එක්කෙනෙක්ට වඩා ලස්සන වෙන්නනේ හැමෝම බලන්නේ.ඒකට ඉතින් රටේ නැති face wash වර්ග cream වර්ග use කලාට විතරක් වැඩක් නැහැ.හොඳ result එකකුත් ලබෙන්නම ඕනි.ඒත් මේ දේවල් use කරනවට අමතරව කරන්න පුළුවන් treatment එකක් තමයි face pack කියන්නේ. ගොඩක් වෙලවට ඔයා ගෙවන busy life එක නිසා ඔයාට මේ වගේ treatment කරන්න time එකක් හොයා ගන්නවත් නැතුව ඇති.ඒ වුණත් ඔයාගේ තියෙන time එකෙන් චුටී වෙලාවක් වෙන් කරගෙන මේ දේ කරන්න පුළුවන්,ඔයාට ගෙදරදීත් වැඩ වැඩි නම් face pack එක දාගෙන ඉන්න වෙලාවෙත් වෙන වැඩක් කරන්න පුළුවන්.එතකොට ඔයාගේ වැඩ දෙකම සිද්ද වෙලා.ඉතින් මම ඔයාට කියල දෙන්නම් ගෙදරදීම කර ගන්න පුලවන් face pack කිහිපයක් ගැන.
Homemade treatment
01) සුදු හඳුන් – White sandalwood

අවශ්‍ය වෙන්නේ
- සුදු හඳුන් කුඩු මේස හැන්දක්
- මී පැණි තේ හැන්දක්
මේ විදිහට හදා ගන්න
- සුදු හඳුන් සහ මී පැණි එකට දමා mix කර ගන්න
- මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න
02)මී පැණි සහ ලෙමන් යුෂ – Honey and lemon juice

අවශ්‍ය ද්‍රව්‍ය
- මී පැණි තේ හැන්දක්
- ලෙමන් යුෂ හැන්දක්
සදා ගන්නා ආකාරය
- මී පැණි සහ ලෙමන් යුෂ එකට mix කර ගන්න
- මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න
- විනාඩි 20කට පසු සෝදා හරින්න
03) කෝමාරිකා සත්කාරය – Aloe Vera

අවශ්‍ය ද්‍රව්‍ය
- කෝමාරිකා gel තේ හැන්දක්
- ලෙමන් යුෂ තේ හැන්දක්
- මී පැණි තේ හැන්දක්
භාවිතා කරන්නේ මෙහෙමයි
- ඉහත සඳහන් සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කර ගන්න
- මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න
- විනාඩි 20කින් පසු සෝදා හරින්න
මේ වගේ මිශ්‍රණය හදා ගන්න වෙලවක් නැත්නම් ඔයාට පුළුවන් වෙළඳපොලෙන් හොඳ face pack එකක් මිලදී ගන්න.ඇපල් ,අන්නාසි ,කොමඩු සහ දොඩම් අන්තර්ගත වෙලා තියෙන face pack එකක් ගන්න.ඔයාට ඒ වගේ face pack එකක් ගත්තොත් සමේ ඇති ලප කැළැල් ,ඉවත් කිරීම ,මුහුණේ රැලි වැටීම් ,එල්ලා වැටීම් නැති කර දිදුලන පැහැපත් සමක් ලබා දෙනවා.
ඉතින් shop එකකට ගියහම ඕනී තරම් face pack වර්ග ගන්න තියෙනවනේ.skin එකට damage කරන face pack ගන්නේ නැතුව මෙන්න මේ දේවල් අඩංගු face pack එකක් ගන්න.
ඉතින් දැන් ඔයා skin එක පැහැපත් කර ගන්න කරපු වැරදි treatment නතර කරලා මේ වගේ දෙයක් try කරලා බලන්න.මේ දේවල් වලින් කිසිම side effect එකක් ඇති වෙන්නේ නැති නිසා බය නැතුව use කරන්න පුළුවන්.ඒ නිසා දැන් ඔයාට fair skin එකක් ලබා ගන්න එක dream එකක් නෙමෙයි.මම කියලා දුන්න මේ දේවල් කරලා බලලා ඔයාගේ result helloladies.lk අපිට කියන්නත් අමතක කරන්න එපා.



