අන්නාසි කියන්නේ ගොඩක් අය කන්න කැමති පළතුරක්.ඒත් අන්නාසි හැමදාම කන්නේ එකම විදිහටනේ.ඒ නිසා අපි පොඩි වැඩක් කරමු.හැමදාම කන අන්නාසි වෙනස්ම විදිහකට හදලා කමු.මේක ඉතින් ඔයාට ගෙදරදීම හදා ගන්න පුළුවන් recipe එකක්. බලමු කොහොමද හදන්නේ කියලා.

මොනවද අවශ්‍ය වෙන්නේ?
- ටින් කිරි ටින් 01 ක්
- කස්ටඩ් පැකට් 01 ක්
- වැනිලා තේ හැඳි 02 ක්
- චොකලට් පවුඩර් මේස හැඳි 02 ක්
- ස්ටු කර ගත් අන්නාසි පෙති සහ කැබැලි අවශ්‍ය තරම්
කොහොමද හදාගන්නේ ?
- ටින් කිරි ප්‍රමාණයට සමාන වතුර ප්‍රමාණයක් mix කරලා අවශ්‍ය ප්‍රමාණයක් ඒකට සීනි එකතු කරගන්න .
- ඊට පස්සේ ඒක හොඳින් mix කර ගන්න.
- ඊළගට කස්ටඩ් පැකට් එක උණු වතුර අඩු කෝප්ප එකක දිය කර ගන්න
- දැන් කලින් හදා ගත්ත කිරි මිශ්‍රණයත් එක්ක කස්ටඩ් මිශ්‍රණය mix කරලා රත්වෙන්නට තියන්න.
- ඊට පස්සේ මිශ්‍රණය බුබුළු දලා රත්වෙනකොට කස්ටඩ් ළිපෙන් ඉවත් කරගෙන කොටස් දෙකකට බෙදා ගන්න.
- මේකෙන් එක් කොටසකට චොකලට් පවුඩර් mix කරගන්න ඕනි.
- අනෙක් කොටසට වැනිලා මිශ්‍ර කරන්න.
- දැන් බෝල් එකක් අරගෙන කස්ටඩ් මිශ්‍රණයෙන් කොටසක් අතුරලා උඩින් ස්ටු කරපු අන්නාසි අතුරන්න.
- අන්තිමට චොක්ලට් mix කරලා හදාගත්ත කස්ටඩ් මිශ්‍රණය ඊට උඩින් දලා ආයෙත් ස්ටු කර ගත්ත අන්නාසි අතුරගන්න.
බලන්නකෝ කොච්චර ලේසිද කියලා.ගෙදර එන අමුත්තන්ට දෙන්නත් ඉක්මනින්ම හදාගන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි Dessert එකක් විදියටත් මේක හදාගෙන රස බලන්නත් පුළුවන්



