Like
Like Love Haha Wow Sad Angry

fashion කියන්නේ හැමෝම කැමති දෙයක්.ගොඩක් වෙලාවට fashion කරනකොට ඔයා වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ hair ,nail ,skin සහ eyebrows ගැනනේ.ඒ විතරක්ද, cream වගේ ආලේපන වර්ග ,hand bag ,clothes ,shoes ,perfume වගේ තව ගොඩක් දේවල් ගැන හොඳට හිතනවා.maybe ඔයා කොච්චර fashion කලත් ඔයාට ලස්සනයි කියලා හිතෙන එක match වෙනවද කියලා හිතුවද?සමහරවිට fashion කරන්න ගිහින් එක එක විදිහේ අකරතැබ්බ වෙලත් ඇති.ඉතින් ඉස්සරහට එහෙම නොවෙන්න මම කියලා දෙන්නම් මොනවද fashion කරනකොට face කරන්න වෙන අකරතැබ්බ කියලා.

01) හිසකෙස් – Hair

Hair style කියන්නේ මේ වෙනකොට ලෝකය පුරාම famous වෙලා තියෙන දෙයක්.මොකද මේ වෙනකොට hair color,hair cutting සහ Hair style ඕනෑම saloon එකකින් කර ගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි හිසකෙස් දිඟු කර ගන්නත් කරන්න ඕනී තරම් දේවල් තියෙනවා.

හැබැයි කොන්ඩේ වෙනුවෙන් කරන්න කොච්චර දේවල් තිබුනත් ඒවා කරන්න කලින් හොඳට හිතන්න ඕනී.ඔයාගේ පෙනුමට, පැහැයට වගේම වයසටත් ගැළපෙන fashion එක select කර ගන්න නම් ඒ ගැන පළපුරුද්දක් තියෙන beautician කෙනෙක්ගෙන් advice ගන්න එක තමයි හොඳම දේ වෙන්නේ.

ඔයා use කරන්නේ chemical based shampoo එකක් නම් ඒක නවත්තන එක ඔයාට හොදයි.මොකද දන්නවද natural hair care ingredients තියන shampoo එකක් use කරනවා වගේ නෙමෙයි shampoo එකේ තියන සැරට ඔයාගේ කොන්ඩේ යන්න ඉඩ තියනවා. හිස්හොරි හැදෙන්නත් පුළුවන්.ඒ වගේ එකක් ගොඩ කාලයක් use කරන්න ගත්තාම හිස්කබලේ rashes ඇතිවෙන්න තියන ඉඩ වැඩි.ඒ වගේම ඔයාගේ ඇස් වලටත් හානි වෙන්න පුළුවන්.ඒ නිසා chemical based shampoo නම් ගන්න හිතන්නවත් එපා.හැමවෙලේම natural hair care ingredients වලට පුරුදු වෙන්න.

ඔයාට පුළුවන් හොද shampoo එකක් use කරන්න.හැබැයි එහෙම එකක් ගන්න කලින් ingredients ගැන හිතන්නම වෙනවා.කෝමාරිකා , තිරිඟු තෙල් තියන shampoo එකක් ඔයා use කරනවා නම් ඔයාගේ හිසකෙස් ප්‍රශ්න වලින් 100% ඔයා නිදහස්. මේ ingredients තියන ලංකාවේ එකම shampoo එක OFFMARKS ALOE VERA SHAMPOO.අර මම කියපු හැම දෙයක්ම මේ shampoo එකේ තියනවා.specially ඔයාගේ කොන්ඩේ ,හිස්කබලේ තියන dry ගතිය නැති කරනවා.

ඒ වගේම තමයි shampoo එකක් use කරනවා නම් conditioner එකක් use කරන්න අමතක කරන්න එපා.ඒ ගැනත් එතින් ඔයාට ගොඩක් හිතන්න වෙනවා.කෝමාරිකා ,සුරියකාන්ත තෙල්,jojoba තෙල්,තිරිගු තෙල් ,සේර තෙල් වගේ ingredients තියෙනවා නම් ගොඩාක් හොදයි.මොකද ඔයාට ඔයාගේ කොන්ඩේ shine එකකුත් එක්කම කොන්ඩේ වාවාගන්න පුළුවන්.මේ හැමදේමත් තියන ලංකාවේ එකම conditioner එකත් OFFMARK ALOE VERA CONDITIONER එක.

02) සම – skin

skin එක කියන්නේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්රිය නිසා සමට සත්කාර කරන්න කලින් හොඳට හිතන්න ඕනී.මොකද beauty product විතරක් නෙමෙයි ඔයා ගන්න food වර්ග නිසාත් විවිධ අසාත්මිකතා ඇති වෙනවා.ඒ නිසා සම කියන්නේ ආරක්ෂා කරගත යුතු දෙයක්.super market එකේ skin එකට තියෙන සමහර සුදුවෙන cream වර්ග නිසාත් ඕනී තරම් අසාත්මිකතා, disease වර්ග ඇති වෙනවා.ඒ විතරක් නෙමෙයි skin එකට නොගැලපෙන face wash / soap වර්ග නිසා pimple ඇති වෙලා මුහුණේ තියෙන ලස්සන නැති වෙනවා.ඉතින් ඒ විදිහට ලස්සනට තියෙන මුහුණ කතා කර ගන්නේ නැතුව beauty product ගන්න කලින් ගැලපෙන එක select කර ගන්න.ඔයාට තනියම ඒක කර ගන්න බැරි නම් beautician කෙනෙක්ගෙන් help එකක් ගන්න.

03) Make – up සහ Perfume

හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න.ඒක නිසා ඉතින් දකින දකින make – up වර්ග ගන්න පෙළඹෙනවා.හැබැයි ඉතින් මේ විදිහට දකින දකින product ගන්න ගියොත් ඔයාම තමයි අමාරුවේ වැටෙන්නේ.මොකද තව කෙනෙක්ට ලස්සන දෙයක් ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ස්වභාවික වර්ණයට නොගැලපෙන lipstick සහ nail polish ,Foundation වගේ ආලේපනත් නිසා ඔයාගේ තියෙන ලස්සනත් නැති වෙන්න ඉඩ තියෙනවා.බැර ලෝහ වගේ අඩංගු product , ගුණාත්මකභාවයෙන් අඩු ආලේපන සහ අධික සැර සුවඳ වලින් තියෙන Perfume use කරන නිසා ඔයාගේ natural look එකට හානි වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි.

04) සපත්තු, ඇඳුම් සහ අත්බෑග් – Shoes, clothes and handbags

fashion කරනකොට මේ දේවල් නම් අනිවාර්යයෙන්ම හිතන දෙයක්.ඇඳුමක් ගත්තත් එකට ගැලපෙන Shoes,handbags ගන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා.මොකද තමන්ට හොඳින්ම ගැලපෙන ඇඳුම් සහ අත්බෑග් විලාසිතා අනුගමනය කිරීමෙන් හොඳ පෙනුමක් ලබාගන්න පුළුවන්.හැබැයි ඉතින් ඔයා ලොකු මුදලක් දීලා පෙනුම විතරක් තියෙන, ප්‍රමිතියෙන් අඩු clothes සහ bags ගත්තොත් නම් ඉක්මනින් කැඩී යන්න ඉඩ තියෙනවා.ඒ විතරක් නෙමෙයි සිරුරට අපහසු material වලින් නිර්මාණය කරලා තියෙන ඇඳුම් නිසා විවිධ අපහසුතාවයන් වලට ලක් වෙනවා.

අනිත් කාරණාව තමයි ඔයා high heels දිඟු කාලයක් use කරනවා නම් උකුල, වළලුකර ආශ්‍රිත ආබාධ ඇති වෙනවා කියලා පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.ඒ වගේම ප්‍රමිතියෙන් අඩු Shoes නිසා තුවාල, ආසාදන ඇතිවෙන්න පුළුවන්.ඒ නිසා මේ දේවල් මිලදී ගන්න කලින් හොඳින් සිතා බලනවා නම් හොඳයි.

ඉතින් දැන් තේරෙනවනේ fashion කරන්න කලින් හිතන්න කොච්චර දේවල් තියෙනවද කියලා.beauty product කියන්නේ කෙනෙක් ලස්සන කරන්න තියෙන දෙයක් වුනත් හැමදේම හැමෝටම ගැලපෙන්නේ නැහැ.ඒ නිසා ඔයාට අවශ්‍ය beauty product ගන්න කලින් හොඳ හිතන්න වෙනවා.ඒ විතරක් නෙමෙයි ඔයාගේ shoes, clothes වගේම bag වගේ දේවල් ගන්න කලින් ගැලපෙනවද කියලා මුලින්ම බලන්න.ඊට පස්සේ තමයි මිලදි ගන්නවද නැද්ද කියන එක ගැන හිතන්න වෙන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here