඒවා තෝරා නොගෙන භාවිතයෙන් ඉවත් කරන්නම ඕනේ.
High heels shoes භාවිතයේ අවාසි

1.මේ වෙනකොට හැම Lady කෙනෙක්ම Girl කෙනෙක්ම Full busy life එකක් තමයි ගත කරන්නේ.ඉතින් මේ නිසා ගමන බිමනත් ටිකක් වේගවත්.ඒත් එයාලගේ වේගවත් ගමනට High heels shoes වලින් කරන්නේ අවහිරයක් විතරයි.School එකට, Office එකට, Bus Holt එකට, Train station එකට ටිකක් ඉක්මන් ගමනින් යද්දී යන්තමින් හෝ කකුල පැටළුණොත් වෙන Damage එක නම් ටිකක් බරපතලයි.ඇතැම් විට සති කිහිපයක් හෝ මාස කිහිපයක් රෝහලේ නවතින්නට තරම් ලොකු Damage එකක් වුණත් වෙන්න පුළුවන්.
2.ඒ වගේම තමයි දීර්ඝකාලීනව High heels shoes පැලඳිම නිසා ශාරීරිකව සිදුවන හානියත් සුළුපටු නැහැ.අසමතුලිත ලෙස කකුලට දැනෙන ශරීර බර කෙළින්ම බලපෑම් කරන්නේ කොඳුඇට පෙළටයි.මේ විදිහට දවසින් දවස සිදුකරන හානියේ බලපෑම නිසා පසුකාලීනව කොඳු ඇට පෙළේ ආබාධ, උකුල් සන්ධියේ ආබාධ, පාදවල මස්පිඬු ආශ්‍රිත වේදනා, දණහිස් ආබාධ, ඇඟිලිවල වේදනා ඇතිවීමේ වැඩි ප්‍රවනතාවක් තිබෙනවා.එමෙන්ම High Heels නිසා ශරීරයේ ඇතිවන අසමතුලිතතාව කශේරුකාවලට කරන බලපෑම නිසා කශේරුකා දෙකක් අතර තිබෙන කශේරුකා බිම්බ නම් ව්‍යුහයට බලපෑම් ඇතිකරනවා.පසුකාලීනව ඇතිවෙන තවත් අනිසි ප්‍රතිඵලයක් නම් ගර්භණී කාන්තාවක් වූ පසුව ප්රසවයේදී අවදානමක් ඇතිවීමයි.
Flat shoes

මේ වගේ shoes වලින් ලොකු, පොඩි කිසිම කෙනෙක්ට Damage එකක් වෙන්නේ නෑ.මොකද මේවා පැලඳීමේ දී ශරීරයේ බර සමතුලිත ලෙස පාද කරා බෙදා හරිනවා.කොන්දට සහ කශේරුකා කෙරෙහි බලපෑම් ඇති කරන්නෙත් නෑ.ඒ වගේම තමා Flat shoes දාගෙන ඇවිදීමේදී යටිපතුලේ ඇති නිල ස්ථාන හොඳින් සම්බාහනය වීමක් වෙනවා.මේ නිල ස්ථාන තෙරපීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට උත්තේජනයක් ඇති කරන නිසා ඒවා හොදින් ක්‍රියාත්මක වෙනවා.ඉතින් ඔයාගේ Daily life එක සැහැල්ලුවෙන් ගත කරන්න Flat shoes ඔයාට ලොකු Support එකක් දෙනවා.
මීට අමතරව සපත්තුවේ අඩිය උස් වී ඇති ආකාරයටම ඉදිරිපස ද උස්ව සැකසී ඇති අඩියක් සහිත (wedge heels) Shoes නම් ඔයාගේ ශරීරයට එතරම් අපහසුතා ඇති කරන්නේ නෑ. මේවායේ අඩිය උස් වුවත් සැහැල්ලු නිසාත් පොළවට සමාන්තරව අඩිය තැබිය හැකි නිසාත් එය භාවිතයෙන් අපහසුතාවක් හෝ ලොකු Damage එකක් සිදු වෙන්නේ නෑ.ඒත් මේ වගේ Shoes වුණත් ගොඩක් කල් එක දිගට Use කරන එක නම් සුදුසු නෑ.
ඉතින් Busy life එකක් ගතකරන අය වගේම කුඩා වයසේ පසුවෙන ළමයිනුත් දුවන්න පනින්න වේගයෙන් වැඩ කටයුතු කරන්න නම් උස අඩු අඩි සහිත පාවහන් භාවිතයට හුරුවීම අවශ්යමයි.High heels shoes පැළඳීම අධික උස අඩි සහිත පාවහන් පැලඳීමෙන් වයස් ගතවීමත් සමඟ ඇතිවෙන කොන්දේ අමාරු, දණහිස් ආබාධ, තුනටියේ අමාරු, කොන්ද කුදුවීම, ඇවිදීමේ අපහසුතා ආදිය අත්විඳින්නට කැමති නැත්නම් කුඩා අවධියේ සිටම උස් අඩි පාවහන් භාවිතයෙන් වැළකී උසින් අඩු අඩි සහිත පාවහන් භාවිතයට හුරුවෙන්න.මේ මඟින් ලැබෙන ප්‍රතිලාභ දීර්ඝකාලීනයි.මෙවිට වේගයෙන් ඇවිදින්නට, කඩිසරව ඇවිදින්නට, කාර්යක්ෂමව කටයුතු කරන්නට හැකියි.



