ශ්වසන රෝග කියන්නේ මේ දවස් වල බහුලව තියෙන දෙයක්.ඒ ඇයි දන්නවද ලෝකය පුරාම වායුන් දුෂණයට ලක් වෙලා.පරිසර දුෂණය වෙලා.සමහරවිට ඔයා ඒ වායු දුෂණය නිසා අසනීප වෙන්නත් ඇති.ඉතින් මේ වායු දුෂණය නිසා ශ්වසන රෝග ඇති වෙනවා.ශ්වසන රෝග අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇඳුම, හතිය, බ්‍රොන්කයිටිස්, ක්‍ෂය රෝගය සහ නියුමෝනියාව වගේ රෝගයන්.ගොඩක් වෙලාවට නියුමෝනියාව නරක අතට හැරුණොත් වෙන්නේ රෝගියා මරණයට පත්වෙන එක.ඒ නිසා මේ රෝගය ගැන දැනුවත් වෙලා ඉන්න ගොඩක් වැදගත් දෙයක්.
නියුමෝනියාව කියන්නේ මොකක්ද ?

නියුමෝනියාව එහෙමත් නැත්නම් නියුමනයිටිස් කියන්නේ පෙනහළුවල තියෙන පටක ඉදිමීම නිසා ඇතිවන ආසාදිත තත්ත්වයක්.පෙනහළුවලට විෂබීජයක් ඇතුල් වූ විට පෙනහළුවල පටක එම විෂබීජයට විරුද්ධව ප්‍රතික්‍රියා කරන්නට පටන් ගන්නවා.මේ ප්‍රතික්‍රියාව නිසා පෙනහැල්ලේ ඇති සියලු වායු අවකාශ ඉදිමීමට ලක් වී වායු හුවමාරුවක් ඇති නොවී එම ස්ථානය පැසවන ලද තුවාලයක් බවට පත්වනවා.ඒ තුළින් ඇතිවන ආසාදනයයි නියුමෝනියාවයි
නියුමෝනියාව ඇති කරන්නේ ?
නියුමෝනියාව ඇති කරන බැක්ටීරියාව වන්නේ Strepto coccus pneumonia
මොනවද රෝග ලක්ෂණ
01) සිරුරේ බර අඩු වීම

ඇඟ ටිකක් මහත් වුණාම හරිම කැතයිනේ.අනික මහත් වෙන්නත් ඔයා කැමති නැහැ කියලා මම දන්නවා.ඉතින් අධික බර අඩු කර ගන්න ඔයා gym යනවා ඇති ,එහෙමත් නැත්නම් green tea වර්ග බොනවා ඇති.රටේ නැති හැමදේම කරන්නේ ඉතින් ඇඟ ලස්සන කර ගන්නනේ.හැබැයි කිසිම දෙයක් කරන්නේ නැතුව එක පාරටම බර අඩු වෙනවා නම් ඒක ප්‍රශ්නයක්.
මිට අමතරව මානසික අවපීඩනය ,දියවැඩියාව ,අක්මාව ආශ්‍රිත රෝග ,පෝෂණ ඌණතා සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයන් නිසාද මේ තත්වය ඇති වෙනවා
02) උණ ඇති වීම

උණ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාමයි.නමුත් කිසිම හේතුවක් නැතුව එකපාරටම උණ රෝගය ඇති වෙලා දින 03ක් පමණ හෝ ඊට වැඩි කාලයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් වරින් වර එක දිඟටම උණ ඇති වෙනවා නම් ඒ ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනි.මේ විදිහට දිඟටම පවතින උණ, ක්‍ෂය රෝගය, මුත්‍රා ආසාදන , පිළිකා වගේ රෝග නිසා වෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් ශරීර උෂ්ණත්වය දින තුනකට වැඩි කාලයක් ෆැරන්හයිට් අංශක 103 ට වඩා වැඩි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
03) හුස්ම ගැනීමේදී ඇති වන අපහසුව

හුස්ම ගන්න අපහසු අවස්ථා නම් ඕනී තරම් තියෙනවා.සමහරවිට අධික සෙම නිසා ,එහෙමත් නැත්නම් හතිය තත්වය ඇති විට ,බිය වූ විට ,අධික තරබාරු බව නිසා හුස්ම ගන්න අපහසු වෙනවා.මීට අමතරව බ්‍රොන්කයිටිස්, නියුමෝනියාව, ඇදුම, පෙනහළු තුළ ඇතිවන ආබාධ, හෘදය වස්තුවේ ඇතිවන ආබාධ නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්.ඔයා දැනගන්න ඕනී මේ වගේ හුස්ම ගැනීමේ අපහසුතාවත් එක්කම පපුවේ තද ගතියක් හෝ වේදනාවක්, අධික දහඩිය දැමීම ඇති වෙනවා නම් වෛද්ය උපදෙස් ලබා ගන්න
04) ව්‍යාකූල බව

නොසැලකිලිමත්කම .අසිහියෙන් මෙන් සිටීම ,නුරුස්සනා බව ,සිතීමේ සහ වැඩ කිරීමේ දුර්වලතා ,හඬේ ඇතිවන අපැහැදිලි බව සහ තැතිගත් බව වගේ තත්වයන් පවතිනවා නම් ඔයා කරන්න ඕනී මේ ගැන වෛද්‍යවරයෙක්ට කියන එක.ඒ වගේම විතරක් නෙමෙයි ලබා දෙන ප්‍රතිකාර නිසි පරිදි ලබා ගන්නත් අමතක කරන්න එපා.මේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ මානසික සෞඛ්‍ය පිරිහීම නිසා විතරක් නෙමෙයි.සිරුරේ ඇති වන යම් යම් ආසාදන තත්වයන් සහ පෝෂණ ඌණතා නිසාද මේ තත්වයන් ඇති වීමේ හැකියාව තියෙනවා.
05) අලෝකයේදී ඇති වන අපහසුතා

ඉරුවරාදය එහෙමත් නැත්නම් ගොඩක් අය අතර තියෙන මිග්‍රේන් තත්වය නිසා ඇති වන රෝග ලක්ෂණද මේ නියුමෝනියා තත්වයේදී ඇති වෙනවා.ඒ කියන්නේ තද ආලෝකයේදී ලප හෝ දීප්තිමත් තරු වැනි ආකාරයට පෙනෙනවා නම් ඒ ගැන ටිකක් හිතන්න ඕනී.ඔයාටත් මේ විදිහේ අපහසුතාවයන් පවතිනවා නම් ඒ ගැන බල බල ඉන්න නම් එපා
06) ආහාර අරුචිය

අපි සමහර වෙලාවට දැකලා තියෙනවා මහත අය කන්නේ නැහැ.හැබැයි කෙට්ටු අයට මහත අයට වඩා වැඩි ප්‍රමණයක් ආහාර ගන්න පුළුවන් කියලා.හැබැයි මේ රෝගයේදී නම් පොඩි ප්‍රමාණයක් ආහාර ගත් පසු බඩ පිරුණා වගේ දැනෙනවා. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්ය උපදෙස් ලබා ගැනීම කල යුතුයි.මේ ලක්ෂණ අන්නශ්‍රෝතය , අග්න්‍යාශය වැනි කොටස් තුළ හෝ ජීර්ණ පද්ධතියේ වෙනත් ස්ථානයක ඇති වන රෝගයක් නිසා ඇති වෙන්න පුළුවන්.මිට අමතරව ආහාර ගැනීමෙන් පසු ඔක්කාරය, වමනය, අප්‍රසන්න ගතිය වගේ තත්වයන් ඇති වෙනවා නම් ,එහෙමත් නැත්නම් සිරුරේ බර අඩුවන බව දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න
රෝගය සුව කරන්න පුලුවන්ද ?

මේ රෝගය සුව කරන්න පුළුවන්.ඒ වගේම රෝග තත්වය ගොඩක් වැඩි වුණත් ප්‍රතිකාර කල විටම රෝගය සුව වීම ආරම්භ වෙනවා.තද උණ ,කැස්ස, පපුවේ වේදනාව අඩු වී සුව වන ලක්ෂණයක් තිබුනත් ඖෂධ ලබා දීම නතර කරන්නේ නම් නැහැ.සාමාන්යයෙන් නියුමෝනියාවට ලබා දෙන්නේ ඉතා උසස් වර්ගයේ antibiotic ඒ නිසයි ඉක්මණින් රෝගය සුව වෙන්නේ.ඒ කොහොම වුනත් මේ රෝගීන්ට ලබා දෙන ඖෂධ දිඟටම භාවිතා කරන්න කියලා වෛදවරුන් නියම කරනවා.
ඒ වගේම දරුණු ලෙස රෝගය වැළඳිලා තියෙන කෙනෙක් නම් මුඛයෙන් පමණක් ලබා ගන්නා ඖෂධ ප්‍රමාණවත් වෙන්නේ නැහැ.ඒ සඳහා Antibiotic වර්ග එන්නත් කිරීම සිදු කරනවා.
සුව නොවන අවස්ථා තියෙනවද ?

- නිසි කලට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වුනොත් රෝගය සුව කල නොහැකි තත්වයකට පත් වෙනවා
- HIV රෝගීන් හට මේ රෝගය වැළඳුනහොත් මිය යන්න හැකියාව තිබෙනවා
- ඒ වගේම සිරුරේ ප්‍රතිශක්තිය අඩු අයට ,දියවැඩියා රෝගීන්ට සහ අධික ලෙස මත්පැන් පානය කරන්නන් හට මේ රෝගය වැළඳුනහොත් සුව කර ගැනීමට අපහසු වෙනවා
ඉතින් මේ විදිහට තමයි නියුමෝනියාව ඇති වෙන්නේ.ඔයාට මේ රෝගය නැහැ කියලා මම දන්නවා,ඒ වුණාට ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක හැමෝටම හොඳ නිසා මම ඔයාට ඒ ගැන කියල දෙන්න ඕනී කියලා හිතුවා.නියුමෝනියා රෝගී තත්ත්වය කල් තියා හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තුළින් ඇති වන සංකූලතා අවම කර ගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි රෝගයට ගොදුරුවන පිරිස් සහ ඒ නිසා ඇති වන මරණ ප්‍රමාණයද අවම කරගන්න පුළුවන්



