හවසට තේ බොනකොට, එහෙමත් නැත්නම් ගෙදර නිකන් ඉන්න වෙලාවට කන්න මොනවා හරි හොයනවා නේද? ගෙදර මුකුත් නැත්නම් කඩෙන් order කරනවා, ගිහින් ගේනවා.හැබැයි ඉතින් කඩේ ගිහින් එද්දී අර පොඩි බඩගින්න නැතිවෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා මං අද කියලා දෙන්නම් ගෙදරදීම රසම රස ත්‍රිපෝෂ කේක් එකක් හදන්න විදිහ.
අවශ්‍ය ද්‍රව්‍ය

- ත්‍රිපෝෂ Cup 1ක්
- පාන් පිටි Cup ½ ක්
- බිත්තර 2 ක්
- බටර් Cup ½ ක්
- සීනි Cup 1 ක්
- වැනිලා තේ හැදි ½ ක්
- නැවුම් කිරි Cup ¾ ක්
- Baking powder තේ හැදි 1 ½ ක්
සාදාගන්න ආකාරය
- මුලින්ම ත්‍රිපෝෂ ,පාන් පිටි, Baking powder මිශ්‍ර කර සාමාන්‍ය Cake හදන අකාරයට තුන් පාරක් හලාගන්න.
- ඉන්පසු බටර් සමඟ සීනි එකට දාලා Cream එකක් වන තුරු බීට් කර ගන්න.
- වරකට බිත්තරය බැගින් මිශ්‍රණයට එකතු කර Beat කර ගන්න.
- එයටම නැවුම් කිරියි, වැනිලයි එකතු කරලා ටිකක් Beat කරන්න.
- ඊළඟට පිටි මිශ්‍රණය කලවම් කර ගන්න.
- දැන් ටොස්ටර් එකේ බටර් ගා එයට දමා ටොස්ට් කර ගන්න.
- නැතිනම් මිශ්‍රණය 4554බටර් ගා ගත්ත කේක් තැටියකට දාලා සාමාන්ය කේක් එකක් වගේ පුළුස්සා ගන්න.
සමපෝෂ වලින් වුණත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. හදලම රස බලන්න පොඩි වයස් භේදයක් නැතිව ඕනම කෙනෙක්ට රස බලන්න පුළුවන්.



